IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උප අමැති ‘හිර ගෙයක්‘ වහයි

ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීමෙන් වැසීගෙන ගිය මාදිවෙල රාහුල විද්‍යාලය ආරක්ෂා කර සංවර්ධනය කර දෙන ලෙස මහරගම නියෝජ්‍ය නගරාධිපති සුනිල් කොඩිතුවක්කු මහතා, ප්‍රදේශවාසීන්ගේ හා ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුව කොළඹ දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසල යළි ප්‍රතිසංස්කරණ  කටයුතු ඇරැඹිය.

එහි මුලික අදියර යටතේ  විද්‍යාලයයේ පුර්ව පාසල අංග සම්පුර්ණ ලෙස නවීකරණය කැර  සිසු අයිතියට පත් කැරිණි. IMG_7604 IMG_7642 IMG_7648 IMG_7664 IMG_7688 IMG_7773 IMG_7776

 

 

 



අදහස් (0)

උප අමැති ‘හිර ගෙයක්‘ වහයි

අංජන Friday, 05 September 2014 07:00 AM

ග්‍රේරු සර් ට හොඳට සල්ලි තියනවා. ඉල්ලීමක් කරොත් කාට උනත් උදව් කරයි. (ස)

:       0       0

විධුෂක Friday, 05 September 2014 07:19 AM

මේකේ දෙවැනි පින්තුරය බැලුවහම මෙතුමා දැන් ඉන්න දේශපාලකයන්ට හොඳ ආදර්ශයක් දීල තියනවා. (ස)

:       0       0

කසුන් සෙනෙවිරත්න Thursday, 04 September 2014 03:14 PM

මම මෙතුමා දකින්නේ දේශපාලකයෙකු ලෙස නොවේ. අපේ රටේ යමක් අලුතින් හිතන්න පුලුවන්, නිර්මාණාත්මක චින්තකයෙක්, විද්වතෙක් ලෙසයි. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 04 September 2014 04:17 PM

ආදර්ශවත් මහත්මයෙක්. රටේ අනාගත පරපුර වෙනුවෙන් නිහඩව බොහෝ දේ කරන පින්කඳක්. වැඩි වැඩියෙන්ම ලැබේවා! (නි)

:       0       0

අසන්ක Friday, 05 September 2014 09:57 AM

කුහක නොවී හොඳ දෙයට හොඳයි කියන්න පුරුදු වෙමු (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 September 2014 11:25 AM

අපේ ග්‍රේරු මහත්තයා අත තිබ්බොත් හොඳ යහපත් වැඩකටම තමයි (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 September 2014 11:25 AM

මෙන්න නියම දේශපාපඥයින්. රටට ඕනේ මේ වගේ අය තමයි (නදී)

:       0       0

දිලානි රණසිංහ Thursday, 04 September 2014 11:26 AM

රටට ආදර්ශමත් උප ඇමති කෙනෙක්. අද දේශපාලනයට එන බොහෝ දෙනා කරන්නේ හම්බ කරන එක. මේ යුගයේත් අනේ පිඩු සිටු වරයෙක් සේම දිසාපාමොක් වරු සිටින එක අසන්නට දකින්නට ලැබීමද වාසනාවකි. ඉතා ඉක්මනින් උප නොව ඇමති වී මේ රටේම දරුවන්ගේ නැණස පාදන්නට ඔබට අවස්ථාව උදාවේවා කියා හදවතින්ම පතමු. (නදී)

:       0       0

රුවන් කුමාර - මහරගම Friday, 05 September 2014 02:02 AM

කෝ අපේ ඇමති තුමා, කයිවාරු නැතිව උප ඇමති වත් ආදර්ශයට අරන් වැඩ කලා නම් නේද වටින්නේ? මට මෙහෙම හිතුනේ මෙතන මුල් වෙලා තියෙන දෙදෙනාම නියෝජ්‍ය අය. බලන්න නියොජ්‍ය නගරාධිපති, නියෝජ්‍ය ඇමති. දෙදෙනාටම ඉහල තැනට යන්නට ,සුබ පතමි. ඔබේ උත්සාහය මිල කල නොහැක. (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 September 2014 12:44 PM

දැක්කත් ඇති. පිරිපුන් වාසනාවන්ත මුහුණක්. ගෙදරක එල්ලලා තිබ්බත් පව් නැහැ (නදී)

:       0       0

ෆාරු Friday, 05 September 2014 03:13 AM

පුද්ගලික පාසල්වලින් ගරාගෙන මේ වාගේ පොඩි සොච්චමක් කරපු එකත් හොඳයි (නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 September 2014 01:13 PM

අපේ ග්‍රේරු මහත්තයා උෟවෙන් පස්සේ මේ පැත්තට එන්ඩ. හොඳ මහත්තයෙක්. (නදී)

:       0       0

තේජාන්විත Friday, 05 September 2014 04:10 AM

ෆාරු, කුහක කතා කියන්න එපා (නි)

:       0       0

නිර්මල් පෙරේරා Thursday, 04 September 2014 02:05 PM

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය තුමනි, දැන් ඔක්කොම හරි. (නදී)

:       0       0

පුබුදු Friday, 05 September 2014 06:07 AM

කෝ මේ අපේ බන්දුල ඇමති තුමා ? (අ)

:       0       0

නලීන් Thursday, 04 September 2014 02:47 PM

මෙච්චර ඇමතිලා උප ඇමතිලා ඉන්න රටේ හරිහැටියට විභාගයක්වත් තියාගන්න බැරි එක ගැනයි අපිට දුක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site