වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පළමු වරට දෙමළ තරුණියෝ 45 දෙනෙක් හා සිංහල තරුණියෝ 10 දෙනෙක් අද (26) බඳවාගනු ලැබුහ.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදි ශ‍්‍රි ලංකා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි හා ශී‍්‍ර ලංකා ඉංජිනේරු රෙජිමේන්තු කර්නල් සේනා විධායක මේජර් ජනරල් ක‍්‍රිෂාන්තද සිල්වා හා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් බොනිෆස් පෙරේරා ආරාධිතයෝ වුහ.
මේ තරුණියෝ වවුනියාව,මන්නාරම,මුලතිවි,කිලිනොචිචි,යාපනය හා මඩකලපුවෙහි පදිංචිකාරියෝ වෙති.
යුද හමුදා ඉතිහාසයේ පළමු වරට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේදි දෙමළ තරුණියෝ 95 දෙනෙක් මේ වසර මුලදී කාන්තා බළකායට එක් වුහ.jpg)
.jpg)
.jpg)
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි, විශේෂයෙන්ම මට සතුටුයි.(නදී)
අපේ රජයත්, අපේ ජනතාවත් ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒත් ජාත්‍යන්තරයට මේ පුවත් යනවා අඩුයි. තානාපති සේවය මීට වඩා කාර්‍යක්ෂම විය යුතුයි.(නදී)
මේ වගේ ප්‍රවුර්ති වලට මීට වඩා ප්‍රසිද්දියක් දෙන්න ඕන. පිල්ලෙටත් ඉන්දියාවටත් මුළු ලෝකයටත් මේවා පෙන්නන්න ඕන.(නදී)
හමුදාවට එක වන කාන්තාවන්ට ලිංගික අතවර වෙනවා කියන එක දන්නෙ නෑ ගොඩක් අය.(නදී)
දෙමළ නම් කමක් නැහැ (නි)
අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය (නි)
"ගත්තට නම් කමක් නැහැ. හැබැයි කල්පනාවෙන්" විජේ හරි. මටත් ඒකමයි හිතුනේ.හොද අවදානයකින් ඉන්න වෙයි.(නදී)
රට අපේය. අපි ඔක්කොම එක රටේය. ජය වේවා! (නි)
කාලෝචිත පියවරක්. අනික් රටවලට ආදර්ශයක්.(නදී)
සිංහළ,දමිළ ,මුස්ලිම් ඇතුලු අන් අයත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වෙමු. එකිනෙකා මේ රට බෙදා ගන්න හිතාගෙන දඟලන නිසා අනවශ්‍ය ගැටුම් ඇති වෙනවා. ඔබගේ එකතු වීම බහුතරයක් අනුමත කරාවී. (නි)
මේවායේ ප්‍රතිපල අනාගතයේදී දකින්න ලැබෙවී. පොලොන් විෂට බෙහෙත් නැතිවේවි.(නදී)
සුභපැතුම් මගෙන්
ඒ වැඩේ නම් 100% හොද වැඩක් (දී)
මේ රටේ සිංහල ,දෙමල සහ මුස්ලිම් ජනතාව අතර සමගිය ආරක්ෂා කළ යුතුයි. ජාතින් අතර සමගිය සහ විශ්වාසයද ගොඩනගන්න කටයුතු කළ යුතුයි (නි)
සියුමැලි දෑත් ඇත්තේ වැඩක් නොකර නිකන් කම්මැලිකමේ ඉන්න ගැහැණුන්ට (නි)
රට ගැන හිතලා වැඩ කරනවා නම් ජාතිය ප්‍රශ්නයක් නැහැ. දමිළ අය ඉන්නවා හොඳ අය. ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වගේ. අපිට ඕන එක රටක්. (ස)
සිංහල දෙමළ අපි ඔක්කොම එකම රටක ශ්‍රී ලාංකිකයෝ . ආගම ජාතිය කුමක් වුවත් මෙය තේරුම් අරන් ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් . පටු දේශපාලන අරමුණු වලින් අහිංසක ජනතාව මුලා කරන දේශපාලුවන් වැඩ නැතිනම් අපි සියලු දෙනා දෙමළ, සිංහල, මුස්ලිම් සැමට මේ කුඩා රට, ශ්‍රී ලංකාව ඉතා අගනා රටක් (ස)
රට රකින්න පෙරට එනු (ස)
