යාපනයේ පළ කරන උදයන් හා සුඩරෝලි පුවත්පතේ හිටපු කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පුණරුත්තාපනය වූ කොටි සාමාජික කණ්ඩායම වෙනුවෙන් යාපනයට අද (13) ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා බාර දුන්නේය.
විද්‍යාදරන් පවසනුයේ ඡන්දයට එන ලෙස කිසිම පාර්ශ්වයකින් තර්ජනයක් හෝ බලපෑමක් නොවූ බවයි.
ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට ඡන්දයට තරඟ කළ හැකි හෙයින් තමා ද මහ ඡන්දයට එන බවත්, හිටපු කොටි සාමාජිකයන්ගේ ජීවන ගමනේ ප්‍රශ්න හා වෙනත් කරුණු කාරනා ගැන උතුරේ වැසියනට විශේෂයෙනුත්, දකුණේ වැසියනට පොදුවේත් කරුණු දැක්වීම තම අරමුණ බවත් විද්‍යාදරන් කියයි.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය පැවැත්වූ විශිෂ්ඨ ජනමාධ්‍ය සම්මාන උළලේ එඩිතර ජනමාධ්‍යවේදියාට හිමි සම්මානය ද ඔහු දිනාගෙන ඇත.
මැතිවරණයට ඉදිරිපත් වන පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛනය
1. නඩේස පිල්ලේ විද්‍යාදරන්
2. ගනේෂලිංගම් චන්ද්‍රලිංගම්
3. ආර්.තාමකුලසිංහම්
4. සිවදාසන් රවීන්දු
5. විනයාගසුන්දරම් චන්ද්‍රමෝහන්
6. කේ. සුබ්‍රමනියම්
7. තංගරාසා දේවදාසන්
8. සිවගුරු මුරුගදාස
9. කුමාරවේලු අහිලාන්
10. වීරන් සක්තිවේල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට ලැබුණ මේ නිදහසෙන් රටට වැඩක් කරන්න බලන්න පොදුවේ.ඒකපාර්ශ්වික නොවී සියලුම ජාතින් වෙනුවෙන් හඬ නඟන්න දේශපාලනය කරනවානම්.(ම)
ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය අපේ රටේ අනාගතය යහපත් වීමට ඇති හොඳම මාර්ගය යි. සැවොම එකතු වී යහපත් අනාගතයක් බිහි කරමු. (ස)
සිංහලය සිහින බලන්න දක්ෂ ජාතියක් වෙලා. හිටපු විනිසුරුවරයෙකුවූ, රජයේ විශ්‍රාම වැටුප් ලබන උගතෙකු වූ උතුරු මහා ඇමති ඇමරිකාවට ගොස් ඊලමක් ලබාදෙන සේ ඇමෙරිකා රජයට කරන ඉල්ලීම් පෙනෙනවානේ (බ)