උතුරු - නැගෙනහිර ජනතාව සන්ධානගත පක්ෂ මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා පවසයි.
(ඔහු නම නොකියා කියනුයේ ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බව කියති.)
උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානයට පමණක් ඡන්දය ලබා දීම මගින් පමණක් සන්ධානගත දේශපාලන පක්ෂ මුලිනුපුටා දැමීමට හැකිවන බව ද ඒ මහතා සඳහන් කරයි.
උතුරු නැගෙනහිර පළාත් වලින් ආසන 20ක් දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහනය කර දීමට ජනතාව කටයුතු කිරීම මගින් දෙමළ ජනතාවගේ ගැටලුවලට අනාගතයේ දී තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ද සම්බන්දන් මහතා පවසයි.
යාපනයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී ඔහු මේ බව කීවේය.
යාපනය මරුදනාමඩන්තිල් ප්‍රදේශයේ පැවැති දෙමළ ජාතික සන්ධාන ප්‍රථම දේශපාලන රැස්වීමේ දේශන පැවැත් වූ කථිකයන් සිය කතාව අතරතුර කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නම ප්‍රකාශ කළ සෑම අවස්ථාවකම රැස්ව සිටි ජනතාව මහත් ඔල්වරසන් දුන් බව යාපනයේ උදයන් පත්‍රය කියයි.
මේ රැස්වීම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු හසුන
ඇසළ Sunday, 26 July 2015 01:26 PM
ප්‍රභාකරන් ගේ නම යහපලානේ කොහොමත් ගෑවිච්ච නමක්. මුලදී ගිවිසුම් ගහපු කට්ටිය. තව අවුරුද්දක් යන්න ඉස්සෙලා යහපලානේ තිබුනොත් යාපනේට විසා අරන් තමයි යන්න වෙන්නේ. (නදී)