අසන්න ලැබීමත්, දකින්න ලැබීමත් සතුටක් . සිංහල දෙමළ එකමුතුවක් රටේ ආරක්ෂාව සඳහා . මෙය මානුෂික අයිතිවාසිකම් ගැන දොඩවන නවී පිල්ලේ නෝනට හොඳ දැනුවත්වීමක් (ස)
ගත්තට නම් කමක් නැහැ. හැබැයි කල්පනාවෙන්. වැඩිය විශ්වාස කරන්න නම් එපා. (ස)
ගුණතිලක ආන්දවනේ (අ)
හරිම සන්තෝස පියවරක්. මේ කුඩා රටේ අපි ඔක්කොම එකතු වෙලා ලස්සනට ජිවත් වන්න පුළුවන් නම් එක තමා අපි අපේ රටට කරන ලොකුම ආදරයත් ගෞරවයත්. (ස)
ඇයි මේක නවනීදන් පිල්ලෙ නෝනට පෙන්නනේ නැත්තේ ? එහෙනම් තේරෙනවා ලංකාව මානව හිමිකම් නොකඩන රාජ්ජයක් කියලා , කරුණාකරලා මේවා පෙන්නන්න. (ස)
පෙර කල වැරදී හින්දා අපි 30 අවුරුද්දක් වටිආ ජීවිත, දේපල, නිරපරදේ නාස්ති කර ගත්තා, දැන්වත් ඒ මෝඩකම් නැවත නොකර එක මවකගෙ දරුවෝ වගේ සමගියෙන් සහ සාමයෙන් ඉමු. අපි කාටත් හොඳ වාසනාවන්ත වඩාත් සුන්දර රටක් වෙයි එවිට ලංකාව. (ස)
හරිම සන්තොසයි , ජයවේවා ලංකා , ජයවේවා ශ්‍රී ලංකා (දී)
හොඳ දේ හොඳයි. කලයුතු දෙයක්. (ස)
ඉතාම සන්තෝසයි. (ස)
අහා!!!!!!!! ප්‍රීතියි ,ප්‍රීතියි ,සතුටුදායක දසුනක් !! ඔන්න ඕවා තමයි රටකට විය යුතු දේවල්.., මගෙන් උණුසුම් සුබ පැතුම් !!!!!! (ස)
"මුස්ලිම් කාන්තාව නම් ගන්න එපා" කියලා මුස්ලිම් කෙනෙක් කීවා නම් කමක් නෑ. වීර එහෙම කිව්වේ ඇයි? ඉතා කීර්තිමත් මුස්ලිම් පිරිමි හමුදාවේ හිටියා. ලාෆීර්, මුතාලිෆ්, මීඩින් වගේ. මුස්ලිම් ආගමට අනුව ගැහැනුන්ට හමුදාවට බැඳෙන්න පුලුවන්ද කියලා අදහස් දාන මුස්ලිම් මිත්‍රයෝ කිවුවොත් හොඳයි. එහෙම පුලුවන්නම් මුස්ලිම් කාන්තාවන්ද බඳවා ගත යුතුයි. නිල ඇඳුමට මොට්ටක්කිලියක් එක් කරන එක ප්‍රශ්නයක් නොවෙයි නේ. දැනටත් දියතලාව දිහා රාජකාරි කරන සෙබලියෝ සීතලට ඔලුවේ මොට්ටක්කිලි බැඳගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා. (ස)
නවනීදන් පිල්ලෙ නෝන එනකොටම තමයි මේවත්.(නදී)
මේ වගේ වටිනා දේවල් ලෝකේ වෙන්නේ ලංකාවේ විතරයි. අනිත් රටවල යුද්දෙන් පස්සේ කරන්නේ සමුහ වශයෙන් ස්ත්‍රී දුෂණය, මංකොල්ලා කෑම් වැනි අපරාධ හමුදාව බලා සිටිද්දී පවා ඒ රටවල අපරාද කෙරුවා. මේ උතුම් දේවල් අර "පිල්ලේ නෝනට, ජයලලිත්ට, වෛකෝ වගේ අයට අනිවාර්යෙන් පෙන්නන්න ඕන. (ස)
මුස්ලිම් කාන්තාව නම් ගන්න එපා.ඊටපස්සේ ගරු ගාම්භීර හමුදා නිල ඇඳුමත් බූර්කාවට වෙනස් කරන්න වෙයි. (අ)
දමිළ අය ඉන්නවා හොඳ අය..සන්තෝසයි. උණුසුම් සුබ පැතුම්....!! (ස)
සියුමැලි දෑත් ඇත්තේ වැඩක් නොකර නිකන් කම්මැලිකමේ ඉන්න ගැහැණුන්ට. හමුදාවට තේරෙන්න තරම් සවිමත් මේ තරුණියන්ට සියුමැලි දෑත් කියන එක අපහාසයක් (දී)
කාලයකට පස්සේ හොද ප්‍රවෘත්තියක් අහන්න ලැබුනා. මේ වගේ වැඩ තමයි වෙන්න ඕනා. අපිට දැන්ම ඉදලා හදන්න ඕනේ කදිරගාමන්, ප්‍රනාන්දුපුල්ලේ වගේ අය.(නදී)
මංගල, නිශාර්ඩ්, ඔබලාට මගෙන් මල් මිටක්! (නදී)
ලංකාවේ ත්‍රිවිද හමුදාවට සහ පොලිසියට තව ගොඩක් දෙමල සහ මුස්ලිම් අය ගන්න ඕනේ. ලංකාව කියන්නේ අපි ඔක්කොගෙම රට . ඉතින් අපි ඔක්කොම එක පරිස්සම් කරගන්න එකතු වෙන්න ඕනේ. (නදී)