හෝමාගම, හබරකඩදී පොලිසියේ රාජකාරියට අවහිර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අදත් හෝමාගම අධිකරණයට පැමිණියේ නැත. නියෝජ්‍ය ඇමැති අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සිදුවීම නිසා ඔහුට මානව හිමිකම් කොමිසමට යෑමට සිදුවූ බවත් ලබන 26 වැනිදා ඔහු නොවරදවාම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහුගේ නීතිඥවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට වෙනම නීතියක්ද? (නි)
බලය තියෙන්න ඕන හොඳ මිනිස්සු ළඟ (බ)
මිනිහත් විමල් වීරවංශ වාගේ කෙනෙක් , දැන්ම නීතිය රකින පොලිසිය එක්ක හැප්වෙනවානම් දිනුවට පස්සේ කොහාම කරයිද? පොලිස් නිලදාරීන්ට ගෙදර යන තැනට කටයුතු කරන්නේද? (බ)
දැනටම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද? (නි)
මේ පුද්ගලයා තවත් නීතියට ගරු නොකරන කෙනෙක්. මොහුගේ ඔලුවත් දැන් ඉදිමිලා වගේ පෙනෙන්නේ. හරියට බලය ලැබුනොත් මොනවා නොකරයිද? (නි)
මෙතුමාගේ ක්‍රියාකලාපය අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් නොවේද? මට නම් නීතිය ගැන සොච්චම් දැනුමක් වත් නැති නිසයි මෙහෙම අහන්නේ.(නදී)
රටක නීතියට ගිය කල! (නි)
සුජීව මහත්තය හිතට අරන් වැඩි චරිතයක් වෙලා. ඉතා කණගාටුවෙනවා. (ම)
අනේ මට තේරෙන්නේ නැත්තේ අපේ රටේ මිනිස්සුන්ට මොලේ නැත්තේ අැයි කියලා (නදී)
දැන්ම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද? (නි)
මහින්දගේ කාලයට වඩා අද නීතිය ක්‍රියාත්මක වෙනවා. (නි)
ඡන්දේ කරලම ඒවි (අ)
නීති කඩලා,වැරදි ආදර්ශයක් රටට දෙන මෙවැනි අය පාර්ලිමේන්තුවට යවන්න එපා (නි)
අපේ යහ පාලනය (බ)
අනේ මන්ද මෙතුමා ගැන මොනවා කියන්නද කියල මටනම් හිත දේන්නේම නැහැ (ම)
මෙම සිදුවීමෙන් පෙනෙන්නේ අපි සැවොම යටත් වන ,ගරු කළ යුතු ,නීතියේ ඇති අඩුපාඩුවක් ද ..? පන නැති කම ද...? නිවටකමද..? (බ)