‘දෙමළ අරගලය දිනන්න බැරි පාටයි‘
රටේ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා යාපනයේ දේශපාලන රැස්වීමකදී ප්‍රකාශ කළේය.
‘අපගේ අරගලය අතීතය දක්වා දිව යනවා. එයට විසඳුමක් ලැබෙන බව අපි සිතන්නෙමු. එම විසඳුම සාර්ථක වන්නේ අප ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුවහොත් පමණි. එහෙත් වර්තමානයේ මේ අරගලය දිනා ගැනීමේ හැකියාවක් නැත. ඉතා ඉවසීමෙන් හා අවබෝධයෙන් මේ කාලයේ අපට කටයුතු කිරීමට සිදුව ඇත. පසුගිය වසර 10 පුරා මහින්ද රාජපක්ෂ මහතාගේ මර්දනකාරී පාලනයක් පැවතුණා. මෙරට ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු අල්ප මාත්‍රයක අවධානයක් යොමු කළේ නැත. ඔහුගේ එකම අරමුණ වී තිබුණේ දෙමළ ජනතාව මර්දනය කිරීමත් රටින් පළවා හැරීමත් පමණයි. එහි ප්‍රතිඵලය ලක්ෂ 4කට වැඩි දෙමළ ජනතාවක් රටින් පිටව යාමයි‘
‘ටී.එන්.ඒ විසඳුම කාල බෝම්බයක්‘
මෙරට ජාතික ගැටළුව විසඳීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් විසඳුම් කාල බෝම්බයක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ක්‍රමය යටතේ උපරිම විසඳුම් ලෙස බලය බෙදීමක් ජාතික ගැටළුවට විසඳුම් ලෙස අවශ්‍ය බව පසුගියදා එළිදැක්වුණු දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය පිළිබඳ එසැණ කළ විමසීමකදී සංගරී මහතා කීවේය.
දෙමළ සන්ධානයේ මෙම ප්‍රකාශයෙන් ජනතාව අතර ඇති සමගියට බලපෑම් සිදුව ඇති බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉතිහාසය කියවා තිබෙන ඕනෑම කෙනෙකුට මේය කාලාන්තරයක් තිස්සේ ඔඩු දුවන ප්‍රශ්නයක් බව තේරෙනවා.මෙය වර්තමානයේ උච්ච අවස්ථාවකට පත්වී යුධමය වශයෙන් පරාජයට පත්කර තාවකාලිකව අවසන් වී තිබෙනවා.එයට පිළිතුරක් සෙවීම අපට ඇති ලොකුම ප්‍රශ්නයක්.ජර්මනියේ මෙම තත්වය දෙවන ලෝක යුධයකට යනතෙක් දික් ගැස්සුනා.බටහිර බලවතුන් වෙනම රාජ්‍යයක් තනා යුදහෙව්වන් ප්‍රශ්නය විසදන්නට කටයුතු කළා. අද පලස්තීනය ,ඊශ්‍රාලය ගැටුම මෙම ප්‍රශ්නය නිසා ඇතිවී කාලාන්ත්රයක් තිස්සේ ගැටුම් ඇතිවී දහස් ගණනක් ජිවිත බිලි දෙමින් සටන් ඇවිලෙමින් පවතිනවා.ඉවරයක් පේනතෙක් මානයේ පෙන්න නැහැ.අපේ මෙතෙක් පැවැති කිසිදු රජයකට ස්ථිර විසදුමක් මේ සන්බන්ධ්ව ගෙන එන්නට නොහැකිවී තිබෙනවා.මෙයට විසදුම වෙනුවට බණ්ඩාරනායක සිංහල බස රජ බස කිරීමෙන් උතුරේ හා දකුණේ කැරලි දෙකක් ඇවිත් දහස් ගණනක් තරුණ ජිවිත නැතිවන කැරලි ඇවිත් පෙරලි රැසක් සිදුඋනා.