රුපියල් කෝටි 6750ක වියදමින් ඉදි කැරෙන උතුරු අධිවේගී මාර්ගයේ සෙංකඩගල පිවිසුමට මහින්ද රාජපක්ෂ ජනපති අද මුල්ගල් තැබීය.
කිලෝමීටර් 300ක් දිග මෙම මාර්ගය අදියර හතරකින් ඉදි කැරේ.මුල් අදියර එඩේරමුල්ලේ සිට අඹේ පුස්ස දක්වාද,දෙවැනි අදියර කුරුණෑගල පැලන්දෙණිය දක්වාද ,තෙවැනි අදියර දඹුල්ල දක්වාද,සිව් වැනි අදියර දඹුල්ලේ සිට යාපනය දක්වාද මංතීරු හතරකින් ඉදිකැරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක සංවර්ධනයට මහා මාර්ග අතිශයින් වැදගත්, ප්‍රශ්නේ තියෙන්නේ මේවා කරන විදියේ කිසිම විනිවිද බාවයක් නැහැනේ, (ර)
සනත්,අනිෂා, අපි මෙවැනි සංවර්ධන වැඩ වලට අකුල් හෙළනවා නොවෙයි. නමුත්,අපි මෙයින් සිදුවන දුෂණය,වංචා ගැන කතා කරනවා. එය වරදක්ද ? කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න. (නි)
දැන් කොයි කාලයේද මේක නිම වේවි කියල බලාපොරොත්තු වෙන්නේ.? (ර)
අධිෙවිගී මාර්ග මෙන්ම. සාමාන්‍ය මාර්ග වල තදබදය අඩු කිරීම මගින් සෑහෙන කාලය නාස්තියක් වීම අඩුෙවනවා.(හේ)
මෙහෙ හැමතැනම අධිවේගී මාර්ග හදනවා. අපේ පැත්තේ හවස හයෙන් පස්සේ වැඩ ඇරිලා ගෙදරට යන්න බස් එකක් නැහැ. (නි)
හොද වැඩක්.(හේ)
ලංකාවේ මිනිසුන්ගේ "මොළ හෝදන"වැඩේනම් සාර්ථකව කෙරිලා තිබෙනවා කියලා මෙතන තිබෙන අදහස් ටික දැක්කම හිතෙනවා.(හේ)
පොදු මහජනයින් ලක්ෂ ගණනකට ප්‍රයෝජනවත් වෙන්න ගම්පහ කොළඹ හා කළුතර කොළඹ තෙවන දුම්රිය මාර්ගය ඉදි කරන්න. අවිස්සාෙව්ල්ල කොළඹ දුම්රිය මග ද්විත්ව මගක් කරන්න. (ර)
මෙවැනි මහා පරිමාණයේ ව්‍යාපෘති ගොඩනැගීමේ නිපුණත්වයන් ඇති හෙළයන් සිටින අප දේශයේ කොන්ත්‍රාත්කරුවන්ට මෙම සුපරි මග ගොඩ නැගීමේ කාර්ය පැවරුවා. විදෙස් විනිමයක් ඉතිරිකර ගත හැකි වනවා පමණක් නොව අපේ අයට රැකියා පහසුකම්ද ලැබෙනවා ඇත. නමුත් සුදුස්සන් පමණක් තොර ගත යුතුය .(දිල්)
ලංකාව පුරාවටම මෙවන් වැඩ කරන්න ඕනේ එතකොට තමයි ලංකාව දියුණු වෙන්නේ (දී)
මේ සංවර්ධන ක්‍රියාවලිය මම අගය කරනවා, මේ වැඩේ මිට කලින් කරන්න තිබුන වැඩක් (දී)
නුවරටත් හදනවාලු අනේ ඒ වැඩේටනම් මම 100% කැමතියි (දී)
රටක් දියුණු කරන්න මහාමාර්ග සහ ප්‍රවාහනය දියුණු කළයුතුයි. මොන ආණ්ඩුවද එහෙම කළේ? ලංකාව කීදෙනෙක් පාලනය කළාද මීට පෙර? (නි) කව්රුත් මාටිය ගහනවා බුදුවෙලා නැහැනේ. මමත් එහෙමයි .
