ජල ගැටළුවට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් මොනරාගල නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අතරතුරදී එයට සහභාගීවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයෂාන්ත ගුණසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මොනරාගල රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.
පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.
අද (17) පැවැති මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - මොනරාගල ප්‍රධාන මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිරවී තිබූ බවද පොලිසිය පවසයි.
සවස ඔහු කොළඹට රැගෙන එනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නෙ නැහැ හදිසියේම වුණේ? (නි)
මොනරාගල ජනතාවට සාධාරණයක් අවශ්‍යයි (නි)
අපේ පුතාට ඉක්මණින් නිරෝගී සුවය ලැබේවා (ම)
මේගොල්ල කරන්නේ පාරවල් වහලා මිනිසුන්ට හිරිහැර කරන එකයි. එතුමාට ඉක්මන් සුවය පතමු. (බ)
මිනිසුන්ගේ සාපය වැදිලා වෙන්න ඕන. (හේ)
ඉක්මනින් සුව වේවා.(හේ)
මිනිසුන් වෙනුවෙන් පෙනීසිටි ඔහුට ඉක්මන් සුව! (නි)
ඉක්මණින් සුවපත් වේවා! (නි)