මහ මැතිවරණයෙන් පරාජය වූවා නම් සදහටම දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.
ඔහු යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කර මෙවර ද පාර්ලිමේන්තුවට තේරී පත් විය.
මෙවර තමා ජයග්‍රහණය කරවූ ජනතාවටය ස්තුති කරන බව ද සුමන්තිරන් මහතා කියයි.
සුමන්තිරන් මහතා මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ පත් කළ මන්ත්‍රී ලෙස කටයුතු කළේය.
මහ මැතිවරණයෙන් පරාජය වුවත් දිගටම දේශපාලන වැඩවල නිරත වන බවත්, ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් හිටපු එල්ටීටීඊ් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ නායක එම් විද්‍යාදරන් මහතා කියයි.
තම පක්ෂය ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන වැඩ වල නිරතවුණාට කමක් නැහැ, ආයුධ අතට ගන්නේ නැතුව (නි)
සාමකාමී ප්‍රවාහයෙන් රට දෙස බලන්න.එවිට රටේ ජනතාව ඔබතුමන්ලාව ඉස්මුදුනින් පිළිගනීවි. (නි)