හෙරොයින් ග්රෑම් දෙකයි මිලි ග්රෑම් දෙසීයක් ළඟ තබාගත් බව කියන සැකකරැවකු ගල්කිස්ස බඩෝවිට දී (26) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලීසිය කියයි.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය වැටලීම කළේය.
කල්පිටිය මුහුදේ පා වෙමින් තිබූ රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා කේරළ ගංජා පාර්සල් 10 ක් සහිත බෑගයක් හමුවූ කල්පිටිය කන්දකුලිය ධීවරයෙකු අද (26) උදෑසන එය කල්පිටිය නාවුක හමුදා කඳවුර වෙත බාර දී ඇත.
කොළඹට ප‍්‍රවාහනය කිරිම සදහා සූදානම් කොට තිබූ රුපියල් ලක්ෂ 60 පමණ වටිනා කේරළ ගංජා කිලෝ 30 සමඟ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු යාපනය පේදුරුතුඩුව චැම්පියන්පත්තු ප‍්‍රදේශයේදී අද (26) පේදුරුතුඩුව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් ගංජා, දකුණෙන් කුඩු, ජරාජීර්ණවු දේශපාලනයෙන් රටම කුඩේ කුඩු (බ)
ජාතික සංහිදියාව (බ)