(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ භාන්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය පසුගිය ඔක්තෝබර් මස තුළ 8.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව උද්ධමනය 2.1 කින් ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ වර්ග දෙකේම මිල ඉහළ යෑම බවත් මහ බැංකුව කියයි.

ආහාර ද්‍රව්‍යවල මිල සියයට 0.83 කින් ද, ආහාර නොවන අයිතමවල මිල සියයට 1.23 කින් ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජලය, විදුලියසහ ගෑස් අදි අයිතමවල මිල ඉහළ යෑම උද්ධමනය පෙර මාසයට වඩා ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව මහ බැංකුව කියයි.