IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උප ඇමැති ආරක්ෂක සැකපිට

රාත්‍රී කාලයේ දැව ප්‍රවාහණය කළ බව කියන ගනේමුල්ලේ ලීමඩු හිමිකරුවකුගෙන් රුපියල් 15000ක්  ඉල්ලා ඉන් රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් බව කියන ගම්පහ  පොලිසියේ  කොස්තාපල්වරයෙක් අද (1) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

 තවත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව  පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා  නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ආරක්ෂාවට යොදවනු ලැබුවෙකියි පොලිසිය පවසයි.

සැප්තැම්බර 21 වැනිදා ‍අලුයම පහට පමණ දැව සහිත ලොරිය ගනේමුල්ල කඩවත පාරේ ගමන් කරමින් තිබියදී කොස්සින්නේදී සිවිල් ඇඳගත් දෙදෙනකු අත දමා ලොරිය නවතා ඇත.

සවස හයේ සිට උදේ හය දක්වා දැව ප්‍රවාහනයට අවසර නොදේ. සාමාන්‍ය ඇදුමින් සිටි දෙදෙනා ලීමෝල් හිමිට පවසා ඇත්තේ තමන් පොලිසියේ බවයි. අලුයම ලීබඩු ප්‍රවාහණය කිරීම වරදක් බවත්, ලොරිය පොලිසියට රැගෙන යෑමට සිදු වන බවත්, එලෙස නොකිරීමට නම් රුපියල් 15,000ක් ඔවුන් ඇල්ලා ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

 ලීමඩු හිමිකරු පොලිසියේ දෙ‍දෙනා අසල නිවසකට කැඳවාගෙන ගොස් තමන් සතුව ඇත්තේ රුපියල් පන් දහසක් පමණක් බවත්, ඉතිරි මුදල් පසුව ලබා දීමට කටයුතු කරන බවත් පවසූ විට පොලිස් නිලධාරීන් දෙදෙනා රුපියල් පන් දහසල ඉල්ලා ඇතැයි කියති.

ලීමඩු හිමිකරු එම නිවසේ සවි කළ කැමරාවක් යටට ගොස් රුපියල් පන්දහසක මුදල ලබා දී ඇත.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඉතිරි මුදල පසුව ලබා දෙන්නැයි කියමින් දුරකතන අංකයක්   දී පිටව ගොස් තිබේ.

ඔවුන් පිටව ගිය පසු ගනේමුල්ල පොලිසියට ගොස් ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිත් මහතා  පරීක්ෂණ ආරම්භ කර මුදල් ලබා ගත් නිවසේ කැමරාවේ පටිගත වූ දර්ශන නිරීක්ෂණය කර තිබේ.

සැකකරුවන් දර්ශනය වුවත් ඔවුන් හදුනා ගැනීම අපහසු නිසා සැකකරුවන්  දුන් දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ කරගෙන යද්දී එය මිනුවන්ගොඩ කාන්තාවක අයත් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ අනුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා එම දුරකතනය භාවිත කරන බත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ඔහු ගම්පහ පොලිසියට අනුයුක්තව  නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්ෂාවයට යොදවු ලැබ ඇතැයි අනාවරණය කරගෙන ඒ බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාට දන්වීමෙන් පසු ඒ මහතා විසින් සැකකාර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සමග කප්පම් ගත් බව කියන අනෙක් පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුරයේ පදිංචිකරුවකු බවත්, ඔහු නිවාඩු ගොස් ඇති නිසා අත්අඩංගුවට ගැනීමට සොයන බවත් පොලිස් ආරංචි කියයි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර සහ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිත් මහත්වරු පරීක්ෂ පවත්වති.



අදහස් (0)

උප ඇමැති ආරක්ෂක සැකපිට

උපාලි Wednesday, 02 October 2013 02:30 AM

ගම්පහ උසස් පොලිස් නිලධාරීන් හොඳයි වගේ. මේ තත්ත්වයම කොස්තාපල්වරුන්ගෙන් ඉහළ අය සම්බන්ධයෙනුත් අනුගමනය කරනවා නම් ඔබට කවුරුත් තුති පුදයි. එහෙම සිදු නොවීම ගැන පුවත්පත් වලින් දුටුව නිසයි මං කිව්වේ. (නි)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 03:52 AM

"නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ආරක්ෂාව"...... දැන් ඉතින් කොට උඩ? (නි)

:       0       0

ආරියෙස්න Wednesday, 02 October 2013 06:18 AM

ජීවත්වීමට හරි හැටි වැටුපක් නොමැති නිසා මෙම දේවල් කරනවා ඇති (නි)

:       0       0

අස්මිත් Wednesday, 02 October 2013 06:37 AM

ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය නිසා තමයි ඔය කියන ආරක්ෂක භටයන්/නිදන් හොරුන්/දැව ජාවාරම්/මත්ජාවාරම්කරුවන් අද කිසි භිතියකින් තොරව රට විනාශය කරා ගෙන යන්නේ (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 07:01 AM

පොඩි අය පොඩි ගානක් සාක්කුවට දාගත්තොත් අල්ලන්න ඕනෑ තරම් අය ඉන්නවා, ලොකු ලොකු අය ලොකු ලොකු කුට්ටි ගහනකොට අල්ලන්න ලංකාවේ කවුරුත් නැති එකයි ප්‍රශ්නය. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 02 October 2013 08:05 AM

නියෝජ්‍ය ඇමතිතුමා මේකට ගාවා ගන්න එපා. අපේ ඇමතිවරු හොඳ අය. ඔවුන් ඔය සිල්ලර වැඩ කරන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 08:11 AM

කොහොමද ටිකිරි මො‍ළේ? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 08:13 AM

මින්පසු මෙවන් වැඩ කිරීමට පෙර කැමරා සවිකර ඇද්දැයි සොයා බලන්න (නි)

:       0       0

පද්මිණී Wednesday, 02 October 2013 09:21 AM

දැන් ඉතින් නියෝජ්‍ය ඇමතිගෙන් මෙයාට ආරක්ෂාව ලැබෙයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 02 October 2013 10:36 AM

ඔය කියන වෙලාව තුල දැව භාණ්ඩ හෝ දැව ප්‍රවාහනයට අවසර නොමැති වුවත්, ඔය සිද්ධියට මුදල් නොදී නඩු දාන්න කිවුවා නම් මේ තත්වය වෙනස් වෙන්න තිබුනා. (ස)

:       0       0

අනු Wednesday, 02 October 2013 11:19 AM

රාජකාරි වේලාවෙන් පිට සිවිල් ඇඳගත් පුද්ගලයන්ට රාජකාරි වැඩ කරන්න පුලුවන්ද ? එහෙම වුනොත් මේ වගේ උන් හැම වෙලේම පාගා ගනීවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site