(නාලක සංජීව දහනායක)
කොළඹ නගරයේදී පවත්වන සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායම් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) පැවසීය.
යම් හෙයකින් ආණ්ඩුව එවැනි උත්සාහයක් දැරුවහොත් එයට එරෙහිව ජනතාවද දැඩි තීන්දුවක් ගනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය
‘මෙම උද්ඝෝෂණය පවත්වන ස්ථානයක් පිළිබඳව අපි තවම තීරණය කර නැහැ. පක්ෂ නායකන් ඒ පිළිබඳ අවසන් තීරණය ගනීවි. සියලූම දෙනාට ඒකරාශී වියහැකි ස්ථානයක් අපි සූදානම් කරනවා.
මෙතන කිසිම දේශපාලන භේදයක් නැහැ. දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ සියලූම ජනතාව මෙයට සහභාගි වෙනවා. මේ සාමකාමී උද්ඝෝෂණය සම්බන්ධයෙන් ආණ්ඩුව දැනටමත් ව්‍යාජ ප්‍රචාරයක් ගෙනියනවා.
මේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායම් දැනටමත් සූදානමින් ඉන්න බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි කොළඹට එන්නේ රාජ්‍ය දේපළ විනාශ කරන්න නෙවෙයි.
යහපාලන ආණ්ඩුව රාජ්‍ය දේපළ විනාශ කරනවා. අපිට ඕන මේ ආණ්ඩුව පළවා හැර ජනතාවාදී පාලනයක් බිහිකරලා රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීමටයි.
කොළඹ නගරයේ රාත්‍රීයක් ගතකළ යුතු බවට කොළඹට එන ජනතාව තුළ මතයක් තියෙනවා. ඒ ජනතාව එළවන්න අපිට බැහැ. ඒ නිසා ආණ්ඩුව දැඩි තීන්දුවක් ගන්න ගියොත් ආණ්ඩුවත් දැඩි තීන්දුවක් ගනීවි යැයිද ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(ඡායාරූපය ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් රජයට චෝදනා කරන්නෙ උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න හදනව කියල.තවම උද්ඝෝෂණය පවත්වන්නෙත් නැතුව?මාධ්‍ය සාකච්ඡාවට ප්‍රසිද්ධියේ මරනව කියපු පස් ව්‍යාපාරයෙ පාතලයත් එක්ක ඇවිත්. මහින්ද බලයේ ඉන්දැද්දි උද්ඝෝෂකයන්ට සලකපු හැටි කාටද අමතක..
මහත්තයෝ,ඕක කඩා කප්පල් කරන්න කවුරුවත් එන්නේ නැහැ. නිකම් බොරු සෝබන එපා. ඔයිට ඉස්සෙල්ලත් ඔය වගේ අසාර්ථක විරෝධතා පෙළපාලි පැවත්තුවනේ. ඕකත් නිකං පුස් වෙඩිල්ලක් විතරයි.
මේ අය හැමවිටම කියන්නේ උද්ඝෝෂණය කඩාකප්පල් කීරීමට ආණ්ඩුව සූදානම් වෙනවා කියලා. ආණ්ඩුව කරන්න හදන දේ මේ අය දන්නේ කොහොමද කියන සාධාරණ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තම කාරණාව තමන්ගේම මැරයන් යොදවා උද්ඝෝෂකයින්ට පහරදී එහි වගකීම ආණ්ඩුවට පැටවීමට උත්සාහ දරණ බවයි පෙනෙන්නේ. ඒකෙන් වාසි දෙකක් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇති. පළමුව රජය මත වරදපටවා ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම... දෙවනුව තම උද්ඝෝෂණයට බලාපොරොත්තු වූ තරම් සෙනග රැස්කර ගන්න නොහැකි වුවොත් ඒ කෙරෙහි වන අවධානය වෙනතකට යොමු කිරීම. මේ අවස්ථාවේ ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතුකර මේ හොර නඩය පරාජය කළ යුතුය.
මේ අය මොනාද මේ කතා කන්නෙ........ අනේ අපෝයි
මේ හොර නඩය පරාජය කළ යුතුය.
පටන් ගන්නත් ඉස්සර හේතු හොයනවා. පොලීසිය වෙන මොනවත් කරන්න එපා. අර අන්තරේ කට්ටිය වගේ හොඳට නාවල යවන්න .. ඒ ඇති.
මතකද ඉස්කෝලේ යන කාලේ ඉගැන්නුවා පාසලේ නීති රීතිත් පාරේ නීති රීතිත් පිලි පදින්න කියලා. තාර පෑගෙන්න යන්නේ නැතිව තණකොළ පෑගෙන හරියෙන් ඇව්දින්න. එතකොට වතුර ප්‍රහාර සහ කඳුළු ගෑස් මග හැරලා ලස්සනට උද්ගෝෂණ කොරන්න පුළුවන්.
පාලකයනි සමාවන්න මේ ව්‍යායාමය (උද්ගෝෂණය) හුදෙක් ජනතාව වෙනුවෙන් නොව , අපි හිරේ යන එකෙන් ගැලවීම සඳහාම පමණි.
දේශපාලන පක්ෂ කරගහගෙන නැති අපිට නම් මේ ආණ්ඩුව ආවා කියා කිසිම විශේෂ ප්‍රශ්නයක් නැහැ.පුද්ගලයින් මාරුවුණා පමණයි.
කව්රුහරි එන කට්ටියට ගල් ගහන්න සෙට් කරලද දන්නේ නැහැ , ඉස්සර වගේ .