ඉතාලියේ මොන්සා නගරයේ බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගත් පනස්හැවිරිදි ලාංකික කාන්තාවක ළඟට පැමිණි හොඳින් ඇඳගත් ආචාරශීලීව කතා කළ තරුණයන් දෙදෙනෙකු කීවේ තමන් සුපර්එනලොත්තෝ නම්වූ සුදුවකින් වීශාල මුදලක් ජයගෙන ඇති බවයි. එම මුදල ලබාගැනිමට ඔට්ටු අල්ලන ස්ථානයක් සොයාදෙනමෙන් ඉල්ලා ඇත.එසේම කරණ උදව්වට යම් මුදලක් දෙන්නට පොරොන්දු වී ඇත.
පසුව කාන්තාව අමුත්තන් දෙදෙනාව ඔට්ටු අල්ලන ස්ථානයට කැඳවාගෙන ගොස් පෙන්නා, තමන්ගේ වැඩට යාමට සැරසෙනවිට ඇයගේ මුදල් සහිත බැගය උදුරාගෙන සොරු දෙදෙනා පලාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙත් ඔහොම තමයි. කාටහරි ගිනිගෙඩියක් දීලා තමන්ගේ මඩිය හදාගන්න බලන්නේ.ලංකාවේ වැදගත් මහත්වරු නෝනලා පෙනෙන්නේ නැද්ද? (නි)
වෙන්න පුළුවන්. එදා මම පාරේ යනකොට කැනඩාවේ කෙල්ලො වගයක් ස්වයංක්‍රීය සිගරැට් යන්ත්‍රයකින් සිගරැට් ගන්න දගලනවා. මගෙන් උදව් ඉල්ලුවා. එයාලා ලඟ ඉතාලියේ නීත්‍යානුකූල හැඳුනුම්පතක්/රියදුරු බලපත්‍රයක් නැති නිසා (සංචාරකයන් බැවිනි) එම යන්ත්‍ර ක්‍රියා කරවන්න බැහැ. මම ලඟම තියෙන ටොබැකෝ සෙන්ටර් එකට ඇරලුවා. හැබැයි එයාලනම් මාව උදුරගෙන යන්න හැදුවෙ නෑ (නදී)
වැඩි තන්හාවට ගියේ මොකටද? මම ඔවැනි තැන් දන්නේ නැහැ කියලා තමන්ගේ වැඩේට ගියා නම් ඉවරයිනේ.(නදී)
අනිවාර්යෙන් හලාවත කෙල්ලෙක් (නදී)
ශික් මම හිටියේ නැහැනේ එතන. ජාතික වීරයෙක් වෙන්න තිබුනේ. (නදී)
ඊයේ පුවතක දැක්කා ගැහැණියක් පිරිමියෙක් රැවටුවා කියලා. අද තියෙනවා පිරිමි දෙන්නෙක් ගැහැණියක් රැවටුවා කියලා. දැන් ඉතින් කව්රුත් විශ්වාස කරන්න බැරි කාලයක් තියෙන්නේ. (නි)
ඔය බැංකු ළඟ ඒ.ටී.එම්. අසළ කතාවට එන නාඳුනන අය 90%ක්ම මොකක්හරි මගඩියකට සූදානම් වෙන අය. (නි)
මෙහෙමත් මෝඩ ගැහැණු? (නි)