යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරේ බාල වයස්කාර දැරියන් අතවරයන්ට ලක් වීම වේගයෙන් වැඩි වී ඇති බවට උතුරේ කාන්තා සංවිධාන කියයි.
2012 වසරේ පමණක් වයස අවුරුදු 15ට අඩු දැරියෝ 256 දෙනෙක් අතවරයන්ට ගොදුරු වුහ .මේ වසරේ මාස හතරකදී දැරියෝ 68 දෙනෙක් ලිංගික අතවරයන්ට ලක් වුහ.
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය ඇතුලු එහි නිලධරයෝ උතුරු ප‍්‍රදේශයේ සංචාරය කරමින් උතුරේ වැසියන් දැනුවත් කිරීම සඳහා ළමා අපයෝජන වැලක්වීම පිළිබඳව සඳහන් ස්ටීකර් ත්‍රිරෝද රථ ඇතුළු වාහන වල ප්‍රදර්ශනය කිරිමට පියවර ගැනිණි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා යමක් ලියන්න හිතාගෙන අවේ. වැඩක් නැහැ. (ත)
ඔන්න මම නම් ඕවාට නැහැ.(නදී)
පෙකනිය නොදක්වා සලු අද බොලට දක්වා නොපව තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා මේ ඔවදන් එදා මෙන් අදත් පිලිපැද්දා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නි)
ලතා ඉංග්‍රීසි කතා කරනවා නම් මන් කියන මේ පත්තර ටික අන්තර්ජාලෙන් උනත් කියවාගන්ට පුළුවන්. ගල්ෆ් නිව්ස්, ඕමාන් ට්‍රිබියුන්, යු ඒ ඉ ඩේලි, කුවේට් ටයිම්ස් වගේ. . තව ඕන නම් බිබිසි, මිඩ්ල් ඊස්ට්, ෆ්‍රාන්ස් 24 මිඩ්ල් ඊස්ට්, ස්කයි නිව්ස් වගේ.(නදී)
අරාබි රටවල්වල ඔයවගේ දේවල් වෙන්නේ නැහැ. අපේ රටෙත් ශරියා නිතියට ඕනෑ දඩුවම් කරන්න (නි)
පොස්ට් වෝ සයිකෝ ට්රුම සහ තවත් නම් වලින් හදුන්වන මානසික තත්වයන් හටගන්නවා යුද්දෙකින් පස්සේ. යුද්දයක් තියෙනේකන් එක දැනෙන්නේ නැහැ. ඒක ඉවර උන ගමන් හටගන්නවා."ට්‍ර්යියේජ්" කියන චිත්‍රපටිය බැලුවොත් පෙනේවි. ඩෙංගු මදුරුවෙක් වත් මරා ගන්ට බැරුව ඉන්නකොට ඕව ගැන මොන කතාද.(නදී)
කවුරු කළත් අන්තිමට මේ බර පැටවෙන්නේ පවතින රජයට (නි)
පතිරාජ,ලෝකයේ කොහේ ගත්තත් මෙහෙම නැහැ, දැන් අපි ඉන්න රටවල ලංකාවේ වගේ පුංචි ළමයින්ව මේ වගේ විනාස කරන්න බැහැ. මොකද නිතිය හරිම තදයි ඔයා දන්නවද ඒ වගේ දේකට මේ පොලිසිය දෙන දඩුවම්.(නදී)
මේවා කරන්න ඕනෑ ආගමික එකමුතුවකින් කියලයි මට හිතෙන්නේ. උගත් නුගත් ජනතාව ගමින් ගමට ගොස් දැනුවත් කර සරලව තේරුම් කරදීම හොදයි. ඒ වගේම හන්දි වල රස්තියාදු ගහන කොල්ලන්ට තතු පහදලා දීලා වගකීමක් දෙන්න පුළුවන් නම්, ගම බලාගන්න පුළුවන් එයාලට (නි)
ස්ටිකර් ගහලා විතරක් නම් මේවා පාලනය කරන්න බැරිවෙයි (නි)
අපරද කරන අයට ප්‍රසිද්ධිය දඬුවන් දන්නා ඕන අරාබිය වගේ (අ)
හොඳ වැඩක්