ජේ ආර් ජයවර්ධන රාජ්‍ය කාලයේ ඇතිවූ කළුජුලිය මෙම ප්‍රශ්නය විසදනවා වෙනුවට එය තුලින් මර්ධනකාරී පිළිවෙතක් අනුගමය කිරීමෙන් (පුස්තකාල ගිනි තැබීමෙන් ) ජාතිය හා තිබු පරතරය තවතවත් ඇත්කලා.ආත්ම ගානකට අමතක නොවෙන ලෙස මෙම වයිරය දෙමල ජනතාව තුල කා වැදි තිබෙනවා. මෙයට විසදුම එතරම් පහසු එකක් ඔවුනත් අපිට ස්ථිරසාර විසදුමක් කවුරුන් ගෙන් හෝ ලැබිය යුතුමයි.එය අපේ ජීවිතකාලය තුල ලැබුනොත් අපේ මෙන්ම රටෙත් භාග්‍යයක් (බ)
වෙන විකල්පයක් නැහැ. එජාපෙ ආවොතින් අනිවාර්යෙන්ම මෙයාලත් එක්ක එකතු වෙලා ස්ථාවර රජයක් පිහිටුවන්න උත්සහ කරාවි. එහෙම උනොත් එදාට, එජාපෙට මෙයාල ඉල්ලන වෙනම පරිපාලනය දෙන්න වෙනවාමයි. කරන්න දෙයක් නැහැ. අපට ඇති අවම හානිය මහින්ද මහත්තයා පමණයි. (නදී)
දෙමළ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නය ඔවුන්ගේ පංති භේදයයි. ශ්‍රී ලංකා රජය උතුර සංවර්ධනය කළහොත් සාම්ප්‍රදායික දෙමළ නායකයන්ට තමන්ගේ පැවැත්මට උපකාරී වන පංති භේදය නඩත්තු කර පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඔවුන්ට ඇති ලොකුම තර්ජනය එයයි. (ර)
වල්ගයේ ඇද අරින්න බැරිය (බ)
ඔබ තුමා බය වෙන්න එපා. අපේ රනිල් මහත්තයා එ්ක ඕගොල්ලන්ට දෙනව ඉක්මනට. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. (බ)
අනිත් එක නාමල් වගේ කට්ටිය ඉන්න කල් ඔබ තුමාලා බය වෙන්න එපා. එයාල රනිල්ට කියල කොහොම හරි ඔයාලට දෙනවා (බ)
ලංකාවේ බලය බෙදන්න යන මුලික පදනමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ජනවර්ග පදනම අනුව එය කිරීමට තැත් කිරීම. එය සැමවිටම දීර්ඝ කාලීනව රට බෙදා වෙන්වී යාමේ තර්ජනයකට මුණ දේවි. බලය බෙදීම සැමවිටම සිදුවිය යුත්තේ සම්පත් සහ භූමිය සමාන ලෙස බෙදී යන පරිදිය. අනික මහා ජාතියට සාමය සදහා උපදෙස් දෙන කිසිවෙක් , සුළු ජාතීන්ට, මහා ජාතියේ විශ්වාසය දිනා නොගැනීමෙන් කිසිවක් ලබාගත නොහැකි බව තේරුම් කර දෙන්නේ නැහැ. ඔවුන්ගේ දේශපාලකයන්ගේ කතා වල නිරන්තරයෙන් ඇහෙන්නේ වෙන්විය යුතු බව (නදී)
ලංකාවේ ඉන්න බොහෝ දෙනා යම් කිසි කාලයක ඉන්දියාවෙන් ආ අයගෙන් පැවතගෙන එන අය. අවුරුදු දහස් ගණනක් ආපස්සට බැලුවොත් කෙළින්ම බලංගොඩ මානවයාගෙන් පැවතගෙන එන අයට විතරයි ලංකාව අයිති වෙන්නේ (ම)
වෙන රටක් මුහුද ගොඩ කරලා හදාගන්න කියන්න.මේ රට බෙදන්න අපි කවදාවත් ඉඩ තියන්නේ නෑ.(ම)
