තමාට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් එම වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කරන ලෙසත් ,රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 6 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය
පෙත්සම වැඩබලන අගවිනිසුරු ඊවා වන්සුන්දර ,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
දැනට යුක්රේනයේ කිව් නගරයේ සිටින බව කියන උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන මාන්නප්පෙරුමගේ ලතා ඉන්ද්‍රානි මහත්මිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඇල්.රත්නපාල මහතා ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝභන වැඩනේ කරන්නේ. තමන්ට විරුද්ධව නඩුවක් ඇත්නම්, තමන් නිවැරදි නම් නීතිඥ සහයක් නැතුව හෝ පොලිසියකට බාරවෙලා මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ප්‍රකාශයක් ලබාදෙන්න පුළුවන්. එසේ නොකර වෙනත් රටක රැකවරණ ලබමින් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියා පෙත්සමක් දමාගෙන මේ කිසිදෙයක් නොදත් අහිංසක ශ්‍රී ලාංකික ජනතාවගේ අනුකම්පාව දිනාගන්න එක වැරදියි නේද?
මිනීමැරුම් සහ අවිආයුධ සහ මුල්‍ය වංචා චෝදනා වලට ලක් වුනාම පෙත්සම් ගහල, වන්දි මුදලකුත් අරන් බේරෙන්න පුලුවන්ද? පව් මරුසිරාලා, යකඩයා නිකන්ම හිරේ විලංගුවේ වැටුනා..(රේ)