මල් කැකුළු තලන අයට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඔනේ. (අ)
අනේ මොහොමඩ් අරාබි රටවල වෙන්නේ වැඩකාරියක් ගෙන්වා ගන්නවා ගෙදරටම.කාටවත් පෙනෙන්නේ නැහැ ඉතින්.මැදපෙරදිග පලවෙන පත්තරයක් කියලාව බලන්න කොච්චර ලිංගික හිංසන,දික්කසාද වෙනවද කියල. (අ)
අද ළමා අපචාර අපේ රටේ හැමතැනම සිද්ධ වෙනවා. ඒකෙ ගැහැණු ළමයි ,පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ.මේ දෙපිරිසේම පොඩි ළමයි විනාශ කරන නරුම මිනිසුන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
අපටවඩා බලවත් සහ සංස්කෘතිකව අපට වඩා දැඩි ඉස්ලාම් රටවලුත් සටන් කරනවා වෙළදපල අර්තිකෙන් බේරිලා ඉන්න එත් බැහැ.දැන් මැද පෙරදිග මුස්ලිම් කාන්තාවෝ කීදෙනෙක් කලිසන් අදිනවද.කරන්න ඕන එකම දේ තම වෙළදපල අර්තිකෙට අනුව සංස්කෘතිය විද්‍යානුකූලව අධ්‍යාපනික පදනමක් මත යාවත්කාලින කිරීම. (අ)
මිනිස්සු රටක සංවර්ධනය රුපියල් ශත වලින්ම මැනීමේ ප්‍රතිපල තමයි මේ (නි)
ඕවා වැඩි හරියක් කරන්නේ ප්‍රාදේශීය දේශපාලඥයන්ය. ඒගොල්ලන්ට රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මේ අපරාද සීග්‍රයෙන් වර්ධනය වේ. අපි කාටද මේවා කියන්නේ? (නි)
මේ පුංචි ළමයින් විනාශ කරන නරුමයින් නීතියේ රැහැනට අල්ලා දෙන්නට සහය වන්නේ කෙසේදැයි යන්න පිළිබදව අදහසක් දක්වන්න පුළුවන්ද? (නි)
කොටින්ට බයේ හරි සංවරව හිටපු උතුරේ ජනතාව ඒගමන නිදහස රිසිසේ බුක්ති විඳින්න පටන් අරන් වගෙයි. (නි)
නිරෝෂන්,මැද පෙරදිගට ඇවිත් ගෙදර ස්වාමියාගෙන් කරද වෙනවා නමුත් ඒ අපේ අයගෙනුත් බුරුලක් ලැබුනොත් ගෙදර කව්රුවත් නැති වෙලාවට ගෙදරට රිංගන අපේ සහෝදරවරුත් ඉන්නා බව ඔයා දන්නවා නේද? (නි)
එල්ලූම් ගසේ අවසන් තිරණය ඒ ඒ විනිසුරන්ටම බාර දෙන්න. (අ)
ලසන්ත සොයුර,අමුතුවෙන් පත්තර බලන්න දෙයක් නැහැ. මම වසර ගණනක් (ලංකාවට යමින් එමින් )මැදපෙරදිග රැකියාව කරන්නේ. නිරෝෂන් කියනවා වගේ අවුරුදු 13න් බදින්නේ නැහැ. හැම කෙල්ලෙක්ම (අරාබි )අවුරුදු 27-30 වගේ බදින්නේ.මොකද මෙයාලා ගෙවල් දොරවල් හදලා සියල්ල සම්පුර්ණ වෙනතුරු කසාද බදින්නේ නැහැ. අවසාන වශයෙන් කියන්න කැමතියි ලාබාල දරු දැරියන් හිංසාවට ලක් කරන්නේ නැහැ. තාත්තලා දුවලා සම්බන්දකම් පවත්වන්නෙත් නැහැ (නි)
