යාපනයේ පළ කරන උදයන් හා සුඩරෝලි පුවත්පතේ හිටපු කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පුණරුත්තාපනය වූ කොටි සාමාජික කණ්ඩායම වෙනුවෙන් යාපනයට අද (13) ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා බාර දුන්නේය.
විද්‍යාදරන් පවසනුයේ ඡන්දයට එන ලෙස කිසිම පාර්ශ්වයකින් තර්ජනයක් හෝ බලපෑමක් නොවූ බවයි.
ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට ඡන්දයට තරඟ කළ හැකි හෙයින් තමා ද මහ ඡන්දයට එන බවත්, හිටපු කොටි සාමාජිකයන්ගේ ජීවන ගමනේ ප්‍රශ්න හා වෙනත් කරුණු කාරනා ගැන උතුරේ වැසියනට විශේෂයෙනුත්, දකුණේ වැසියනට පොදුවේත් කරුණු දැක්වීම තම අරමුණ බවත් විද්‍යාදරන් කියයි.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය පැවැත්වූ විශිෂ්ඨ ජනමාධ්‍ය සම්මාන උළලේ එඩිතර ජනමාධ්‍යවේදියාට හිමි සම්මානය ද ඔහු දිනාගෙන ඇත.
මැතිවරණයට ඉදිරිපත් වන පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛනය
1. නඩේස පිල්ලේ විද්‍යාදරන්
2. ගනේෂලිංගම් චන්ද්‍රලිංගම්
3. ආර්.තාමකුලසිංහම්
4. සිවදාසන් රවීන්දු
5. විනයාගසුන්දරම් චන්ද්‍රමෝහන්
6. කේ. සුබ්‍රමනියම්
7. තංගරාසා දේවදාසන්
8. සිවගුරු මුරුගදාස
9. කුමාරවේලු අහිලාන්
10. වීරන් සක්තිවේල්
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදයන් හිටපු කර්තෘ යාපනෙන් තරග බිමට
ඉසුරන්දි Monday, 13 July 2015 06:41 AM
ඔබලාට ලැබුණ මේ නිදහසෙන් රටට වැඩක් කරන්න බලන්න පොදුවේ.ඒකපාර්ශ්වික නොවී සියලුම ජාතින් වෙනුවෙන් හඬ නඟන්න දේශපාලනය කරනවානම්.(ම)
ශේන්-මෙල්බර්න් Monday, 13 July 2015 07:05 AM
ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය අපේ රටේ අනාගතය යහපත් වීමට ඇති හොඳම මාර්ගය යි. සැවොම එකතු වී යහපත් අනාගතයක් බිහි කරමු. (ස)
නිමල් ලාලිත Monday, 13 July 2015 09:34 AM
සිංහලය සිහින බලන්න දක්ෂ ජාතියක් වෙලා. හිටපු විනිසුරුවරයෙකුවූ, රජයේ විශ්‍රාම වැටුප් ලබන උගතෙකු වූ උතුරු මහා ඇමති ඇමරිකාවට ගොස් ඊලමක් ලබාදෙන සේ ඇමෙරිකා රජයට කරන ඉල්ලීම් පෙනෙනවානේ (බ)