උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ක්‍රමයේ විසඳුමක් මෙරට ජාතික ගැටළුවට නොලැබුණහොත් ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ ජනතාව ජීවත්වී යනු ප්‍රශ්නාර්ථයක් බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක මාවෙයි සේනාධිරාජා මහතා යාපනය පොන්නායිල්හි පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසීය.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ ෆෙඩරල් ක්‍රමය යටතේ උපරිම බලය බෙදීමක් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලෙස අවශ්‍ය බව ඔහු කීවේය.
මෙම ෆෙඩරල් ක්‍රමය විවිධ රටවල ක්‍රියාත්මක වන බවත් එයින් වෙනම රටක් යන්න අර්ථකථනය නොවන බවත් සේනාධිරාජා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට නැගෙනහිරට වෙනම පාලනයක් අවශ්‍ය නැහැ. අපි ඒකීය ශ්‍රී ලංකාවක සෑම දෙනෙක්ම එක වගේ ඉන්න ඕනෑ. (නි)
ෆෙඩරල් ක්‍රමයෙන් දෙමළ ජනතාවට පිළියමක් ලැබෙන්නේ කෙසේද? ෆෙඩරල් ක්‍රමය තුළින් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ. (නි)