( ජයන්ත සමරකෝන් )
බන්ධනාගාර වහළය මත රැදී උද්ඝෝෂණයේ නිරතව සිටින රිමාන්ඩ් බන්ධනාගාර කාන්තා රැඳවියන්ට ලැබුණු පාර්සල් 17ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
වනාතමුල්ල, සීවලී පටුමග දෙසින් බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට යම්කිසි පුද්ගලයින් පිරිසක් මෙම පාර්සල් රැදවියන්ට ලබා ගැනීමට විසි කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කිරි පැකට්, බනිස් ඇතුළු ආහාර වර්ග මෙම පාර්සල්වල තිබී සොයාගෙන තිබේ. එම ස්ථානයනිහි රාජකාරී කටයුතුවල නියැලෙමින් සිටි නිලධාරීන් එම පාර්සල් රැදවියන්ගේ අතරට යාමට නොදී සිය බාරයට ගැනීමට කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අර හිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නාවා යයි කියා ගන්නා හොර නඩයේ වැඩක් වෙන්න ඇති.
ඇතුලේ ඉන්නා අයට රජයේ අධිකාරීන් විසින් කන්න බොන්න දෙන්නේ නැති නිසානේ මෙහෙම වෙන්නේ! මා පදිංචි රටේ සමහර බන්ධනාගාර ආවරණය පරිදි දැලක් සවිකර තිබෙනවා. ඒ නිසා පිටතින් මෙවැනි කෑම පාර්සල්, මත්කුඩු පාර්සල් ආදිය ඇතුලට ඒම නැවතී තිබෙනවා. ඒ උනත් සමහර " මහමොළ කරුවන් " රඳවා සිටින බන්ධනාගාර තුලට හෙලිකොප්ටර් බස්සවා ඔවුන් බේරාගත් අවස්ථාවන් නැතුවත් නොවේ !