ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කළ තරුණියන් තිදෙනෙක් සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවු බව කියන පුද්ගලයෙකු අබුඩාබි ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා මෙරටට එවා සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
තරුණියන් තිදෙනා ඔවුන්ගේ සැබෑ ගුවන්ගමන් බලපත් භාවිතා කරමින් නිත්‍යානුකූල අයුරින් මෙරට සිට අබුඩාබි බලා ගොස් ඇති අතර එහිදී ශ්‍රී ලාංකික තැරැව්කරුවා හමු වී ඇත.
පසුව ඔවුහු ව්‍යාජ ගුවන් ගමන් බලපත් හා වීසා භාවිතා කරමින් අබුඩාබි සිට ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කරද්දී මෙලෙස පිටුවහල් කොට එවා ඇති බව වාර්ථා වෙයි.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 124 දරණ ගුවන්යානයෙන් ආපසු එවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ඊට පස්සේ ලංකාව ගැන බොරු කියල සරණාගතයෝ වෙන්ඩ බලනවා (නදී)
මේ වෙන දෙවල් බලද්දී හෂී වීරවංශගේ ප්‍රස්නය නිර්ව්‍යාජයි වගේ. එගැන හොර පාස්පෝට් ගැන ෆයිල්වෙලා නෑ. දෑන් මේවා අහුඋන නිසානේ. අහු නොවි දවසකට කොච්චර යනවාද? ඒක නිසා සුලු සුලු හොරකම් අල්ලන්නේ. නැතිව තෝරු මෝරු අල්ලලා පෙන්වන්න. මිනිස්සු දැන් දියුණුයි. දින 100 බලාගෙන ඉන්නේ පාස්පෝට් විතරක් අල්ලලා මදි. (නදී)
ඔහොම ගිහින් තමා ලංකාවේදී ඔවුන්ට ජීවිත තර්ජන තිබුණා කියා සරණාගත වීසා ලබන්නේත් (නි)
ඔව් ඔව් මුළු රටේම ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ පාස්පෝට් බලන්න . ලොකු ලොකු ළමාතැනිලාව අනේ පව් කියල පැත්තකට කරන්න බැරිය එතකොට. දැන් මේ කාන්තාවන්ගේ මහත්තුරු දේශපාලකයන් නෙවෙයි නිසානේ මෙහෙම කර මුලින්ම අල්ලා ගත්තේ. ඒගොල්ලන්ට ඇප දෙන එකකුත් නැහැ. (අ)
මේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ජනතාව දැන් තේරුම් අරගෙන අවසානයි (නි)
මහජනයා මේවා බලාගෙන ඉන්නවා දේශපාලන පළිගැනීම්ද නීතියද කියලා.හැබැයි මාධ්‍යයට අත තියන්න සූදානම් වෙන්න එපා.මාධ්‍යය තමා රටක පෙරගමන්කරුවා (නි)
මේ ද්‍රවිඩ අයට කවදාවත් ලද දෙයින් සැනසෙන්න බැරි ගතියක් තියනවා. මම දන්නා මැද පෙරදිග, මැලේෂියානු සහ ඇමරිකාවේ රටවල ඉන්න හැම අයගෙම ගති ලක්ෂණය එ්ක තමා.(නදී)
සමන් මෝඩ කතා කියන්න එපා. ලද දෙයින් සැනසෙන්න බැරි උදවිය හැම ජාතියේම ඉන්නවා. පාස් පෝට් එකට බොරු තොරතුරු දුන්න නෝනලාට මොනවයින් අඩුවක් වෙලාද එහෙම බොරු කලේ?. (නදී)