මගේ සුභපැතුම් (දී)
මේක නම් බොහොම හොඳ ව්‍යාපෘතියක් (නි)
රුපියල් කෝටි 6750ක් කියන්නේ "කජු ඇට, කොස් ඇට" නෙමෙයි මිත්‍රවරුනි. (දී)
හොඳ නැහැ හොඳ නැහැ කියපු කීදෙනෙක් දැන් අධිවේගී පාරේ යනවද (දී)
* ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව * ජාතික කඩදාසි සමාගම * ශ්‍රී ලංකන් ගුවන් සමාගම. 2013 දී පාඩුව කෝටි 4020යි.කාටද ආඩම්බර? (අ)
හොඳ වැඩක් කරන කොට හොඳයි කියන්න ඕනේ (දී)
සමහර කොන්ත්‍රාත් කරුවෝ රජයෙන් බර ගානක මුදල් අරගෙන වැඩේ සුපිරි මට්ටමට කරන බව පෙන්නලා බොරු කරනවා. දක්ෂිණ අධි වේගී මාර්ගයේ සමහර තැන් මෙන්ම ලඟදි කාපට් කල පාරවල් පවා මේ තත්ත්වය තියනවා. ඒ නිසා මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියල පෙන්නලා දෙන එක මේ වගේ වැඩ වලට විරුද්ධ වීමක් කියල හිතන්න එපා. (අ)
අධීවේග හදනවට විරුද්ධව අදහස් දාන අයගේ මොලේ කචල්ද හැටිමද?(දිල්)
වසර 2014 වන තුරු අපි මොනතරම් පාරේ රස්තියාදු උනාද ගමනක් යන්න අධිවේගී මාර්ග ඉදිවීම ශ්‍රිලංකාවේ සිටින සියලුම දෙනාට වාසියක් පහසුවක්. සාමාන්‍ය පාරවල් දෙපස මිනිසුන්ට මරබියෙන් තොරව ඇවිද යන්න පදික වේදිකාවක් හදල දෙනවනම් තවත් වටිනවා. (ර)
කලංසූරියටත් ජයවේවා ! (අ)
ප්‍රශ්න තියනවා නමුත් වැඩේ අනර්ඝයි (බ)
මීටරයක් හදන්න ලක්ෂ 22.5ක් යනවා.(හේ)
හා එතකොට අධිවේගී මාර්ග හදනවට විරුද්ධව මේකේ අදහස් දාපු අය කවදාවත්ම ඒ මාර්ග වල යන්නෙම නැද්ද? කියන්න බලන්න. මොනවා උනත් නාස්තිය ගසා කෑම අවම කරලා උසස් ප්‍රමිතියට අනුව වැඩේ කරනවානම් තමයි අනර්ඝ.(දිල්)
මේවා හොඳ වැඩ. නමුත් කොළොඹ අවට වාහන තදබදයට පිලියමක් තවම නැහැ. (ර)
තිලක්, ඩුබාහි වල විතරද අධි වේගී මාර්ග තිබිය යුත්තේ ? (ර)
හොඳ වැඩක් කරනකොටත් සමහරු නරක අදහස් දන්නේ ඇයි. මේ ලෝකේ ඉන්න මිනිස්සුද මන්දා. (ර)
මේ වගේ හොඳ වැඩවල හොද දකින්න පුරුදු වෙන්න. දේශපාලනය ගාව ගන්නේ නැතුව. (ර)
අන්න බලන්න, ලියෝන්ට තේරුනා කාරණාව. (ර)
රටට අවශ්‍ය දෙයක් වෙනවනේ. අපේ අය ඉතින් මෙහෙ නිදහස් අද්‍යාපනය ඉගෙන ගෙන පිටරට ගිහින් වැඩ කරන හින්ද (එක වැරදි කියනවා නෙමේ ) ඉතින් නම පුවරු ගහන එකේ වරදකුත් නැ. කව්ද කලේ කියලවත් මතක් වෙන්න. (ර)