ලසන්ත,මොහමඩ් කියන කතාව ඇත්ත.., ඔයා කියන විදියට ගෙදරට වැඩකාරියක් ගන්නේ අනාචාරයට ගන්න නොවෙයි මේ රටවල්වල මිනිස්සු තමන්ගේ බිරිදට හරි ආදරෙයි බිරිදගේ උදව්වට තමයි කෙනෙක් ගන්නේ. ඒ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් වැරදි ඇති නමුත් පුංචි ළමයිව නම් අපයෝජනයට ගන්නේ නැහැ. මොකද දෙන දඩුවම් මෙලෝ සතෙක් ඉවසන්නේ නැහැ සරියා නිතිය ගැන ඔයා දන්නැතුව ඇති. ලංකාවෙත් ඒ නිතිය එනවා නම් මෙවැනි අපරාද හුගක් අඩු කරගන්න පුළුවන් වේවි.(නදී)
ලසන්ත, මැද පෙරදිග පලවෙන පුවත්පත් ඔබ කියවා තිබේද ? එහෙම කියවන්න ඔබට අරාබි කියවීමට හැකියාවක් තිබේද? මා දන්නා තරමින් ලංකාවේ විතර දික්කසාද නඩු මැදපෙරදිග නොමැත. ඇත්නම් ඒ 100/1ක් පමණකි.(නදී)
ලසන්ත ඔයාලගේ මෙහෙ එන ටරමක් අක්කල අම්මල එන්නේ මේවගේ අරාබි අයව සතුටු කරන්නේද ලංකාවේ ළමා අපචාර අරාබි රටවල අක්කල අම්මල අපචාරය වෙනවා ලංකාවේ කුඩා එටකොට පිරිසිදු (අ)
මේකට හේතුව අපේ රටේ ස්ත්‍රී ප්‍රමාණයේ මදිකමයි. ඒක නිසානේ මේ පුංචි ළමයින් අතවරයට ගන්නේ. වැඩියෙන් ගැහැණු ළමයින් බිහිකිරීමේ සංවිධානයක් පළාත් සභා මට්ටමින් හෝ පටන් ගනිමු. එවිට තව වසර 10කින් ඔය ප්‍රශ්නය නවතීවි (නි)
පැලැස්තර විසදුම් මේවාට දැම්මට වැඩක් නැහැ,ප්‍රශ්නය හරිය තේරුම් ගන්නේ නැතුව. දැන් හැමතැනම හැගීම් ඇවිස්සෙන ගැහැණු රූප. ටීවී ගත්තත්, පත්තර ගත්තත්, පාරට බැස්සත් , ඉන්ටර්නෙට් , ඩිවීඩී ෆිල්ම් ,ගැහැණු දැන් අදින ඇදුම් විලාසිතා ... එක්කෝ මේ අවුස්සන එක නතර කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඇවිස්සිලා ඉන්න මිනිස්සුන්ට ඒකට අවස්ථාවක් නීතියෙන් දෙන්න ඕනෑ. දඩුවම් දීලා කෙනෙක් සමාජයෙන් ඉවත් කලට හෙට වෙන කෙනෙක් ඒ වැඩේ කරනවා (නි)
මම නම් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ව ජනතාව ඉද්රියේදීම එල්ලලා මැරුවොත් අනිත් අයත් ජීවිතේට මේ වගේ දේවල් කරන්නේ නැහැ. ඒ හැරෙන්න දැනුවත් කිරීම් පෝස්ටර් ගැසීම් මේවා අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ.නීතිය තද කරන්න. පොලීසියේ නිලධාරීන්ට පුළුවන් මේ වගේ අපරාධ කාරයින්ගේ සඟවලා තිබෙන ආයුධ හොයන්න එක්කගෙන යන්න. (නි)
මොහොමඩ්, මැද පෙරදිග ගැන මොනවට කියනවද , වයස 13 වෙද්දී නාකියෙකුට බැඳලා දෙනවා. ගෙදර ඉන්න වැඩකාරියට ලෝකෙට නොදැනී කොච්චර ලිංගික අතවර කරනවද? ඒවා පිට කාටවත් කිව ගමන් කොච්චර වද දෙනවද? අරාබිකාරයෝ ගැන කියවන්න එපා මොහොමඩ්. ලංකාවේ මුස්ලිම් වරුන්ට (කුඩු වෙළෙන්දෝ හැරෙන්ඩ) අපි ගරු කරනවා. ඒත් අරාබිය හෝ අරාබි නීති අපට ඕනේ නැහැ. අනාගත දරු පරපුර රැක ගන්න ජාතික වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඇතිවෙලා තියෙන්නේ.(නදී)
