නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසට රජයට බල කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු අද (13) යාපනයේ උද්ඝෝෂණයක් කළහ.
යාපනය පලාලි මාර්ගයෙන් උද්ඝෝෂණය ඇරඹූ සිසුහු සටන් පාඨ කියමින් යාපනය රෝහල දක්වා ගමන් කළහ.
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයට සායනික පුහුණුව දීම ගැන ද ඔවුහු විරෝධතා දැක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා දරුවනේ! (නි)
ඔබට අපේ සහය! (නි)
මේ තමයි යහපාලනයේ සැබෑ ජයග්‍රහණයන්. ඒ අයටද තමන්ගේ අදහස් එලි දක්වන්න නිදහස තියෙනවා. වරායකට නැව් එනකොට උත්සව පවත්වන්න වෙන රටක නිදහස සහ සාධාරණත්වය කොයි තරම් අගේද? එකම රටක්...එකම ජාතියක් තුල වෙනස් ජන වර්ග සාමයෙන් ජීවත් වීම ජයග්‍රහණයක් නොවන්නේ කෙසේද? (බ)
අපේ රටේ තරම් කුහක උසස් අධ්‍යාපන සිසුන් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මුළු රටේම මිනිස්සු මළපොතේ අකුරක් දන්නේ නැති වෙනවා නම් කැමති වේවි. තමන්ගේ ළමයින්ට උසස් අධ්‍යාපනයට ලකුණු ටිකක් මදි වුන දවසට මොකද කියන්නේ බලමුකෝ. (බ)
උතුර -දකුණ වෙනසක් නැතිව එකම හඬක්-සුබ දැක්මක් (ම)
ගහන්නකෝ පුලුවන්නම් පොලිසියෙන් ගිහිල්ල යාපනේ, ඔක්කොම දකුණේ උන්ට විතරයි. එක පොලිස් එකෙක් නෑ (බ)
පෙනුමට තවත් උද්ඝෝෂණයක් වුනාට මේක අපේ රටේ ජයග්‍රහණයක් . සිංහල සහ දමිල ජාතික සමගිය ඇතිකරන මෙවැනි කටයුතු පැසසිය යුතුයි. ඇත්ත ප්‍රශ්න වලට සමගියෙන් විසඳුම් හෙව්වනම් අවුරුදු 30ක් යුද්ධ කරන්න අවශ්‍ය නොවෙන්න තිබුන. පටු ජාති ආගම් බෙදීම් නැතුව නිශ්චිත අරමුණකින් සටන් කරන අන්තරේට මල් මිටක්. (බ)
අරවින්ද,පාරවල් වහගෙන මහජනතාව අපහසු තාවයට පත් කරන මේවාගේ උද්ඝෝෂණ පැසසිය යුතු කරුණක් වෙන්නේ කොහොමද? (ම)
සියලු දෙනා පෙළගැසිය යුක්තේ රටම සහ රජය නිසි මගට ගන්න ඒ තුළින් ජනතාවගේ අබිලාසයන් මුදුන් පමුණුවන්න.(ම)