පඬ්තුමා එක එක නම් වලින් දාන අදහස් වලට හිනාත් යනවා (දිල්)
සංවර්ධනය අගය කළයුතුයි. (නි)
රටකට අදිවේගී මාර්ග අවශ්‍යයයි. නමුත් අපේ රටේ මහාපරිමාණ සංවර්ධනයකට යාමට පෙර ප්‍රාදේශීය වශයෙන් කල යුතු කුඩා සංවර්ධනයන් වන පාලම්, අතුරු මාර්ග ආදිය අලුත් වැඩියා කල යුතුවේ. (ර)
රටක් දිවුනුවෙනකොට මේ දේවල් අනිවාර්්‍යයෙන් ඕනේ. අනිත් රටවල්වලනම් අදිවේගී මාර්ගවලට සමාන්තරව බයිසිකල් වලටත් වෙනම මාර්ගයක් තිබෙනවා. (ර)
දියුණු රටවල් පාරවල් හදන්නේ රටේ මිනිසුන්ගෙන් බදු අයකරලා. ඒත් අපේ අයට එහෙම කළොත් මුළු රටම පාරට බහීවි (නි)
රට දියුණු වෙන වැඩක් (දිල්)
මේක පොඩ්ඩක් කලින් හැදුවනම්" මහින්දට බෑ"කියලා පාරේ ලියන්න තිබුනනේ...(බ)
ගෙදර යන ගමන් සේරම හුරගෙන යන්න වගේ හදන්නේ.(හේ)
මේ පාර හදන්න රටේ ජනතාව කොපමණ ණය විය යුතුද?(හේ)
තව කිලෝ මීටර 50 විතර හදන්න තිබ්බා මේ විනාශ කරන සල්ලි වලින්.(හේ)
අදිවේගී මාර්ගයක් හදලා විවෘත කරපු දවසේ හැමෝම ඇවිදගෙන ගියේ හරියට මානසිකව කාර් එකක ඉගෙන යනවා වගේ.මොනවා කරන්නද "මොළ හෝදපු" මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.(හේ)
ඉතාම හොඳ වැඩක්. මේ පාරවල් වලින් නියම ප්‍රයෝජනය ගන්න නම් රියදුරන්වත් මේ දියුණු මාර්ග වලට ඔබින අන්දමට දැනුවත් කළ යුතුයි.ඒ විතරක් නොවේ විනයක් ඇතුව රිය පැදවීමට රියදුරන් දිරිමත් කළ යුතුයි. නැතිනම් වෙන්නේ අර යුද්ධ කාලේ දිනකට අච්චර මැරුණා ,මෙච්චර තුවාල වුනා කීව්වට වඩා වැඩි ප්‍රමාණයක් දිනපතා මැරෙන, තුවාල වෙන එකයි.(හේ)
බි.එච්.ඇන්.චන්ද්‍රසේකර මහත්තයෝ, බොරු නම් කියන්න එපා. අපිට දැනගන්නත් එක්ක කියන්නකෝ බලන්න [එම අධිවේගයේ නමත් සඳහන් කරන්න] මොන රටේද අධිවේගී මාර්ගයක බයිසිකල් වලටත් සමාන්තරව වෙනමම මාර්ගයක් තියෙන්නේ කියලා.ඔබතුමාට මතකද දන්නෙ නැහැ අපේ කට්ටියක් එංගලන්තයේ අධිවේගයක බයිසිකල් පැදලා කරගත් අකරතැබ්බය? (නි)
ගම්ලත්, මොකද්ද නිදහස් අධ්‍යාපනයයි, පිටරට රැකියාවයි,මේ නාමපුවරු වලයි තියෙන සම්බන්ධය? හොරාට පළමුව කෙහෙල්කැන පැනලා වගෙයි බන්දුල මහත්තයෝ. (නි)
මම නම් කියන්නේ සංවර්ධනය යනු රටක නිරෝගී මිනිසුන් බිහිකරන එකයි. (නි)
අපෙන් සුබ පැතුම්.(හේ)