නිතිය කියන්නේ මිනිස්සු කඩන දෙයක් නොව හැදියාව සංවරකම ආරක්ෂා කරන දෙයක් විය යුතුයි. දඩුවම් දීම නොව ආනිසංස තේරුම් කරදීම යහපත් සමාජක් ගොඩ නැගිය හැකි ක්‍රමයක්. (නි)
මේවා හදන්න ඕනෑ මුල ඉදන්.... ඒ කියන්නේ අපේ ඉස්කෝල මිශ්‍ර කරන්න ඕනෑ. ගැහැනු පිරිමි බේදය තමයි මේකට මුල. එහෙම වුනාම ඔක්කොම යාලුවෝ වගේ. (නි)
මහීගේ අදහසත නරකම නැහැ. ඒත් එකටත් අවුරුදු 10ක් යනවනේ. ඊට වඩා හොඳ නැද්ද තායිලන්තය , පිලිපීනය වගේ රටවලින් කාන්තාවන් අපේ රටට ආනයනය කිරීමක් වෙගේ වැඩපිලිවෙලක් පටන් ගත්තොත්? (නි)
යුද්ධයක අවසාන ප්‍රතිපල වල එක් අංගයක්. මිනිසුන්ගේ මානසික තත්වය ගොඩනගන්න පුජ්‍ය පක්ෂය මීට වඩා ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් සැලසුම් කළ යුතුයි. එයට රාජ්‍ය නොවන සංවිදාන වල සහය ලබාගත යුතුයි. රජයද යම් දායකත්වයක් සැපයිය යුතුයි. (නි)
කාන්තාවන් ආනයනය කළැයි කියලා බාලවයස්කරුවන් අවශ්‍ය අයට ඒක විසදුමක් වේවියැයි මම නම් හිතන්නෙ නැහැ (නි)
නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමත්, ආගමික නායකයෝ එකතුවී මිනිසුන් දහමට වඩ වඩාත් නැඹුරු කිරීමෙන් පමනයි මේක විසදන්න පුලුවන් (නි)
මොහොමඩ් අපිටත් කියන්නේ ඔක්කොම වහගෙන හිතෙන් විදව විදවා ඉන්න කියලද? අපිටනම් ආපහු ගල් යුගයට යන්න ඕනේ නෑ.(නදී)
පතිරාජලා වගේ අය කරන්නේ එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කියන බොරුව ප්‍රකාශ කරලා, පාලකයන්ට එරෙහිව නැගෙන අප්‍රසාදයේ සැර බාල කිරීම(අ).
පුංචි දරුවන් මේ පවුකාර අමණයන්ගෙන් බේරා ගන්න නම් මේ එක්කෙනෙක් දෙන්නෙක්ට හරි බරපතල ලෙස දඩුවම් දෙන්න ඕනෑ.දුෂණය රට පුරා ඇවිලි ඇත්තේ රටේ නිතිය පස්සට ගිහින් ඇති නිසා.ධර්මිෂ්ට රාජ්‍යයක් කියා නම තිබුණට ඵලක් නැහැ ක්‍රියාවත් එසේ විය යුතුයි. මේ ලගදිත් මේ සම්බන්ධව බි.සි.සි එකේ වාර්තා කළා. උණහපුලුවාට උගේ දරුවා සම්පතක් වගේ. කාගේ වුනත් දරුවන් ඒ දෙමාපියන්ට සම්පතක්. (නි)
මේ පාර නම් අපචාර කට්ටියට වැඩ වරදියි වගේ. කාගේ වුනත් මේක හොද සංකල්පයක්. (නි)
මහී, ඔයා දන්නේ නැති වුනාට දැනටමත් ලංකාවේ කාන්තා ප්‍රතිශතය වැඩියි. එය ඉදිරියටත් වැඩි වෙනවා. ඔබගේ විසඳුම ළමා අපචාර වලට විසඳුමක් හැටියට ගත හැකි වුවත් එය අපචාරවලට විසඳුමක් නොවෙයි.මේවාට මූලික හේතුව වර්තමාන මිනිස්සුන්ගේ මනසවල් ගොඩක් විකෘති අදහස් වලින් පෙලෙන නිසාත් යහපත් සමාජ සාරධර්ම වල වියපත් වීමත්ය.මෙම වැරදි කරන උදවියව පුනරුත්තාපන වැඩසටහන් යටතේ යහමගට ගත යුතුයි (නි)
