
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,සියලුම කලාප අධ්‍යක්ෂකවරුන්ට,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට හා පාසල් විදුහල්පතිවරුන්ට මේබව දන්වා තිබේ.
එම චක්‍රලේකයේ මෙසේද සදහන්ය.
උතුරැ මැද පළාතේ පාසල්වල සේවය කරන ඇතැම් විදුහල්පතිවරුන්,ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් තම පංතියේ හා පාසලේ ඉගෙනුම ලබන දරැවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ,පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පවත්වන බවට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවති.
එසේම ඇතැම් ගුරුවරුන්,විදුහල්පතිවරුන් පාසල තුළ ඉගැන්විම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බවටත් තම පුද්ගලික උපකාරක පංතිවලට හා සම්මන්ත්‍රණ වලට සහභාගි නොවන දරුවන් තම පාසලේදි හා පංති කාමරයේදි නොසලකා හරිමින් විවිධ කායික හා මානසික හිංසනයන්ට හා පිඩාවන්ට ලක්කරමින් සිටින බවත් වාර්තා විය.
ඒ අනුව උතුරැ මැද පළාතේ පාසල් දරුවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ,පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පැවැත්විම සම්පුර්ණයෙන්ම තහනම් කරන බවත් එම චක්‍රලේඛයේ සදහන්ය.
මේ චක්‍රලේඛයේ උපදෙස් වලට කටයුතු නොකරන ගුරුවරුන්,ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි විනයානුකුල ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් උතුරැ මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින් එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් සභාවේ ඉන්න මහ එව්වො බුදිද? වැඩිපුරම හූරන් කන්නෙ බස්නාහිර
ටියුෂන් වලින් රටට උණු යහපතක් නැහැ . සිදුවුනේ රජයට බදු නොගෙවන තවත් ධනපතියන් පිරිසක් මෙන්ම හිඟමනට වැටුණු දෙමාපියන් පිරිසක් ඇතිවීමයි . නමුත් මේවගේ පැලැස්තර වලින් මේ මාෆියාව නවත්වන්න බැහැ . 1999 දී චන්ද්‍රිකාත් ලොකු සද්දයක් දාල ටියුෂන් නවත්වන්න ප්‍රතිසංස්කරණ ගේනවා අන්තිමට මොකද වුණේ ? මේ අධ්‍යාපන ඇමැතිත් ඔහේ කියවනවා නමුත් ටියුෂන් වලට තිත තියන අධ්‍යාපන ක්‍රමයක් මේ කපේදී ලංකාවේ බිහිවෙන්නේ නැති බව ස්ථිරයි. අපේ රටේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි විභාග ක්‍රමයක්. එනිසා පාසල් කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සමුහයක් විතරයි .
ගුරුවෘත්තියට සරිලන වැටුපක් ගෙවල ඔය නීතිය පනවන්න පුලුවන්. අනික සෑම පාසලකම එක වගේ හොඳ විෂය දැනුම තියෙන ගුරුවරු නෑ.ඉතින් ඒ ලමයින්ට පිහිට ටියුෂන් පමණයි. මේ කළ මෝඩ ක්‍රියාව නිසා ගුරුවරු සහ සිසුන් කොපමණ සංඛ්‍යාවක් කරදරයට වැටෙනවා කියල තේරෙනවද? අනික මේ ටියුෂන් කාරයින්ට උදව්වීමට ගහපු නියෝගයක් නේද?
උතුරු මැද පළාතේ ගුරුවරයෙක් වෙන පළාතක පන්ති කරොත් ගැටළුවක් නැද්ද?
රාජ්‍ය සේවයෙන් ඉවත් වී පූර්ණ කාලීන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන ලෙස ඔවුන්ට කියන්න. රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පුරප්පාඩු කෙටි කාලීන පුහුණුවකින් පිරවිය හැක. ගැටළු දෙකම එක විසඳුමකින් විසඳා ගත හැක.