අපේ රටේ ඉන්න සමහර අය එක්ක කවදාවත් මේ රට සංවර්ධනය කරන්න බැහැ. මොකද දන්නවද? හොඳ වැඩක් කරන්න ගියත් ඒකට අකුල් හෙළන නිසා (නි)
අප රටට ලැබෙන සම්පත රැකගත යුතුයි (නි)
අධිවේගී මාර්ග හදනවිට රටක් දියුණු වෙනවා. බයිසිකල් පැදීමට ඒ අසළින් පාරක් තියන්න බැහැ නේද? එය අනතුරුදායකයි. (නි)
රටක් සංවර්ධනය කිරීම ඕනෑම රජයක වගකීමක් නේද?. ලෝකයේ බොහෝ රට රාජ්‍ය වල ඇවිද ඇති අපට පාරක්,පාසලක්, රෝහලක් හෝ වෙන කිසියම් පොදු කටයුත්තක් සිදුකළ තැනක දේශපාලඥයින්ගේ නම් ගම් සහ පින්තුර අලවා ඇති තැනක් නම් දැක නැහැ. මේවාට වැය කරන්නේ ඒ නාම පුවරුවල නම් ගම් සඳහන් අයගේ පෞද්ගලික ධනය නම් එසේ කිරීමේ කිසිම වරදක් නැහැ. (හේ)
දුෂණයෙන් තොර ඉහල ප්‍රමිතියකට අනුව මේ කටයුත්ත ඉක්මනින් ජනතා අයිතියට පත්කරන තෙක් බලා සිටිමු. (හේ)
රටක් සංවර්ධනය කිරීම රජයක මුලික වගකීමක්. ලෝකයේ බොහෝ රටවල ඇවිද ඇති අපට පාරක්, රෝහලක් හෝ පාසලක් හැදු තැනක දේශපාලඥයින්ගේ නම් ගම් සහ පින්තුර අලවා ඇති කිසිම තැනක් දක්නට ලැබී නැහැ. මෙවැනි වැඩකටයුතු එම නාම පුවරුවල ඇති අයගේ පෞද්ගලික ධනය යොදා සිදුකරනවානම් එලෙසින් ඒ අයගේ නම් ගම් සහ පින්තුර ඇලවීමේ කිසිම ගැටළුවක් නැහැ. අනුන්ගේ මුදලින් සිදුකරන වැඩවලට තමන්ගේ නම යෙදීම බාල වැඩක් නෙවේද? (ර)
තමන් යන දවසක ගෙනියන්නේ කළ වැදගත් වැඩේ පිළිබඳ සතුට. අපි ගමේ පන්සලේ ඉදිකිරීමේ වැඩකටයුතු වලට උදව් උපකාර කළා. ඔක්කොම එක එක්කෙනාගේ නම් පන්සලේ කොටස් කොටස් වල පුවරු වල ලියවා ගත්තා. අපේ ගෙදර කාටවත් ඒ වැඩේ කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒවා තමන්ගේ පුද්ගලික කැමැත්තට සිදුවෙන දේවල්. (නි)
අය-වැය හිඟය පියවලා ඉතුරු මුදල් වලින් මොනවා හරි දෙයක් කරන්න එපැයි. (හේ)
බලන් ඉන්නකෝ.අපි ලෝකෙට ණය කාරයෝ වෙන එක විතරයි.(හේ)
රුපියල් කෝටි 6750ක වියදමින් ඉදි කැරෙන උතුරු අධිවේගී මාර්ගයේ .... මම හිතුවා දැන්වත් ඔය අදිවේගී මාර්ග හදලා ඉවරයි කියලා.(හේ)
ලංකාවේ මංතීරු දෙකේ අදිවේගී මාර්ගයක කිලෝ මීටර් එකක් හදන මුදල් වලින් ප්‍රංශයේ මංතීරු 6 ක පාරක් ඉතාම උසස් තත්වයට හදනවා.(හේ)
