ඇමරිකා පාපන්දු පුහුණුකරුවන් යටතේ උතුරේ තරුණයෝ 375 දෙනෙක් දොරේඅප්පු ක්‍රීඩාංගනයේ දීත්, නෙල්ලියඩි ශාන්ත මයිකල් ක්‍රීඩාංගනයේ දීත් පුහුණුව ලදහ.
යුද්ධයේ දී පාදයක් අහිවූ තරුණයෙක් ද ඒ අතර විය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු, 553 බලසේනාවේ කර්නල් විජිත සුබසිංහ යන මහත්වරු ඊට සහාය දුන්හ.්
ඇමෙරිකා පාපන්දු සම්මේලනයේ පුහුණුකරුවන් වන මැතිව් බිල්මන්, ග්‍රෙග් ඩෙවිස්, ඊවන් ඩෙවිස්, චාර්ල්ස් ජොන්සන්, රොඩ්නි පීටර්සන් පුහුණුකරුවෝය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු පුහුණුවක් කමක් නැහැ. හැබැයි වෙනත් පුහුණු වලට ඉඩදෙන්න බැහැ (නි)
ලෝක හෝරා සමග පරිස්සමෙන් (ලෝකේ පළමු පෙලේ පින්පොකෙට් හෝරා ). (නදී)
මිනිපේ, එ්ක එහෙම නොවේ කියල කියන්න බැරි කමකුත් නෑ ලෝකේ වටේ වෙන දේවල් හැටියට. (නදී)
නීලා, ඔයාගේ බේස්බෝල් කතාව නම් ඇත්ත.රට හදන කතවක් මේකට සම්බන්ධ උනේ කොහොමද? අනික මම ලිඳේ ඉන්න බව ඔයා කොහොම හරි දැන ගෙන නේද. (අ)
මේක ගොඩක් හොඳ වැඩක්. අඩුම ගානේ ඒ තරුණයනට ඔරිජිනල් ෆූට් බෝල් ඇඳුම් අන්දලා සෙල්ලම් කලාම අාස හිතෙනවා ඒ විදිහට ඉන්න. එ්කෙන් වෙන්නේ ඒගොල්ලෝ පරණ නරක යුද්දෙකට තල්ලු වෙන එක නැතුව යන එක. අපි හැමදේම සුබවාදීව බලන්න ඕනේ. (නදී)
ඇමරිකන්කාරයාගේ න්‍යාය පත්තරය ගැන දන්නේ නැතුව ඇති. (නදී)
බලාගෙන ඉන්න. (නදී)
මිනිපේලා වගේ ගෙම්බෝ ඉන්නකල් හේ රට හැදෙන්නේ නැහැ. මොකද ගෙම්බා දන්නේ ළිදේ තරමි විතරයි. ඇමරිකාව දන්නේ සොකර්. අඩුම තරහේ බේස් බෝල් වගේ දෙයක් නම් හරි කියන්න පුලුවන්. ආර්ජන්ටිනාවෙන් හරි බ්‍රසීලයෙන් හරි පුහුණුකරුවන් ආවානම් තව කමක් නැහැ (නදී)
උතුරේ ඉඳන් බොහොම පහසුවෙන් ඉන්දියාවේ බුද්දි තොරතුරු ග්‍රහණය කරගන්න පහසුයි (නදී)
මේවට යන සල්ලි එන්.ජී.ඕ වලින්ද ?(නදී)
ඇමෙරිකාව සුදානම් වන්නේ ලංකාවේ උතුරුකරයෙන් ජාතික පාපන්දු කාණ්ඩයමක් හදන්න වගේ. (අ)
පාපන්දු පුහුණුව විතරක් නම් කමක් නැහැ ආයිත් යුධ පුහුණුව නැතුව. ඇමරිකන් කාරය ලංකාවේ මොන පළාතටත් වැඩියේ ආදරෙයි උතුරු පළාතට. මොකද දන්නේ නැහැ.(නදී)
දැන් කව්රුහරි කියාවි මේ ගොල්ලෝ සි අයි ඒ කාරයෝ කියලා. (නදී)
ඔය වැඩෙි කරන්න පොලිස් සහ ඉඩම් බලතල අවශ්‍ය උනේ නැහැනේද ගරු මහඇමති තුමනි.(දී)