යුද සමයේ සිට යාපනයේ වසා දමා ඇති ළිං සැක සහිත බැවින් ඒවා පරීක්ෂා කළ යුතු බවට වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය ජනාධිපති, අගමැති, පොලිස්පති හා යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිගෙන් ලිඛිත හා වාචික ඉල්ලීම් කරන්නීය.
තමා යාපනයේ කළ සංචාරයකදී යුද සමයේ අතුරුදන්වූ සාමාන්‍ය වැසියන් මරා දමා මළ සිරුරු මෙම ළිං වලට දමා වසා දමන්නට ඇතැයි යන සැකය තමාට මෙන්ම ප්‍රදේශවාසීන්ටද ඇතිවූ බවත් ඇය මාධ්‍ය නිවේදනයක් මඟින් පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද වගේ කොන්ද පන ඇති නායකයෙක් අවශ්‍ය වී තිබේ. මට හිතෙන්නේ අපි අැදගෙනම නෑව කියලයි. (නදී)
හුඟක් ඇමතිවරුන්ට තමන්ට අයිති රාජකාරි අමතක වෙලා වගේ. එහෙම නැතිනම් වැරදි ඇමතිකම් දීලද කොහෙද. රන්ජන් භාවනා මධ්‍යස්ථාන පරීක්ෂා කරනවා. මෙහෙ වනිතා කටයුතු ඇමතිනි ළිං හාරනවා (නදී)
අනේ අපේ පැත්තේ ලින් ගැනත් සැකයි. හාරගන්ඩ බැරි වෙයිද දන්නේ නැහැ (නදී)
කියන්නකෝ පරණ ලින් හාරනවට වැඩිය අලුත් ලින් හාරන්න කියලා. වැඩක් ප්‍රයෝජනයක් තියන දෙයක් මිස පරණ තුවාල පෑරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. (නදී)
ඔබ තුමිය ඔබගේ වගකීම ඉටුකරන්න පටන් අරගෙන වගේ. මම හිතුවේ උතුරේ ජනතාවට පානිය ජලය ලබා දෙන්න හදනවා කියලයි. මේ කරන්න යන්නේ අායෙත් මිනිසුන් අතර මත හේද ඇති කිරීමක් නේද. මේකද ඔයාලගේ යහපාලනය. (නදී)
මේකද යහපාලනයේ අරමුණු. මේවා කරන්නේ අහිංසක ජනතාවගේ යහපතට නෙමෙයි යටි අරමුණු ඉටු කරගන්නයි (නදී)
ඉන්දික ඔබ හරි, මහින්ද ජනපති පරදන්න උඩ පැනගෙන කතිර ගහපු අපේ බහුතර දකුණේ අයට කරපු මෝඩ කම ගැන තේරෙනකොට කෝච්චිය ගිහින්. යුද්දෙදි අපේ සිංහල කොල්ලන් කොටි ග්‍රහණයේ තියාගෙන දස වද දීල මරල අතුරුදන් කරපුව හොයන්නේ රටින් ඇවිල්ලද?. (නදී)
විදේශ ඇමතිතුමනි අමාරු තීරණ ගන්න කාලය ඇවිත්.(හේ)
මෙතන සිදුවෙන්නේ තුවාල පැරීමක් නම් නෙමෙයි. ඔය අමුතු අමුතු අදහස් දාන අයගේ ඥාතියෙක් අතුරුදහන් වුණාම මොකද කරන්නේ?හඳුනා නොගත් මළසිරුරක් ගැන වාර්තා වුණගමන් ගිහින් බලනවා, ඉස්පිරිතාලවල ගිහිල්ල බලනවා, මිනි කාමරවල තිබෙන හඳුනා නොගත් මල සිරුරු බලනවා, පොලිසිවලට ගිහිල්ල පැමිණිලි කරනවා, විපරම් කරලා බලනවා එහෙමත් නැතිනම් පණපිටින් ඉන්නවද නැතිද කියල දැන ගන්ට අන්තිමට සාස්තර අහනවා නැතිනම් අංජනම් එලිත් බලනව, තමන්ගේ නැති වුණ ඥාතියාට මොකද වුණේ කියල. ඉතින් ඒවගේ ත්‍රස්තවාදී සමයේ උතුරේ ජිවත් වුණ හැම ශ්‍රී ලංකික ජනකොට්ටාසයකටම අතුරුදහන් වුණ තම ඥාතීන්ට මොකද වුණේ කියල හොයල බලන්ට එගොල්ලන්ටත් අයිතියක් තියෙනවා, අපි ඒ අයිතියට ගරුකළ යුතු බවයි මගේ අදහස. (අ)
අහිංසකයින් මරා වළ දම ඇත්නම් ඒගැන සොයා බැලීම වැරදිද? සිංහල වේවා දෙමල වේවා කවුරුත් මිනිස්සු. මම මේ කියන්නේ කොටි ගැන නොවෙයි. (අ)
අර කොටින්ට යටත් වෙන්න උපදේශ ලැබුණු පොලිස් නිලධාරීන් 600 ක් දාපු ළිඳත් හාරලා බලනවද ඔය ගමන්ම (අ)
හැම ආණ්ඩුවක්ම බලන්නේ ජාතින් අතර සමගිය ඇතිකරන්න.නමුත් උතුරේ සමහර උදවිය හැමදාමත් කළේ කරන්නේ බේද භින්න ඇති කරලා තමන්ගේ පැවැත්ම රැකගන්න. මේකටද සංහිදියාව කියලා කියන්නේ.(හේ)
යමෙකුගේ ජීවත්වීමේ අයිතිය නැතිකරන්න කිසිම කෙනෙකුට බැහැ.(හේ)
පසුගිය අවුරුදු 30 එල්.ටි.ටි. ක්‍රියාවලින් මියගිය අයගේ ඥාතීන් සියළුම දෙනාම එක් වී පෙරට එන්න රට බේරගන්න මහින්ද ජනපති කරවන්න (අ)
ගරු මැතිනියෙනි තුවාල පෑරීම, ජාතික සංහිදියාවද ? (නදී)