ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව කොහුවල පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස පෙනී සිටි වෛද්‍යවරියක බව කියන මානිපායි මුහමලේ සිවපාදන් මුරුගානදී (ආනන්දි රාධක්‍රිෂ්ණන්) රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේසිංහ මහතා අද නියෝග කළේය.
ඇය රත්නපුර වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය යටතේ ආනන්දි රාධක්‍රිෂ්ණන් යන ව්‍යාජ නමින් පෙනී සිට ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ උසාවිය වෛද්‍ය වෘත්තියේ යෙදුණ හොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ඉන්න පොලිස් කාන්තාවන්ට වැඩිය අපේ රටේ ඉන්න පොලිස් කාන්තාවන් හැම අතින්ම ලස්සනයි. (නි)
හොඳ තිරණයක් (ස)
ඇන්ඩ්දෘ..ඇයි එයාට මුනේ පව්ඩර් ටිකක් ගාන්න තහනම්ද ..? ලංකාවේ සෑම ගැහැනියක්ම දැලි හොටු පෙරාගෙන බිම අතු ගෑවෙන සායක් හෝ චීත්තයක් ඇදගෙන කොන්ඩේවත් නොපීරා...බුලත්විටක් හපාගෙන දත්විලිස්සාගත් යකෙක් වගේ ඉන්න කියලද ... මායා පිරිමි සංස්කෘතියේ ලියවිලා තියෙන්නේ ..? (ස)
මෙයා උතුරේ කොටින්ගේ දත් ගලවපු, පුරවපු, එයාලගේ පුහුණුව හා ලයිසම ලබාගත්තු එක්කෙනෙක් වෙන්නැති. (අ)
ඇයි චාමරට අමාරුද පොලීසියට බැන්න අයව හිරේ යැව්වාට.නීතිය රකින නිළධාරින්ට බාධා කරන නැහැදිච්ච අයට දෙන්න ඕන ඒ වගේ දඩුවම් තමයි.සමහර සල්ලිකාර නෝනලා හිතාගෙන ඉන්නේ කාර් එකක නැගල ඉගිලිලා යනකොට තමාට වඩා වෙන කවුරුවත් තවත් නැහැ කියලා. දැක්කානේ පොලසීසියට බැන්න මහ ලොකු සල්ලිකාර නොනට දැන් මොකද වුණේ කියලා. (අ)
ඇන්ඩෲ, රුසියන් පොලිස් කාන්තාවන් දැකල තියෙනවද? (ස)
හොරෙන් දත් ගැලෙව්වාට ඇප. පොලිසියට බැන්නට නෝනයි මහත්තයයි දෙන්නම රිමාන්ඩ් පුදුම ලෝකයක්. (ස)
කාන්තා නියෝජනයේ සැබෑ හඩ , අරින්න එපා රුපවති (ස)
රු 25000 මේ මනුස්සය ගේ දවසක ගාන. දැන්නෙන්නවත් නැතුව ඇති.(ස)
කොටින්ගේ ඔත්තු කාරියක්ද? (අ)
පොලිස් කාන්තාව නිරූපන ශිල්පිනියක් ද ? (ස)