එළැඹෙන 2016 වසරේදී ජාතික ගැටළුවට විසඳුම් ලබාගැනීමට අවශ්‍ය නම් මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ශක්තිමත් ලෙස ජයග්‍රහණය කරවන්නැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ත්‍රිකුණාමලයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින් පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය ලබාගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා බවට පත්වූ බවත් එහිදී රටේ සමස්ත ජනතාව තමා තෝරා පත් කර ගත් බවට මමත්වයෙන් පසුවූ බවත් ඔහු කීවේය.
ඒ නමුත් රාජපක්ෂ මහතා කටයුතු කළේ දකුණේ නායකයකු ලෙස බවත් මෙරට යුද්ධය අවසන් කළේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රශංසා හිමිවූ බවත් ඔහු ප්‍රකාශ කළ අතර රටේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයෙන් මුදාගත් බවට රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් පැවති උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණවලදී ඔවුන් තම නායකත්වය හා වගකීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාට බාරදීමට කටයුතු කර ඇති බවත් සුමන්තිරන් මහතා එහිදී පැවසීය.
එදා ප්‍රශංසා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයම මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා තුනක් සම්මත කරගෙන ඇති බවත් පසුගිය වර සම්මතවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා තිබූ බවත් එය ගෙන ඒමට තම ඇතුළු පිරිස දැරූ උත්සාහය පිළිබඳව ජනතාව හොඳින් දන්නා බවත් ඔහු කීවේය.
හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආශිර්වාදයද සමගින් දෙමළ ජාතික සන්ධානයේ අරගලය ඉදිරියට ගෙන යා යුතු බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පසුගියදා පැවති දේශපාලන රැස්වීමකදී පැවසීය.
දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස මේ පසුකරමින් සිටින්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් යැයිද තම අරගලය අවාසනාවන්ත ලෙස අවසන්වූ අවස්ථාවක එම අරගලය ඉදිරියට ගෙනයාම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජනතාවට සිංහල තේරෙනවනම් මේ ඡන්දෙදි මුන්ගේ වුවමනාව ඉටු කරන යූ එන් පී එකට ඡන්දෙ දෙනවද? (බ)
අනාගතයක් ඕනා නම් අලියට, අතට හෝ සීනුවට ඡන්දෙ දෙන්ඩ. ජාතික ප්‍රශ්නයට විසදුමක් ගෙන එමු. (නදී)
සිංහලයින්ගේ ඉවසීමේ සීමාව ඇත්තේ අනන්තයේය. ඒ ඉවසීම ඔවුන්ගේ දුර්වලතාවයක් ලෙස සිතා කටයුතු කල හැමදෙනාටම අවසානයේ අත්වුයේ ප්‍රභාකරන්ට අත්වූ ඉරණමයි. මේ රටේ ඉතිහාසය දන්නා අය මෙය හොඳින් දනී. 'ප්‍රහාකරන්ලා' බිහිවූ හැමවිටකම 'රාජපක්ෂලාත්' මේ රටේ බිහිවුනි. ('රාජපක්ෂ' යන්න වැරදියට තේරුම් නොගන්න) (නදී)
ප්‍රබාකරන් ත්‍රස්තවාදියාගේ ආශීර්වාදය ඇතිව, මහින්දවත් එලවල ආයිත් මෙයාල රට යුද්දෙකට අැදලා දාවිද? (නදී)
අරගල කලාට නම් කම් නැත. එය කාගේත් ප්‍රජා අයිතිවාසිකම් දිනාගැනීමට කරන වෑයමක් නිසා බැවිනි. නමුත් එය සිදුවිය යුත්තේ අවියෙන් නොවන බව අහිංසක දෙමල ජනතාවට තේරුම් කරදීම ඔබතුමන්ලාගේ වගකීම වන්නේය.(නදී)
බෙදුම් වාදයට සැරසෙන මෙම කණ්ඩායම අද එක්ව සිටින්නේ කා සමගද ?ජනතාව මොලේ කල්පනා කර තමාගේ ජන්දය භාවිතා කරන්න! (බ)