මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ”පුරකලනි” ටෙලි මාලාවේ ප‍්‍රධාන චරිතයක් සමග ආලින්දයට පැමිණෙන ඇය මධූ නිත්‍යානිය. නාලන් මෙන්දිස්ගේ ‘‘අංගනා’’ නාට්‍යයේ ‘‘ශානි’’ චරිතය නිසා බොහෝදෙනා අතර කතා බහට ලක්වූ ”මධූ” පුරකලනිට මැදිවූ මොහොතක සඳැල්ල සමග ඇය පිළිසඳරකට එක්වුණේ මෙලෙසිනි.
මධූ බොහෝදෙනා කතා වෙනවා, ඔබ සමාජ සේවයට ගිහින් කියලා. මොකක්ද ඒකට විශේෂ හේතුව? දේශපාලනයට ඒමටවත් අදහසක් තියෙනවද?
ඇත්තටම සමාජ සේවය කියන්නෙ මගෙ ජීවිතයේ කුඩා කාලයේ ඉඳලාම කරගෙන ආ දෙයක්.
මොන හේතුවක්ද කියලා මම දන්නෙ නැහැ. සමාජ සේවයට මම පුදුම ආසයි.
රංගනයට ඒමට පෙර ඔබ ගුරුවරියක ලෙස කටයුතු කළා නේද?
ඔව් ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක ලෙස කටයුතු කළා. ඊට ප‍්‍රධානම හේතුව මගේ අම්මත් ගුරුවරියක ලෙස කටයුතු කිරීම නිසයි. ඒ නිසාම මටත් ආසාවක් තිබුණා.
ඔබ දාන දෙන්න රටපුරා සංචාරය කරනවා කියලත් ආරංචියි?
අපේ සීයා, ආච්චිගෙ සිට දෙමාපියන් නිසා ආව ආභාසයක් ඒක. ලංකාවේ බොහෝ පළාත්වලට ගිහින් අපි ඒ කටයුතු කරනවා. එයින් පුදුම සහනයක් මනසට ලැබෙන්නෙ.
පවුලේ එකම දරුවා ලෙස ඔබ රංගන ක්ෂේත‍්‍රයට පිවිසීම ගැන දෙමාපියන්ගෙ බලපෑමක් තිබුණෙ නැද්ද?
මුල් අවස්ථාවලදී අකමැති වුණා. ඒත් අම්මා රූගත කෙරෙන පරිසරයට මාත් එක්ක ඇවිත් එහි සිදුවන දේ සොයා බැලූවා. ඒ පරිසරය සැබැවින්ම හැකියාව ඇති අයට යහපත් පරිසරයක්. ඉතින් දැන් දෙමාපියන් දන්නවා මෙය හොඳ ක්ෂේත‍්‍රයක් කියලා.
ගුරුවරියක වූ ඔබ රඟපෑමට අවස්ථාව ලබාගත්තෙ කොහොමද?
ගිගල්ස් ජාත්‍යන්තර පාසලේ උගන්වන කාලයේදී ”සිරස පුංචි පහේ මං” වැඩසටහනකට සහභාගීවීමට ළමුන් පිරිසක් එක්ක සිරසට ආවා. සිරස ආයතනයේ නිර්මාණකරුවන් මාව දැකලා ”සිහින වසන්තයට” ආරාධනා කලා. ඒ හරහා තමයි රංගනයට ආවේ. ඊට පස්සෙ නාලන් මහතාගේ ”ඔබ කවුද” නාට්‍යයේ රඟපෑම නිසා බොහෝ ප‍්‍රතිචාර ලැබුණා.
හරි, ඔබ කවුද? කියලා අපි ඇහුවොත්?
ගොඩක් සංවේදී කෙනෙක්. කාටහරි උදව්වක් ඕනෑ වුණාම කවදාවත් පැහැර හරින්න හිතෙන්නෙ නැහැ. කාට හරි උදව්වක් ඕනෑ වුණොත් මම එතැන ඇති.
ඒකද වාහනය පදවාගෙන යනකොට තැනින් තැන නවත්වමින් යන්නෙ?
අසරණ මිනිස්සු මග දෙපසදී දුටුවොත්, නවත්වලා කීයක් හරි දීලා යනවා. ඒ නිසයි එහෙම කරන්නෙ.
ඇයි ඔය තරමට ඔයාගෙ හිත උණුවෙන්නෙ?
මම හිතන්නෙ ගිය ආත්මයේ ඉඳලා ගෙනෙන දෙයක් වෙන්න ඇති. මගේ ගෙවීගිය සෑම උපන්දිනයකටම වාගේ උත්සව ගැනීම වෙනුවට දානය දීම තමයි කරලා තියෙන්නෙ.
මේ ජීවන ගමන යන්න ඔබේ ජීවිතයට බැඳුනු චරිතයක් සිටිනවද?
බොරු කියන්නෙ මොකටද, ඉන්නවා.
අපි දන්නා විදියට එය ලොකු පේ‍්‍රම කතාවක්. එහෙම නේද?
ඔව් අපේ බැඳීම ඇතිවුණේ කුඩා කාලයේදීම වාගෙයි. දැන් අවුරුදු දහයකටත් වැඩියි.
ඒ ගෙවීගිය දිගු කාලය ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?
මම හිතන්නෙ එය ආත්මීය බැඳීමක් වෙන්න ඇති. ඒත් ඉතින් ඉදිරිය ගැන අපට පේන කියන්න බැහැනෙ.
විවාහයත් අත ළඟමද?
නැහැ, තවම වයස 24 නෙ.
රංගනය හැර තවත් දක්ෂතා මොනවද?
නැටුමට දක්ෂයි. යාන්තමට සිංදුවක් එහෙමත් මුමුණන්න පුළුවනි.
ඒ විදියට හොඳට මුමුණන්න පුළුවන් ගීතයක් සඳහන් කළොත්?
”ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්”
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදව්වක් නම්? ‘මධූ නිත්‍යානි’ තමයි ඉතිං