ඔබ තුමිය ඇයි අපේ හමුදාවේ සහ අනෙකුත් ආණ්ඩුවේ වාහන වල ඇයි මේ ස්ටිකර් ඇලෙව්වේ නැත්තේ. කරන්න ඔන දෙය නොවේ කර තිබෙන්නේ.(නදී)
ලෝකයේ කොහේ ගත්තත් මේවා සිද්ද වෙනවා. වර්තමානයේ දෙමාපියෝ වැඩිහිටියෝ ගොඩක් මේවා ගැන දැනුවත්. එනිසා මාධයට යනවා. අද සමාජය වේගයෙන් වෙනස් වෙනවා. ඉන්ටෙර්නෙට් ගත්තත් බොහෝ දේවල් බලන්න පුළුවන්. ඉස්සර සමාජය හරි කියලා කියන්නත් බෑ. ඒකාලේ බොහෝ වේලාවට ගැහැණු ළමයි කසාද බැන්දේ අවුරුදු 15 පිරෙන්නත් පෙර. හොදම දෙය දැඩි නීති සම්පාදනයයි මේවාට යොමු වන අයට. අනෙත් එක දෙමාපියන් අවබෝදයෙන් සිටීම. කලහැක්කේ අවම කිරීම පමණි.(නදී)
අහිංසක පුංචි දරුවෙක්ව තලලා මිනිහෙක් ලබන වින්දනය මොකක්ද? ගම්වල ඉන්න ආගමික නායකයින් එකතු වෙලා ගම් මට්ටමින් හෝ තමන්ගේ ගමේ මිනිසුන් හදන්න යම් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි (නි)
මෙතන තියන ප්‍රශ්නය නම් මට හිතෙන විදියට සමාජය පරිහානියට පත් වේගන යනවා කියලා එල් ටි ටි ඉන්න කාලේ මිනිස්සු දැක්කේ නැති වුනාට උතුරේ ඕනෑ තරම් ළමා අපයෝජන වෙන්න ඇති. දැන් තියන ප්‍රශ්නයට විසදුම් ලෙස අපේ ආගමික ආයතන මුල් වෙලා ගෙන් ගෙට ගිහින් හරි මිනිස්ස්නුන්ට යහ මග පෙන්වන්න ඕනෑ. ආගමික නායකයෝ දේශපාලනය කිරීම නවත්තලා මේ දේවල් වලට මුලිකත්වය දෙන්න ඕනෑ. අපි මේ වෙනුවෙන් ජනමතයක් ගොඩ නගන්න ඕනෑ. සමාජයේ යහ මගට අරගෙන ඕනෑ දේශපාලනයක් කළාට කමක් නැත. (නි)
වසන්ත, එහෙම නෙමෙයි. ගැහැණු නිරුවත සාමාන්‍යයකරණය කිරීමයි කළ යුත්තේ.දැන් බටහිර ඕවා අඩු ඇයි? මෙහෙ ගැහැණියකගේ දණහිස දැක්කත් ඉන්න බැරි පිරිමිනේ ඉන්නේ. ඔය ප්‍රබුද්ධ සංස්කෘතික පුරාජේරුකාරයෝ තමා මේවට වග කියන්න ඕනෑ. (නි)
ආගමට මිනිස්සුන්ගේ ස්වභාවික හැගීම් පාලනය කරන්න පුළුවන් සීමාවක් තියනවා.ස්වාභාව ධර්මයෙන් අවුරුදු 18 පමණ වෙද්දී ලිංගික හැසිරීමකට ශරීරය සුදානම් කළත් අපේ සංස්කෘතියෙන් ලිංගික හැසිරිමකට විවාහයක් වෙනකම් ඉන්න ඕනෑ. මේ ආර්ථිකයත් එක්ක විවාහ වෙන්නේ 30 පැනලා.එතකන් විදවනවා. (නි)
මේවට නිතිය දැඩි කිරීමට සාපේක්ෂව සංස්කෘතිය ලිහිල් කරන්න ඕනෑ. මිනිස්සු දැනුවත් කිරීමත් ඊට සමාන්තරව කරන්න ඕනෑ. ලොකු හෝටල් වටලන්න එපා කියලා නෙමෙයි අපි පොලිසියට කියන්නේ.කියන්නේ පොඩි ඒවා වටලන එක නවතන්න. ඊට සාපේක්ෂව ලිංගික අධ්‍යාපනේ පාසලෙන් ලැබුනම අනවශ්‍යය ගැබ් ගැනීමකින් තොරව මිනිස්සු නිදහස බුක්ති විදීවි.මේක 2013 මිස 1800 නොවේනේ. (නි)