දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්දිරන්ට විරෝධය පළකරමින් ‘දූෂිත දෙමළ දේශපාලකයින්‘ යන තේමාව යටතේ යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ පෝස්ටර් අලවා ඇත.
මෙම නායකයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ක්‍රීඩා පිටියේ පැවති නිදහස් උලෙළට සහභාගී වීම විවේචනය කරමින් එයට විරෝධය පළ කර ඇත.
සුමන්දිරන් හා සම්බන්ධන් දේශපාලනයෙන් ඉවත් කිරීම වැඩි ඈතක නොවන බව දෙමළ ජනයාගේ අපේක්ෂාව යැයිද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට හරි පුලුවන්නම් උතුරේ නිදහස් දින සැමරුමේ ෆොටෝස් හොයල බලන්න ඇත්ත හොඳටම තේරේවි (නදී)
නුදුරු අනාගතයේදීම බොහෝ දේ දැක විඳගැනීමට ලැබේවි (නි)
කොහොමද මොන දේ දුන්නත් මොලේ ඇති උතුරේ අයගේ ඉල්ලීම ? ඇස් කන් ඇති අය අවදි වේවා !(දි්ල්)
බලධරයනි, ජාතික ආරක්ෂාව ගැන නැවත වරක් සිතිය යුතුයි නේද? (අ)
අපිටයි ජාතිවාදීන් කියන්නේ. උතුරේ ඉන්නේ මේ ජාතිවාදීන් නෙවෙයිද? කොච්චර හොඳ කරත් වැඩක් නෑ. ඔයාලා එහෙමනම් අපිත් එහෙමයි. අපි මේ ජන්දෙදි ආයෙ අනිත් පැත්තට දෙනවා. එතකොට අමාරුව සනීපවෙයි. (අ)
''ඇයි යාපනේ ඉන්නේ මිනිස්සු නෙමේයිද'' කියල අහන අපේ පංගුවක් සිංහලුන්ට ඔන්න උත්තරේ. ටික කාලයක් සද්ද නැතුව හිටිය අයෙත් පටන් අරන් වගේ .නිය පොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා . (අ)
අනාගත පරම් පරාව ඔහොම නම් ලංකාව දෙකඩ වෙන එක නවත්තන්න පුළුවන් වේවිද? සිංහලයන්ට කියනවා ජාතිවාදී වෙන්න එපාලු.....(අ)
යලිත් මුලින් ආරම්භ වූ තැනටම. පෙර උතුරේ සිටි ද්‍රවිඩ නායකයින් පසුව ද්‍රෝහීන් වුණෙත් මෙලෙසමයි. මේ ඇති වෙන්නේ භයානක තත්වයක් (අ)
එයාලගේ අරමුණු වෙනස්වෙලා නැහැ කියන එක තවම තේරුම් ගන්න බැරීද?(දිල්)
ගණන් ගන්න එපා අරුණ..යහ පාලනේ ගෙනාවනේ.හෙට අනිද්දා සියලු මුරපොළවල් වහල කදවුරු ඉවත් කරගෙන බුද්ධි අංශ ඉවත් කරලා 13 ත් එක්ක එයාලටත් යහ පාලනය දුන්නම එයාල හතර පෝයට සිල් ගනීවි.(දිල්)
ඒ කොල්ලෝ ටිකටත් දෙයියන්ගේම පිහිටයි.(හේ)