මොනවද ඉතින් ලංකාවේ අදිවේගී මාර්ගයක් කියන්නේ පස් පිරෙව්වා,තාර තට්ටුවක් දැම්මා.අදිවේගී මාර්ගයක් කියලා ජනතා අයිතියට පත් කළා.(හේ)
වැඩේ හොදයි .ලංකාවේ අනික් පාරවල් නම් හදන්නේ එහෙම වියදම් කරලා තියෙනවා..(හේ)
ඉතා හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
මෙහෙම යනකොට අපේ රටේ අධිවේග වලත් බයිසිකල් තීරුවක් හැදේවි, දේශපාලකයන්ට ව්‍යායාම සඳහා. (නි)
මේක ඉක්මණින් හැදුනොත් කොච්චර හොඳද? (නි)
මේ ණය මුදල් වියදම් කරන විදිහ ගැන කිසිම විගණනයක් වෙන්නේ නෑ. චීන ණය ගන්න කොට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා. ඒවා කාට යනවද දන්නේ නෑ (දිල්)
එතකොට මෙහෙ විභාග සමත්කරගන්න බැරුව පිටරට ඉගෙනගන්න යන බලවත් සමහරු ගැන ගම්ලත් මොකද කියන්නේ? (නි)
වැඩ කරනවානම් එකට නම ගැහුවට කමක් නැහැ, වැඩ නොකර නිකන් ඉන්නවට වඩා. (දිල්)
ජය වේවා! මගේ රට දිනේවා! (නි)
ඉතින් මෙහෙ ඉගෙනගෙන සමහරුන්ට පිටරට රැකියා කරන්න පුළුවන් නම්, මොකද සාමාන්‍ය මිනිසුන්ට යමක් හරිහම්බ කරගන්න රැකියාවකට පිටරට යන එක වැරදි වෙන්නේ. (නි)
රටක දියුණූ මහාමාර්ග පද්ධතියක් තිබීම ඉතාම අත්‍යවශ්‍යයි (නි)
මෙවන් දේ වලින් තමයි රටක් දියුණුවෙන්නේ (නි)
මේ වගේ මගේ රට දිනෙන් දිනම දියුණුවෙනවා දකිනකොට අපිට හරිම සතුටුයි (නි)
බන්දුලට,ගම්ලත්ට, චන්ද්‍රසේකරට ජයවේවා! (නි)
ගම්ලත්ට මතක නැහැනේ, වැඩිපුරම පිටරට ගිහින් ඉගෙනගන්නේ කාගේ ළමයින්ද කියලා. මොකද මේ රස්සාවකට පිටරට යන කට්ටිය ගැන මෙහෙම කියන්නේ? (නි)
වැඩේ නම් හොඳයි . මේ වැඩේ ප්‍රමිතියකට කරන්න පුළුවන් උදවියට බාරදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් පාර දෙපැත්තේ තිබෙන කඳු ටික අධිවේගයේ යන වාහන වලට කඩාගෙන වැටේවි. (නි)
තිලක් මේක ප්‍රංශය නෙමෙයි ලංකාව. අපිට මෙහෙමහරි පාරක් ලැබෙන එක ගැන සතුටු වෙන්න. දැන් බලන්න මාතරට ගිහිල්ලා. කොච්චර ඉක්මනට යන්න පුලුවන්ද කියලා. (ර)
සමහරු මොනම විදියක හොඳ දෙයක් කළත් කියන්නේම වැරදි (නි)
මට පෙනුන අයුරින් හැම ගොඩනැගිල්ලකම කවුරුන් හෝ දේශපාලඥයන්ගේ නම් කොටා තිබෙනවා පොදු වැසිකිලිවල හැරෙන්න. (ර)
මමත් බලාගෙන ඉන්නේ අම්බලන්ගොඩ ඉඳල කුරුනෑගලට ඉක්මනට ගෙදර යන විදිහක්. ඉක්මනට හදන්න වාසනාව ලැබේවා.! (ර)