(අජන්ත කුමාර අගලකඩ)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත .
උදය ගම්මන්පිල මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දීර්ඝ වශයෙන් එහිදී කරුණු පැහැදිලි කර ඇත
පාර්ලිමේන්තුවේ අදත් හෙටත් රැඳී සිටින ලෙසත්, විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන ලෙසත් ,ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත .
මේ අතර, රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුව වි.භංගය දිනුවත් පරාදයි පැරදුනත් පරාදයි. ඒ නිසා ඡන්ද වීමසිමක් තියන එක්ක නෑ
පිස්සන්ගෙත් පිස්සොනේ, රාජකීය පිස්සොනේ.. මොකක්හරි වැඩක් කරේ දාගෙන, ජනතාවගේ කාලය, බදුමුදල් විනාශ කරනවා.
සාගර, බැසිල් රෙදි ඇඳගෙනද ඕක පරාජය කරන්න ඡන්දෙ දෙන්නේ?
විශ්වාසභංග යෝජනාව පැරැද්දුවාට හිතන්න එපා ඔබලා දිනුවා කියලා. කකුලුවොත් වතුර රත්වෙනකම් ඔහොම කියලා චූටි ජොලියක් ගන්නවා. දියවන්නා මන්දිරයේ සිටින, රටේ මිනිස්සුන්ගේ ලේ උරා බොන මිනීමරු පොහොට්ටු වවුලන්ගේ ඡන්දයට වඩා රටේ ජනතාවගේ ඡන්දය බොහොම බලවත්. මිනීමරු, හොර පොහොට්ටුවනි, ඒ බව අමතක කරන්න එපා. සොබාදහමේ විශ්වාස භංගයෙන් ඔබ සැම දැනටමත් පැරදී අවසන්...!!!