උතුරු - නැගෙනහිර ජනතාව සන්ධානගත පක්ෂ මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා පවසයි.
(ඔහු නම නොකියා කියනුයේ ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බව කියති.)
උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානයට පමණක් ඡන්දය ලබා දීම මගින් පමණක් සන්ධානගත දේශපාලන පක්ෂ මුලිනුපුටා දැමීමට හැකිවන බව ද ඒ මහතා සඳහන් කරයි.
උතුරු නැගෙනහිර පළාත් වලින් ආසන 20ක් දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහනය කර දීමට ජනතාව කටයුතු කිරීම මගින් දෙමළ ජනතාවගේ ගැටලුවලට අනාගතයේ දී තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ද සම්බන්දන් මහතා පවසයි.
යාපනයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී ඔහු මේ බව කීවේය.
යාපනය මරුදනාමඩන්තිල් ප්‍රදේශයේ පැවැති දෙමළ ජාතික සන්ධාන ප්‍රථම දේශපාලන රැස්වීමේ දේශන පැවැත් වූ කථිකයන් සිය කතාව අතරතුර කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නම ප්‍රකාශ කළ සෑම අවස්ථාවකම රැස්ව සිටි ජනතාව මහත් ඔල්වරසන් දුන් බව යාපනයේ උදයන් පත්‍රය කියයි.
මේ රැස්වීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් ගේ නම යහපලානේ කොහොමත් ගෑවිච්ච නමක්. මුලදී ගිවිසුම් ගහපු කට්ටිය. තව අවුරුද්දක් යන්න ඉස්සෙලා යහපලානේ තිබුනොත් යාපනේට විසා අරන් තමයි යන්න වෙන්නේ. (නදී)