
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව යම් යම් කණ්ඩායම් වල සහන කපලා තව පිරිසකට සහන දීලා තියෙන බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂයේ කෑගහන උදවිය ඒ සහන කැපුණු ගොඩට අයත් වී ඇතැයිද අමාත්යවරයා කීය.
"දැන් ජනතාවට සියලුම සහන ලැබිලා කියා මා කියන්නේ නැහැ.ජීවන වියදම ඉහළ ගිහින්. මීට වැඩිය බරපතල අවධීන් මිනිස්සු පහු කරල තියෙන්නේ.අපේ ආණ්ඩුව ජනතාවට දිය හැකි හැම සහනයක්ම ලබාදෙන බව ජනතාව හොඳින්ම දන්නවා.හැබැයි මම එක දෙයක් පිළිගන්නවා. අපේ ආණ්ඩුව යම් යම් කණ්ඩායම් වල සහන කපලා තියෙනවා.තව පිරිසකට සහන දීලා තියෙනවා.සහන කැපිච්ච ගොඩට අයත් වෙලා තියෙන්නේ විපක්ෂයේ චෝදනා නගන උදවිය.සහන ලැබිච්ච ගොඩේ ජනතාව ඉන්නවා.අපි ඇවිල්ලා පාර්ලිමේන්තු විශ්රාම වැටුප් පණත අහෝසි කළා.ඒ කියන්නේ මෙයාලගේ සහනෙ කැපුනා.එතකොට ඒ අයට අමාරුවක් ඇති. අපි ඒක පිළිගන්නවා.ඊළඟට මේ රටේ විශ්රාමික ජනාධිපති පනත කියල එකක් තිබුණා. සෑහෙන්න බෙදා හදා ගත්තා.අපි ඒකත් කැපුවා.දැන් ඒ පැත්තට යම් උද්ධමනයක් ඇති යනුවෙන්ද අමාත්යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd