රාත්‍රී කාලයේ දැව ප්‍රවාහණය කළ බව කියන ගනේමුල්ලේ ලීමඩු හිමිකරුවකුගෙන් රුපියල් 15000ක් ඉල්ලා ඉන් රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් බව කියන ගම්පහ පොලිසියේ කොස්තාපල්වරයෙක් අද (1) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
තවත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ආරක්ෂාවට යොදවනු ලැබුවෙකියි පොලිසිය පවසයි.
සැප්තැම්බර 21 වැනිදා අලුයම පහට පමණ දැව සහිත ලොරිය ගනේමුල්ල කඩවත පාරේ ගමන් කරමින් තිබියදී කොස්සින්නේදී සිවිල් ඇඳගත් දෙදෙනකු අත දමා ලොරිය නවතා ඇත.
සවස හයේ සිට උදේ හය දක්වා දැව ප්‍රවාහනයට අවසර නොදේ. සාමාන්‍ය ඇදුමින් සිටි දෙදෙනා ලීමෝල් හිමිට පවසා ඇත්තේ තමන් පොලිසියේ බවයි. අලුයම ලීබඩු ප්‍රවාහණය කිරීම වරදක් බවත්, ලොරිය පොලිසියට රැගෙන යෑමට සිදු වන බවත්, එලෙස නොකිරීමට නම් රුපියල් 15,000ක් ඔවුන් ඇල්ලා ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
ලීමඩු හිමිකරු පොලිසියේ දෙදෙනා අසල නිවසකට කැඳවාගෙන ගොස් තමන් සතුව ඇත්තේ රුපියල් පන් දහසක් පමණක් බවත්, ඉතිරි මුදල් පසුව ලබා දීමට කටයුතු කරන බවත් පවසූ විට පොලිස් නිලධාරීන් දෙදෙනා රුපියල් පන් දහසල ඉල්ලා ඇතැයි කියති.
ලීමඩු හිමිකරු එම නිවසේ සවි කළ කැමරාවක් යටට ගොස් රුපියල් පන්දහසක මුදල ලබා දී ඇත.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඉතිරි මුදල පසුව ලබා දෙන්නැයි කියමින් දුරකතන අංකයක් දී පිටව ගොස් තිබේ.
ඔවුන් පිටව ගිය පසු ගනේමුල්ල පොලිසියට ගොස් ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිත් මහතා පරීක්ෂණ ආරම්භ කර මුදල් ලබා ගත් නිවසේ කැමරාවේ පටිගත වූ දර්ශන නිරීක්ෂණය කර තිබේ.
සැකකරුවන් දර්ශනය වුවත් ඔවුන් හදුනා ගැනීම අපහසු නිසා සැකකරුවන් දුන් දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ කරගෙන යද්දී එය මිනුවන්ගොඩ කාන්තාවක අයත් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ අනුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා එම දුරකතනය භාවිත කරන බත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඔහු ගම්පහ පොලිසියට අනුයුක්තව නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්ෂාවයට යොදවු ලැබ ඇතැයි අනාවරණය කරගෙන ඒ බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාට දන්වීමෙන් පසු ඒ මහතා විසින් සැකකාර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සමග කප්පම් ගත් බව කියන අනෙක් පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුරයේ පදිංචිකරුවකු බවත්, ඔහු නිවාඩු ගොස් ඇති නිසා අත්අඩංගුවට ගැනීමට සොයන බවත් පොලිස් ආරංචි කියයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර සහ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිත් මහත්වරු පරීක්ෂ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ උසස් පොලිස් නිලධාරීන් හොඳයි වගේ. මේ තත්ත්වයම කොස්තාපල්වරුන්ගෙන් ඉහළ අය සම්බන්ධයෙනුත් අනුගමනය කරනවා නම් ඔබට කවුරුත් තුති පුදයි. එහෙම සිදු නොවීම ගැන පුවත්පත් වලින් දුටුව නිසයි මං කිව්වේ. (නි)
"නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ආරක්ෂාව"...... දැන් ඉතින් කොට උඩ? (නි)
ජීවත්වීමට හරි හැටි වැටුපක් නොමැති නිසා මෙම දේවල් කරනවා ඇති (නි)
ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය නිසා තමයි ඔය කියන ආරක්ෂක භටයන්/නිදන් හොරුන්/දැව ජාවාරම්/මත්ජාවාරම්කරුවන් අද කිසි භිතියකින් තොරව රට විනාශය කරා ගෙන යන්නේ (නි)
පොඩි අය පොඩි ගානක් සාක්කුවට දාගත්තොත් අල්ලන්න ඕනෑ තරම් අය ඉන්නවා, ලොකු ලොකු අය ලොකු ලොකු කුට්ටි ගහනකොට අල්ලන්න ලංකාවේ කවුරුත් නැති එකයි ප්‍රශ්නය. (නි)
නියෝජ්‍ය ඇමතිතුමා මේකට ගාවා ගන්න එපා. අපේ ඇමතිවරු හොඳ අය. ඔවුන් ඔය සිල්ලර වැඩ කරන්නේ නැහැ. (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
මින්පසු මෙවන් වැඩ කිරීමට පෙර කැමරා සවිකර ඇද්දැයි සොයා බලන්න (නි)
දැන් ඉතින් නියෝජ්‍ය ඇමතිගෙන් මෙයාට ආරක්ෂාව ලැබෙයි.(නදී)
ඔය කියන වෙලාව තුල දැව භාණ්ඩ හෝ දැව ප්‍රවාහනයට අවසර නොමැති වුවත්, ඔය සිද්ධියට මුදල් නොදී නඩු දාන්න කිවුවා නම් මේ තත්වය වෙනස් වෙන්න තිබුනා. (ස)
රාජකාරි වේලාවෙන් පිට සිවිල් ඇඳගත් පුද්ගලයන්ට රාජකාරි වැඩ කරන්න පුලුවන්ද ? එහෙම වුනොත් මේ වගේ උන් හැම වෙලේම පාගා ගනීවි. (ස)