IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


උත්සව සමයේදී පමණ ඉක්මවා ආහාර අනුභවයෙන් වළකින්න

HMC

 

රාමදාන් මාසයේ අවසාන වෙමින් ඊද් අල් ෆීතර් උත්සව කාලය ළඟාවීමත් සමගම, උදරයේ ආබාධ සහ බඩවැල් ආශ්‍රිත රෝගවලට හේතු වන අධික ආහාර අනුභවය සහ සිසිල් බීම පානය වැනි දේවලින් වැළැකී සිටින ලෙසට හමාඞ් වෛද්‍ය සංස්ථාව ජනතාවට අනතුරු අඟවයි.


නිරෝගි දිවියකට හේතුවන සෞඛ්‍යාරක්‍ෂිත ආහාර රටාවක් වර්ධනය කරගැනීම සඳහා ඊද් නිවාඩුව අවස්ථාවක් කරගන්නා ලෙසට ද හමාඞ් වෛද්‍ය සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 


“අවාසනාවකට වගේ ඊද් උත්සව සමයේදී තමන්ගේ බඩ පුරවා ගැනීමට සෞඛ්‍යාරක්‍ෂිත නොවන ආහාර සහ සිසිල් බීම වැඩි වශයෙන් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් දැන් දකින්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔක්කාරය, වමනය, උදරයේ ආබාධ, අජීර්ණ වැනි ආමාශයික රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍ය සංස්ථාවට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙනවා” යනුවෙන් පවසන්නේ හදිසි ප්‍රතිකාර අංශයේ විශේෂඥ වෛද්‍ය සාද් අල් නුඅයිමි ය.


“රාමදාන් මාසයේදී දීර්ඝ කාලයක් උපවාසය කරන කොට අපේ ශරීරය ඊට හුරු වෙනවා. එවිට “උපවාසයෙන්” “උත්සවයට” මාරු වන විට එය සමහරුන්ගේ සෞඛ්‍යයට හානිදායක විය හැකියි. උදාහරණයක් විදිහට පැණි රස කෑම සහ අධික ලෙසින් පරිභෝජනය කිරීමෙන් දියවැඩියාව සහ හෘද රෝගවලින් පෙළෙන අයගේ සෞඛ්‍යයට එල්ල විය හැකි අවදානම කිහිප ගුණයකින් ඉහළ යනවා” ඔහු වැඩිදුරටත් පවසයි.


මෙම කාලය තමන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමගින් සැමරීමට වේලාව කරගන්නා අතරම රාමදාන් උපවාසයේ යෙදීමේ ඇති අවශ්‍යතාවය මතක තබාගැනීම ද වැදගත් බව වෛද්‍ය නුආයිමි පවසයි. 


ඊද් උත්සව සමයේදී රෝගවලට ගොදුරු වීමෙන් වැළැකී සිටීමට නම් මද වශයෙන් ගුණදායී දේවල් ආහාරයට ගෙන සිසිල් බීම පානයෙන් වැළැකී සිටින අතරම උදෑසන ආහාරය මගනොහැරීමට වගබලා ගන්නා ලෙස ද ඔහු උපදෙස් දෙයි. උදෑසන ආහාර මගහැරීමේ ප්‍රතිඵලයක් ලෙසින් දිනයේ අනෙක් වේලාවන්හිදී පමණ ඉක්මවා ආහාර ගැනීම සිදුවීම ඊට හේතුවයි.



අදහස් (0)

උත්සව සමයේදී පමණ ඉක්මවා ආහාර අනුභවයෙන් වළකින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 531 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 320 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site