තමන්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉදිරි වසර දෙකක කාලයක් ඇතුළත මෙරට ජාතික ගැටලුවට විසඳුම් දිමට කටයුතු කරන බව එම පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පැවසුවේය.
ජාතික ගැටළුව ප්‍රතික්ෂේප කළහොත් අවිහංසාවාදිව සටන් කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු කීවේය.
මෙවර මහමැතිවරණය මගින් ජාත්‍යන්තරයට වැදගත් පණිවුඩයක් ලබාදෙනු ඇති අතර දෙමළ ජනතාවගේ එකමුතුව ඒත්තු ගැන්වීම අත්‍යාවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක එස්.ශ්‍රිධරන් මහතා කිලිනොච්චියේ රැස්වීමක් අමතමින් පැවසුවේය.
වසර 60 වැඩි කාලයක් මෙරට ඔවුන්ගේ ජනතාව හිංසනයට පිඩාවට ලක්වු අතර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පවා උල්ලංඝණය වී තිබු බව ඔහු කීවේය.
ශ්‍රි ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ දේශපාලන රැඳවියන් 80 දෙනකුගෙන් පසුගිය දින තුනක් සාක්සි විමසා ඇත්තේ ත්‍රස්තවාදි විමර්ශන ඒකකයේ නිලධාරින් ඉදිරියේ බැවින් එම කොමිසම නිකුත් කරන වාර්තාව මගින් තම ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙතියි අපේක්ෂා කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසුවේය.
සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් පිළිබඳව අතුරුදන්වුවන්ගේ ජනාධිපති කොමිසම ලබන මාසයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිත වාර්තාව අපක්ෂපාති සාධාරණ වාර්තාවක් නොවන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සිංහල ජාතික ගැටලුව' තේරුම් නොගන්නා දකුණේ අවස්ථා වාදී දේශපාලකයන්ට දෙමළ ජාතික නායකයන්ගේ ඒකායන පරමාර්ථය කරා යන ගමන පාඩමක් විය යුතුය. ඔවුන්ගේ ජයග්‍රහණය තුල 'සිංහල ජාතික ගැටලුව' රටතුල මතුවන දින මේ කතා කරන අප නැති වුවත් දුක් විඳින දුපතුන් අපට සාප කරනු ඇත.(නදී)
ඔවුන් හරි. එකමුතුව නැත්තේ අපේ සිංහල මිනිහා ළඟ. (නි)
13ට එහා යාම අනතුරු සහගතවේ (අ)