IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘උතුරේ වැසූ ළිං හාරනු‘

යුද සමයේ සිට යාපනයේ වසා දමා ඇති ළිං සැක සහිත බැවින් ඒවා පරීක්ෂා කළ යුතු බවට වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය ජනාධිපති, අගමැති, පොලිස්පති හා යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිගෙන් ලිඛිත හා වාචික ඉල්ලීම් කරන්නීය.

තමා යාපනයේ කළ සංචාරයකදී යුද සමයේ අතුරුදන්වූ සාමාන්‍ය වැසියන් මරා දමා මළ සිරුරු මෙම ළිං වලට දමා වසා දමන්නට ඇතැයි යන සැකය තමාට මෙන්ම ප්‍රදේශවාසීන්ටද ඇතිවූ බවත් ඇය මාධ්‍ය නිවේදනයක් මඟින් පෙන්වා දෙයි.



අදහස් (0)

‘උතුරේ වැසූ ළිං හාරනු‘

ජනක Thursday, 12 February 2015 06:30 AM

මහින්ද වගේ කොන්ද පන ඇති නායකයෙක් අවශ්‍ය වී තිබේ. මට හිතෙන්නේ අපි අැදගෙනම නෑව කියලයි. (නදී)

:       0       0

ඉන්දික Thursday, 12 February 2015 06:30 AM

හුඟක් ඇමතිවරුන්ට තමන්ට අයිති රාජකාරි අමතක වෙලා වගේ. එහෙම නැතිනම් වැරදි ඇමතිකම් දීලද කොහෙද. රන්ජන් භාවනා මධ්‍යස්ථාන පරීක්ෂා කරනවා. මෙහෙ වනිතා කටයුතු ඇමතිනි ළිං හාරනවා (නදී)

:       0       0

දිනුෂා Thursday, 12 February 2015 06:39 AM

අනේ අපේ පැත්තේ ලින් ගැනත් සැකයි. හාරගන්ඩ බැරි වෙයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ඇසළ Thursday, 12 February 2015 06:53 AM

කියන්නකෝ පරණ ලින් හාරනවට වැඩිය අලුත් ලින් හාරන්න කියලා. වැඩක් ප්‍රයෝජනයක් තියන දෙයක් මිස පරණ තුවාල පෑරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

නිලාන් Thursday, 12 February 2015 07:10 AM

ඔබ තුමිය ඔබගේ වගකීම ඉටුකරන්න පටන් අරගෙන වගේ. මම හිතුවේ උතුරේ ජනතාවට පානිය ජලය ලබා දෙන්න හදනවා කියලයි. මේ කරන්න යන්නේ අායෙත් මිනිසුන් අතර මත හේද ඇති කිරීමක් නේද. මේකද ඔයාලගේ යහපාලනය. (නදී)

:       0       0

මංජුල Thursday, 12 February 2015 08:05 AM

මේකද යහපාලනයේ අරමුණු. මේවා කරන්නේ අහිංසක ජනතාවගේ යහපතට නෙමෙයි යටි අරමුණු ඉටු කරගන්නයි (නදී)

:       0       0

ජයසේකර Thursday, 12 February 2015 08:20 AM

ඉන්දික ඔබ හරි, මහින්ද ජනපති පරදන්න උඩ පැනගෙන කතිර ගහපු අපේ බහුතර දකුණේ අයට කරපු මෝඩ කම ගැන තේරෙනකොට කෝච්චිය ගිහින්. යුද්දෙදි අපේ සිංහල කොල්ලන් කොටි ග්‍රහණයේ තියාගෙන දස වද දීල මරල අතුරුදන් කරපුව හොයන්නේ රටින් ඇවිල්ලද?. (නදී)

:       0       0

වසන්ත Thursday, 12 February 2015 08:44 AM

විදේශ ඇමතිතුමනි අමාරු තීරණ ගන්න කාලය ඇවිත්.(හේ)

:       0       0

නිර්ෂාන් ප්‍රසන්න Thursday, 12 February 2015 08:54 AM

මෙතන සිදුවෙන්නේ තුවාල පැරීමක් නම් නෙමෙයි. ඔය අමුතු අමුතු අදහස් දාන අයගේ ඥාතියෙක් අතුරුදහන් වුණාම මොකද කරන්නේ?හඳුනා නොගත් මළසිරුරක් ගැන වාර්තා වුණගමන් ගිහින් බලනවා, ඉස්පිරිතාලවල ගිහිල්ල බලනවා, මිනි කාමරවල තිබෙන හඳුනා නොගත් මල සිරුරු බලනවා, පොලිසිවලට ගිහිල්ල පැමිණිලි කරනවා, විපරම් කරලා බලනවා එහෙමත් නැතිනම් පණපිටින් ඉන්නවද නැතිද කියල දැන ගන්ට අන්තිමට සාස්තර අහනවා නැතිනම් අංජනම් එලිත් බලනව, තමන්ගේ නැති වුණ ඥාතියාට මොකද වුණේ කියල. ඉතින් ඒවගේ ත්‍රස්තවාදී සමයේ උතුරේ ජිවත් වුණ හැම ශ්‍රී ලංකික ජනකොට්ටාසයකටම අතුරුදහන් වුණ තම ඥාතීන්ට මොකද වුණේ කියල හොයල බලන්ට එගොල්ලන්ටත් අයිතියක් තියෙනවා, අපි ඒ අයිතියට ගරුකළ යුතු බවයි මගේ අදහස. (අ)

:       0       0

සුසන්ත Thursday, 12 February 2015 08:54 AM

අහිංසකයින් මරා වළ දම ඇත්නම් ඒගැන සොයා බැලීම වැරදිද? සිංහල වේවා දෙමල වේවා කවුරුත් මිනිස්සු. මම මේ කියන්නේ කොටි ගැන නොවෙයි. (අ)

:       0       0

තිලක් Thursday, 12 February 2015 09:48 AM

අර කොටින්ට යටත් වෙන්න උපදේශ ලැබුණු පොලිස් නිලධාරීන් 600 ක් දාපු ළිඳත් හාරලා බලනවද ඔය ගමන්ම (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 12 February 2015 09:55 AM

හැම ආණ්ඩුවක්ම බලන්නේ ජාතින් අතර සමගිය ඇතිකරන්න.නමුත් උතුරේ සමහර උදවිය හැමදාමත් කළේ කරන්නේ බේද භින්න ඇති කරලා තමන්ගේ පැවැත්ම රැකගන්න. මේකටද සංහිදියාව කියලා කියන්නේ.(හේ)

:       0       0

චන්න Thursday, 12 February 2015 09:59 AM

යමෙකුගේ ජීවත්වීමේ අයිතිය නැතිකරන්න කිසිම කෙනෙකුට බැහැ.(හේ)

:       0       0

අනුලා Thursday, 12 February 2015 10:33 AM

පසුගිය අවුරුදු 30 එල්.ටි.ටි. ක්‍රියාවලින් මියගිය අයගේ ඥාතීන් සියළුම දෙනාම එක් වී පෙරට එන්න රට බේරගන්න මහින්ද ජනපති කරවන්න (අ)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 06:24 AM

ගරු මැතිනියෙනි තුවාල පෑරීම, ජාතික සංහිදියාවද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site