පය බරවායට පිටකර බෙහෙත් බදිනවා කියන්නෙ මේවට තමයි.මේවයින් වෙන්නෙ වෙනවනම් සල්ලි කර පවුල් වල අය දක්ෂ ගුරැවරැ ගෙදරට ගෙන්වා ගනීවි.අනික මේව කිසිසේත්ම නිතියට එකග නැහැ.මෝඩ කමට හරි මේව ගුරැවරැ පිළිගත්තොක් අසාධාරණය වෙන්නේ අසරණ පවුල් වල දරැවන්ට.මේව ගැඹුරින් සාකච්ඡා කර ගත යුතු තීරණයක්.මේව දැක්කහම මට හිනහ වෙන්න කට මදියි.මේව ගරැ අධිකරණයේදී අභියෝග කලොත් දුවන්න පාර මදි.කරනව නම් අධ්‍යාපනයට කරන්න තව බොහෝදේ තියෙනව. අනික අපේ අධ්‍යාපනයෙන් අවසානයෙදි බිහිවෙන්නෙ වහලෙක් මිසක තර්කාණුකූලව හිතන පුද්ගලයෙක් නොවෙයි.ඉහළ කෙනා කියන දේ මොනව වුනත් පහළ කෙනා ඒක පිළිපදිනව.
මේවගේ නීති ගෙනෙන එකා මහම මහා මෝඩ තකතිරුවෙක්. ගුරුවරු ගුරු සේවයේ ඉන්නේ ටියුෂන් එකෙනුත් අමතර අදායමක් තියෙන නිසා. එහෙමනම් ගුරුසේවයෙන් ඉවත් වී ටියුෂන් කරන්නම ගියොත් ඊට වඩා හම්බකරනවා. තමුන්ගේ වෘර්තියෙන් බාහිර වෙලාවක ඕනෑම කෙනෙක් අමතර අදායමක් උපයනවා. වෛද්‍යවරු උදාහරණයක් විදිහට කියන්න පුළුවන්.
එහෙනම් ඉතිං මන්තිවරැන්ට බාර් ලැයිෂන් වැලි පරමිට් වගේ ඒවත් තහනම් කල යුතුයි.අපේ ගමේ පන්සල් වල සමහර හාමුදුරැවන්ලා ඉන්නවා අඩුවට වාහන අරගෙන හදල වැඩි ගානට විකුණනවා. තව ඉන්නව සල්ලි පොලි කරන හාමුදුැරැවල්ලා. මේවද රටේ පශ්න. අහිංසක ගුරැවරයෙක් ජීවත් වෙන්න තමන්ගෙ දැනුම විකුණනව හැර වෙන මොනව විකුණන්ද.අපේ ගමේ ඉන්නව තමන්ට දානය දෙන උපාසක අම්මලාගෙන් පවා කේන්දරේ බලල සල්ලි ගන්න අය. එහෙනම් ඒවත් තහනම් කල යුතුයි.
මම දන්න හැටියට නම් ලංකාවෙ අනෙක් පළාත් වලත් තහනම් කලා කියලා පසුගිය කාලයේ ප්‍රවෘත්ති පලවුනා. ඔහොම කරලා ඕක නවතන්න බැහැ .ආයතන සංග්‍රහයේ තියෙනවා රජයේ සේවකයින් රජයේ තනතුර උපයෝගී කරගෙන කරන ඉපැයීම් වෙනුවෙන් අවසර ගැනීමත්, උපයන මුදලින් සියයට 25 ක් රජයට ගෙවීමත් කලයුතුය කියලා නියමයක් .ඉතින් ඒක ක්‍රියාත්මක කලොත් රජයට ආදායම් ලැබෙනවාට අමතරව විෂමාචාර ක්‍රියාවන් නවතන්න පුළුවන් .ඒ ගමන්ම රජය මගින් පාසලේදී ඉගැන්වීම නොකරන ගුරුන් ළගට දරුවො නොයවන්න කියලා ප්‍රචාරය කරන්න. ඇත්තටම රජයේ ගුරුවරු පාසල් කාලය සමගම උපකාරක පංති කරන්න ගියාම දරුවො නොසෑහෙන්න දුක් විදිනවා. ගුරුවරු ඉගැන්වීම සදහා සූදානම් නොවන බවකුත් ඇතිවෙනවා
දොස්තරලාටත් පුද්ගලික චැනලින් තහනම් කළොත් හොඳ නැද්ද? ටියුෂන් මාෆියාව වගේම තමයි චැනලින් මාෆියාව.