අපි ජාති වාදීන් නොවෙමු. එහෙත් දෙමළ අය බහුතරය එවැනි අය බව මින් සනාථ වෙනවා. ඔබ සැම දෙමළ වගේම ශ්‍රී ලාංකිකයන් කියා අමතක කරන්න එපා.අපේ මුතුන් මිත්තන් නුඹලාට නිදහසේ ඉන්න දුන්නු එක අමතක වෙලා වගේ. ලෝකේ හැම තැනම දෙමළ අය තමුන්ට රටක් හොයනවා. එ්ක ඉල්ලගන්න ඕන ඉන්දියාවෙන්. එතන තමා උඹලගේ නිජබිම.අනික් රටවලට ගිහාම උඹලට ඒ රටවල භාෂාව සිරිත් විරිත් හොඳට පුරුදු වෙන්න පුළුවන්. මව්රටේ භාෂාව වහ වගේ. යුද්දෙන් පස්සේ ලොකුම සංවර්ධනයක් කරලා දීල මහින්ද මහත්තය පැරදුනා (බ)
මේ වෙනසට හේතුව මොවුන් දෙදෙනා නිදහස් උත්සවයට සහභාගි විමයි. මෙයින්ම පෙනෙනවා මොවුන්ගේ අරමුණ මොකක්ද කියල. වැඩිකල් නොගිහින්ම අපිට ප්‍රතිඵල පෙනේවි. (බ)
අපේ රට පාලනය කරන අලුත් නායකයන්ට මේවා දකින කොට මොකුත් හිතෙන්නේ නැතුව ඇති. මොකද අවශ්‍ය දේ ලැබිලානේ තියෙන්නේ (බලය) සමහර සුළු ජාතීන් කොච්චර කිරි පෙව්වත් සර්පයා සර්පයාමයි. අවංකවම සිංහලේ රකින නායකයෝ නැතිකම අපේ කරුමයම තමයි (බ)
මේ ප්‍රතිචාර දක්වන අයගේ අදහස මට තේරෙන්නේ නැ. සම්බන්දන්ව නිදහස් උත්සවයට සම්බන්ධ කර ගැනීමද වැරදි? (බ)
ඉන්දික මනෝජ් මහතාණෙනි, වැරැද්ද ඇත්තේ සම්බන්දන් හා සුමන්දිරම් මහත්වරු නිදහස් උත්සවයට සහබාගි වීම නොව එසේ සහභාගි වීම නිසා ඔවුන් යාපනයේ තරුණයින් විසින් ප්‍රතික්ෂේප කිරීම තමයි වැරදි. (බ)
මහින්ද මහත්තයා නොහිටින්න මේ අයට අධ්‍යාපනය ලබන හැටි බලන්න තිබුණා.(හේ)
මට නම් පෙනෙන්නේ දෙමළ නායකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති වෙලා .එහෙත් අනෙකුත් දෙමළ පුරවැසියන්ගේ වෙනසක් ඇති නොවුණු බවයි . (හේ)
බළලා මල්ලෙන් එලියට පනී.(හේ)
දකුණේ සිංහල සමහර දේශපාලන නායකයන් කරන්නේ සිංහලයන් බෙදා වෙන්කිරීමයි. ඉන් ප්‍රයෝජන ගන්නේ වෙන අය. තේරෙනකොට කල් යයි. අනේ අපේ මිනුසුන්නේ අවාසනාව (නදී)
ඔය තියෙන්නේ, එලිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලම්. මහින්ද මහත්තය මෙයාලට කෙරුව වැඩි. (අ)
අන්තවාදීන් මොන ජනවර්ගය තුලත් ඉන්නවා. විශ්ව විද්‍යාලයක් ඇතුලේ ගැසූ පෝස්ටරයකින් බහුතර ජනමතය ප්‍රකාශ වේ යැයි සිතීම වැරදිය. සම්බන්ධන්ලාට ජනතාව කොයි තරම් දුරට ඇහුම්කන් දෙනවාද කියා පහුගිය ඡන්දයේ ඡන්ද ප්‍රකාශ කර තිබූ විදියෙන් පැහැදිලි වේ.(දිල්)
අලුත් නායකයන්ට ඕවා ගානක් නැහැ. රටට හෙන ගැහුවත් බලය තමන්ට ලැබුනානේ. අපේ ගොන් මිනිස්සු හැමදාම ඡන්දෙ දෙන්නේ වචන ගොඩකට. බොරු පොරොන්දු වලට. කියන ඒවා නොවෙයි කරපු දේ දිහා බලලා ඡන්දෙ දෙන්න.(නදි)