ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් උගන්ඩාව බලා ගිය ශ්‍රී ලාංකිකයෙක් යළි මෙරටට පැමිනෙද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබුවාය.
සැකකරු වැල්වැටිතුරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර ඩුබායි බලා ගොස් ඇත. පසුව එතැන් සිට ව්‍යාජ ඉන්දියානු ගුවන්බල පත්‍රයකින් උගණ්ඩාව බලා ගොස් ඇති අතර එරට බළධාරීහු ඔහුට රටට ඇතුළු වීමට ඉඩ නොදී ආපසු ඩුබායි වෙත හරවා යවා ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු එලෙස ඊයේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහුගේ අත ඇති ලියකියවිලි පරික්ෂා කළ ආගමන විගමන නිලධාරීහු වැඩි දුර විමර්ශනය කිරීම සඳහා ඔහු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන්ට බාර දී ඇත.
කෙසේ වෙතත් සැකකරු පවසා ඇත්තේ තමන් රැකියාවක් සඳහා ඩුබායි වෙත ගිය බවත් එහිදී තම ගුවන් ගමන් බලපත්‍රය නැති වු බවයි. පසුව එහිදී හිතවත් වු පුද්ගලයෙකු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ගුවන් ටිකට් පතක් ලබා දුන් බවත් ඔහු ලබා දුන් උපදෙස් අනුව තමන් ක්‍රියා කළ බවයි. තමා උගන්ඩාව බව නොදැන එහි ගිය බවත් ඔහු පවසා ඇත.
සැකකරුගේ ප්‍රකාශ සැක සහිත බැවින් ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටියට දැන් කොහොමත් උතුර දකුණ මාරුවෙලානේ තියෙන්නේ (නි)
ඒ නීලධරින් හරි (දී)
උතුර දකුණ නැගෙනහිර බටහිර එක මවකගේ සෙවනේ (දී)
මොහු ගැන මට නම් සැකයි. කෙසේනමුත් පරීක්ෂණයක් කරන එක නම් හොඳයි (නි)
මෙයා හොර ගුවන් ගමන් බලපත්‍රයක් අරගෙන වෙනත් රටකට යන්න ගිහින් අහුවෙලා, දැන් නොදන්නවා වගේ රඟපානවා කියලයි මට හිතෙන්නේ (නි)
අනේ එයා මුකුත්ම දන්නෙ නැතුව ඇති! (නි)
අනිවාර්යයෙන්ම මේ අසරණ මඟියෙක් වියයුතුයි (නි)
මට නම් හිතෙන්නේ මේ කතාවේ වෙනත් පැත්තක් තිබෙනවා කියලයි (නි)
තිලක් ඩුබායි, මොකද මෙයාට කඩේ යන්නේ? පුවත කියවා තේරුම් ගත්තද? එයා හොර පාස්පෝට් එකකින් වෙන කොහෙද උගන්ඩා යන්න ගිහින් (නි)
කොහොමත් ලංකාවෙන් වෙන රටවල් වලට යන ගොඩක් මගීන් වෙනත් රටවල ගුවන් තොටුපොළවල් වල හැසිරෙන්නේ උතුර දකුණ මාරු වෙලා වගේ තමයි ..(අ)
මේ දවස්වල උගන්ඩාව පැත්තේ තියෙන මරණය පමණක් ගෙනදෙන ඉබෝලාවත් ගෙනෙන්න ගියාද..? (නි)
කොලොම්බස් ඇමෙරිකාවට ගිහින් හිතුවේ ඒක ඉන්දියාව කියලනේ. ඔහොම වැරදීම් සිද්ධවෙනවා. හැබැයි, මේක නම් වැරදීමක් වෙන්න බැහැ. (නි)
මට නම් හිතෙන්නේ එයා අනිත් අයවත් රවට්ටන්න හදනවා වගෙයි (නි)