හොඳ තීරණයක්, පන්ති කරන ගුරුවරුන්ගෙන් බොහෝමයක් ඔහොම වැඩ කරනවා. නොකරන අය ගැන කණගාටුයි. බහුතරයටනේ උත්තරය ලැබෙන්නේ...
ජනතා ඡන්දයෙන් පත්වෙලා, ජනතාවගේ දේපළ හොරා කන අය...
ටියුෂන් සම්පුර්ණයෙන් තහනම් කළ යුතුයි...
සතුටුයි තීරණයට නමුත් ප්‍රයෝගික වෙයිද....... පාසලක එක ගුරුවරයෙක් ක්‍රිඩා පිටියක් නැ කියා, දරුවන්ට කලට වේලාවට පෙළපොත් නැ කියා, පාසලට ගුරුවරුන් නැ කියා, පාසලේ දරුවන්ගේ අභිවෘද්දිය වෙනුවෙන් කැප කරන එක් ගුරුවරයෙක් මම දන්න තරමින් නැ. නමුත් රට හදන්න තමන්ගේ පඩිය වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න උද්ඝෝෂණ කරන්න ඕනතරම් සිටියි. පාාසලට පැමිණ තමන් පුද්ගලික පංතියට එන්න කියන්න එයාලාට හයිය ඕනතම් තියනවා....
එහෙම රාජකාරි වේලාවෙන් පිට කරන වැඩවලට නියෝග දෙන්න ලේකම්ට බලයක් තියනවාද?
මෙම නිතිය රටපුරාම රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට බලපාන ආකාරයට ක්‍රියාත්මක කලානම් හරි , පුද්ගලික පන්ති කරන්න කැමති කෙනෙක් රාජ්‍ය සේවයෙන් ඉවත්වෙලා එක කෙරුවට කමක් නැහැ .
ගුරුවරයාගේ වැටුප ඉහළ තැනකට ගේන්න.ගොඩක් ගුරුවරු ටියුෂන් කරන්නේ තම වෘත්තීයෙන් අඩු වැටුප ලබන නිසයි . එතකොට දොස්තරලා පුද්ගලිකව බෙහෙත් චැනල් කරන එකට මොකද කියන්නේ කොච්චර හවස පන්ති දාගෙන වැඩකලත් ඕ ටී නැහැ .ලියන පෑන පොත පවා තමගේ මුදලට ගන්නේ.
විකාරද, ගහලා බැන්දත් එකයි බැඳලා උගැහැව්වත් එකයි කොහොම හරි ගරන්නමයි බලන්නෙ
උතුරු මැද නොවේ... අනිත් පළාත් වලත් නවත්වන්න...!
නියමයි දෙමව්පියන්ගේ සල්ලි හූරාගෙන කන එක නවත්තන්න ඕනෑමයි. අනෙක් පළාත් වලත් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි...
උතුරුමැද විතරක් නෙමේ අනිත් පළාතේ වලත් නවත්තන්න
දැන් කිුයාත්මකද හොද තීරණයක් උසස්පෙල පාස් රැකියා විරහිත තරැණ ලමයින්ට අවස්ථාවක්.රජයේ ගුරැවරැ රස්සා දෙකක් ඔන නැනේ
ඉතා හොදයි
මිනිසුන් රවටන බොරු චක්‍ර ලේඛන ගේන්න එපා. නිසි විසඳුමක් මිස. රජයේ නිලධාරීන් බොරුවට දේශපාලකයින් නියෝග දුන්නාට තේරීමක් නැති වැඩ කරලා මාධ්‍යයට දාන්න එපා. හරි දේ හරියට කරන්න.
ඇයි පාසල් වේලාවේ ටියුෂන් තහනම් කරන්න බැරි මේ වගේම