
(යොහාන් භාසුර)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සම්මානනීය රංග ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමඟ යුරෝපා රටවල් රැසක් සහ ඇමෙරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිලිවෙතක් අනුගමනය කරන බව වාර්තා වේ.
ඇමෙරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වලට වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට වීසා ගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බවත් මෙරට පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන් සංචාරක වීසා මස විදේශගතව දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබේ.
එම තත්වය පිළිබඳව අවදානය යොමු කර වීසා නිකුත් කිරීමේදී දැඩිව විමසිලිමත් වන ලෙස ප්‍රධාන රටවල්වල තානාපති කාර්යාලවලට උපදෙස් ලැබී ඇති බවත් දේශපාලඥයන්, ඔවුන්ගේ දරුවන් සහ ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් පැවසේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මූලිකරගෙන ඒ මහතා කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්දිකගේ රංගනයෙන් ලාංකිකයෝ අමාරුවේ
පිටරැටියා Monday, 24 June 2024 03:16 PM
කරුණා අම්මාන්ට හොර පාස්පෝට් එකක් හදලා දීලා UK වලට එව්වේත් රටේ පාලකයා? තවත් මොනවාද?
Gotabaya Monday, 24 June 2024 03:16 PM
මේ රටේ ඉන්න අයට විතරමයි මෙහෙම පිස්සු නාඩගම් නටන්න දන්නේ... මේවගේ ජරා ජාතියක් ලොවෙත් නැහැ.
Prabha Monday, 24 June 2024 03:31 PM
ඔය වීසා ප්‍රශ්නෙ හැමදාම තිබුණා. හැබැයි සිංහලයාට විතරක්...
අරවින්ද මොනරවිල Monday, 24 June 2024 03:41 PM
2019 දී ගැලුව මහ දේශපාලන ගංවතුරට ගසාගෙන ආව හිස් ටින් පොල් කෝම්බ වලින් එකක් මේ, එයාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
Santu Monday, 24 June 2024 03:45 PM
ඇයි එතකොට මුට ජන්ද දුන්නේ අපුර මිනිස්සුත් අමාරුවෙි වැටිලා ඉන්නේ
පිටිගල මිලානෝ Monday, 24 June 2024 03:54 PM
පොහොට්ටුවෝ ගෑවුන තැනක් ඇත්නම් එතැන වෙන්නේ රටටම අපකීර්තියක්, විනාශයක්.. නොදකිං
sakalan Monday, 24 June 2024 04:07 PM
ඒ විතරක් නෙවෙයි මේ මිනිහ නළු නිළියන්ට ආයේ දේශපාලන වේදිකාවක් පැත්තටවත් එන්න බැරි තැනට වැඩ කළා. මේ වගේ බොළඳ අයව පාර්ලිමේන්තු එවන්න තරම් මිනිස්සු මෝඩ වුණානේ...
ඇන්ඩ්රු සෙබඩවිල Monday, 24 June 2024 04:12 PM
මෙයාව කුදලාගෙන විත් හිරේ දැමීමට ජාජබ රජයක් යටතේ ක්‍රියාකරනු ඇත. හොරුන් ඇල්ලීමේ අපගේ මාලිමා යාන්ත්‍රනයට අනුව, ජාජබ බලයට පැමිණි පසු හිර ගෙවල්වල නොසිටිනු ඇත්තේ කිසිඳු හොරකමක්, වංචාවක් නැති, අති පාරිශුද්ධ, ඇල් වතුරත් නිවා බොන අපගේ ජවිපේ සාමාජික කාඩරය පමණක් විය හැකි බව ආඩම්බරයෙන් කිව හැකියි...
යාවජීවTuesday, 25 June 2024 05:30 AM
අන්දරේ, මරු!
ජයනාත් Monday, 24 June 2024 04:15 PM
දේශපාලකයන්ට වීසා නීති දැඩි කළාට කමක් නැහැ. සාමාන්‍ය ජනතාව දුක් විඳින එකයි ගැටළුව... දේශපාලකයින් නිසා මේ රටේ විතරක් නොවෙයි පිටරටකට ගිහිල්ලා ඉන්නත් නැහැ... පුදුම කාලකණ්නි හැත්තක්...
රංබොඩ Monday, 24 June 2024 04:36 PM
අනේ මන්දා උද්දික වගේ කෙනෙක් තමන්ගේ රට දාලා බොරුකරලා වෙන රටකට පැන්නේ මොනවා ගන්නද? එහේ ගිහින් රඟ පාන්නද? දැන් ඔය බොරුව ඒ රට දැන. ගත්තාම එළවලා දායි. රෙදි පොට්ටනියත් අරන් එන්න තමයි වෙන්නේ...!
සෙනෙවිරත්න Monday, 24 June 2024 05:38 PM
ඔන්න ඔය මිනිහා එලවලා දාන්න තානාපතිතුමෝ, හරි අයට වීසා දෙන්න...
සමන් Monday, 24 June 2024 06:25 PM
අපේ අන්රයියාට නම් එහෙම නැහැ. වීසා ඉල්ලුව ගමන් දෙනවා. එයාලා දන්නවා අන්රයිය බටහිරටයි කොටින්ටයි සපෝට් කියලා.
සෙනෙවිරත්න Monday, 24 June 2024 08:39 PM
මෙතන ජාතික ගැටලුවක් ,ඒත් ජවිපෙ භීතිකාව ගහපු මානසිකව වැටිච්ච දෙතුනන් දෙනෙක් බුරනවා. මොකද මේ වරද කලේ තමන්ලම පත්කරපු අය,ඒක නිසා ගලේ පැහැරපු බලල්ලු වගේ ඔහේ කියවනවා. මේ අය තමයි දුටුගැමුණු චරිතය රඟ පෑවට දුටුගැමුණු කියල හිතල පාර්ලිමේන්තු යැව්වෙ.
සෙනෙවිරත්න Monday, 24 June 2024 08:41 PM
ජාතික ජනබලවේගය යටතේ මෙවන් බොරු රඟ පෑම් කළ නොහැකි බව මෙතන ජවිපෙ භීතිකයන්ට කාරුණිකව දන්වමු
Bamunuarachchi Monday, 24 June 2024 11:07 PM
රටත් කාගත්තා මදිවට අපිවත් කෑවා. මූට වැහි නැතිව හෙණගහන්න ඕනේ.
කරුනානයක Tuesday, 25 June 2024 12:01 PM
අහිංසක දේසපාලුවන්ට යන්න පාර හදලා දේන්න