උතුරු පළාත්සභා මන්ත්‍රීවරුන් පිරිසකගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.
උතුරු පළාත් සභා විපක්ෂ නායක සින්නදුරෙයි තවරාජා මහතා පවසන්නේ තමන් ඇතුළුව ආනන්දි ශෂීදරන් මන්ත්‍රීවරියගේ සහ කනගරත්නම් වින්දන් මන්ත්‍රීවරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පළාත් සභා සභාපතිවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද ආරක්ෂක ඇමැති ? අගමැති ? බොරුවට මහජනතාව රවට්ටන්න එපා ! (බ)
රූපවතී මහත්මිය මම හිතන්නේ ඔබ දන්නේ නැතුව ඇති මහින්ද රාජපක්ෂත් 12000 අධික පුනරුත්ථාපනය කළ කොටි නිදහස් කළා. ඒ වෙලාවේ එය ජාතික ආරක්ෂාවට හෝ කොටි නැගිටීමට බල පෑවේ නැහැ දැන් රනිල් 38 දෙනෙක් නිදහස් කරන්න හදන කොට තමා ඔක්කොම ප්‍රශ්න.ටිකක් ඉවසල බලන් ඉන්න තව අවුරුදු 5 ක් යනකොට රනිල් කොහොමද මේ රට හදන්නේ කියල. එ්ක ඉර හඳ වගේ විස්වාසයි...(බ)
සෆ්රීන් ඔය මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා . මහින්දගේ කාලේ උතුරේ යුධ හමුදාව කදවුරු, පොලිසීය , හොදින් ආරක්ෂාව තිබුනා. දැන් කොහොමද උතුරේ කදවුරක් හමුදා කාරයෙක් බෙහෙතකට හොයාගන්න නැහැ, ඉතින් මැති ඇමතිලා උතුරේ ඉන්න අයින් නොකර ඉදියිද අපේ රජයෙන් දෙන පොලිස්කාරයව. හිතන්න ඔයාගේ පොල්ගෙඩියක් වගේ තියෙන ඔලුගේඩියෙන්..? (රේ)
ඔව් එතකොට පොලිසිය අයින්කළාම ලේසියෙන්ම මේ ළගදි නිදහස් වෙච්චි කොටි සාමාජිකයෝ ටික ළංකරගෙන එයාල මෙයාව ආරක්ෂා කරන ගමන් නැවතත් අලුත් ප්‍රභාකරන්ලා උතුර පුරාවටම අළු ගසාදාළ නැගිටීවි...?රනිල්ට ඕනේ වුනේ උතුර නිකම්ම කොටින්ට පවරලා දෙන්නයි. ඒකයි මහින්දව මරාගන්න ඕනේ වුනේ..හැමෝටම අනුන්ගේ කීම් අහල ? (බ)