IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උදව්ව පස්සෙන් පන්නයි

ඉතාලියේ මොන්සා නගරයේ බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගත් පනස්හැවිරිදි ලාංකික කාන්තාවක ළඟට පැමිණි හොඳින් ඇඳගත් ආචාරශීලීව කතා කළ තරුණයන් දෙදෙනෙකු කීවේ තමන් සුපර්එනලොත්තෝ නම්වූ සුදුවකින් වීශාල මුදලක් ජයගෙන ඇති බවයි. එම මුදල ලබාගැනිමට ඔට්ටු අල්ලන ස්ථානයක් සොයාදෙනමෙන් ඉල්ලා ඇත.එසේම කරණ උදව්වට යම් මුදලක් දෙන්නට පොරොන්දු වී ඇත.

පසුව කාන්තාව අමුත්තන් දෙදෙනාව ඔට්ටු අල්ලන ස්ථානයට කැඳවාගෙන ගොස් පෙන්නා, තමන්ගේ වැඩට යාමට සැරසෙනවිට ඇයගේ මුදල් සහිත බැගය උදුරාගෙන සොරු දෙදෙනා පලාගොස් ඇත.

 



අදහස් (0)

උදව්ව පස්සෙන් පන්නයි

සුගුනවති Thursday, 04 September 2014 03:07 PM

කොහෙත් ඔහොම තමයි. කාටහරි ගිනිගෙඩියක් දීලා තමන්ගේ මඩිය හදාගන්න බලන්නේ.ලංකාවේ වැදගත් මහත්වරු නෝනලා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 04 September 2014 10:22 AM

වෙන්න පුළුවන්. එදා මම පාරේ යනකොට කැනඩාවේ කෙල්ලො වගයක් ස්වයංක්‍රීය සිගරැට් යන්ත්‍රයකින් සිගරැට් ගන්න දගලනවා. මගෙන් උදව් ඉල්ලුවා. එයාලා ලඟ ඉතාලියේ නීත්‍යානුකූල හැඳුනුම්පතක්/රියදුරු බලපත්‍රයක් නැති නිසා (සංචාරකයන් බැවිනි) එම යන්ත්‍ර ක්‍රියා කරවන්න බැහැ. මම ලඟම තියෙන ටොබැකෝ සෙන්ටර් එකට ඇරලුවා. හැබැයි එයාලනම් මාව උදුරගෙන යන්න හැදුවෙ නෑ (නදී)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 10:20 AM

වැඩි තන්හාවට ගියේ මොකටද? මම ඔවැනි තැන් දන්නේ නැහැ කියලා තමන්ගේ වැඩේට ගියා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

ඩයස් Thursday, 04 September 2014 10:57 AM

අනිවාර්යෙන් හලාවත කෙල්ලෙක් (නදී)

:       0       0

මාලෙන් බ්‍රැන්ඩෝ Friday, 05 September 2014 01:03 PM

ශික් මම හිටියේ නැහැනේ එතන. ජාතික වීරයෙක් වෙන්න තිබුනේ. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 05 September 2014 12:51 AM

ඊයේ පුවතක දැක්කා ගැහැණියක් පිරිමියෙක් රැවටුවා කියලා. අද තියෙනවා පිරිමි දෙන්නෙක් ගැහැණියක් රැවටුවා කියලා. දැන් ඉතින් කව්රුත් විශ්වාස කරන්න බැරි කාලයක් තියෙන්නේ. (නි)

:       0       0

මංජුල Friday, 05 September 2014 06:36 AM

ඔය බැංකු ළඟ ඒ.ටී.එම්. අසළ කතාවට එන නාඳුනන අය 90%ක්ම මොකක්හරි මගඩියකට සූදානම් වෙන අය. (නි)

:       0       0

අජන්ත Friday, 05 September 2014 06:39 AM

මෙහෙමත් මෝඩ ගැහැණු? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site