දෙවෙනි පුරවෙසියන් නොවෙයි. අපි ඔක්කොම රට වැසියෝ. ඒකීය රටක අපි ඔක්කොම එකට ඉන්න ඕන. බලය අපි හැමොටම එකයි එකේ බෙදන්න දෙයක් නෑ. මේ රට බෙදන්න තරන් දෙයක් නෑ. සිංහල දෙමල සහ අනෙකුත් සියලුම පුරවෙසියෝ එකට එකාමෙන් ජීවත් වෙන්නයි ඕන. (ර)
රටේ හැම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙනකොට ඒ අයට වෙන මොනවාද ඕනි. කොයි තරම් දේවල් දුන්නත් ලැබුනත් ඒ අය එදා ඉදන් කීවේ "මදි නැහ බැහැ " කියන එක තමයි. (නදී)
ලංකාවේ හැමතැනම විසිරිලා ඉන්න දෙමල ජාතිකයන්ට එම පලාත්වල මිනිසුන් එක්ක සමගියෙන් ඉන්න පුළුවන් එ්ත් මේ ජාතිවාදය කර තියාගත්තා නායකයොන්ට තවම එ්ක කරන්න බෑ...මොකද එවුන් රැකෙන්නේ ඒකෙන් නිසා....මෙයාල කියන විදියට තාප්ප ගහල මායිම් වෙන්කරලා තමා දෙන්න වෙන්නේ....අනිත් පැතිවල ඉන්න කට්ටියත් එහෙට පටවල... (බ)
දෙනකල් බලාගෙන හිටු (ම)
ලොවෙහි ජනගහනයෙන් ඉතාම සුළු කොටසක් වන සිංහල ජාතිය වෙසෙන එකම රටෙහි, දෙමළ- මුස්ලිම් අයට එකමුතුව සිටීමට නොහැක්කේ ඔවුන්ගේ හීනමානය හා ජාතිවාදය නිසයි......(ම)
නාමල්, හරියට කියවනවද ලිපිය? මහින්ද සුදු ජාතින් මර්දනය නොකළේය. රටට අනවශ්‍ය විදියට අතපොවන්න දුන්නේ නැත. එය අපේ හොඳට මිසක් රටට අනදරේට නොව. (ර)
මේ නිවට මිනිසුන්ට එකම රටක් විදිහට හිතන්න වැඩ කරන්න බැරිනම් තමිල්නාඩුවටම යන්න.(ම)
ඇත්තටම ඉන්දියාවට යන්නකෝ, එහෙ පළමු පුරවැසියන් හැටියට ඉන්න පුළුවන්නේ. (ම)
මෙයාලනම් කවදාවත් සමගියෙන් වැඩ කරන්න සුදානම් නැති කොටසක්. දමිළයන් හෝ අනෙකුත් ජාතින් රටේ දෙවෙනි පුරවැසියෝ කියලා මෙයාල කියා ගත්තට මා දන්නා තරමින් රටේ මොනම පුරවැසියෙක් එහෙම අවමානයකට ලක් කරලා කතා කරලා නැහැ කොහෙදිවත්. (ර)
මහින්ද රාජපක්ෂ ඉන්නකම් කලේ සුලු ජාතීන් මර්ධනය කරපු එක.... අගෝ.17 පස්සේ පත්වෙන නව එජාප රජයකින් සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලැබෙනවා... දියුනු යුරෝපා සහ උතුරු ඇමරිකානු රටවල් වගේ අපේ රටෙත් ජාතිවාදය වැලලෙන, සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් ලැබෙන යුගයක් තමයි ඉදිරියට උදාවෙන්නේ. (ස)
නාමල් ලංකාවේ හැම ජාතියකටම සමානව සලකනවා. නමුත් මෙයාල ඉල්ලන්නේ වෙනම රටක් මනුස්සයෝ. (ස)
නාමල් ඔයා අද නාමල් හැටියට සිංහලෙන් ලියන්න කියන්න පුළුවන් කමක් ඇතිව ඉන්නේ එදා සිටම අපේ රටේ මහින්ද වගේ අය එහෙන් මෙහෙන් හරි හිටපු නිසයි.(නදී)