යුද්දයෙන් පසුව ශ්‍රීලංකාවේ ඇති වූ ජාති, ආගම්, කුල ආදී භේදයට වග කිව යුත්තේ පසුගිය රජය බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“තිස් වසරක යුද්ධය නිසා අද වන විට උතුරු නැගෙනහිර දසදහස් ගණනාවක් කාන්තා මූලික වැන්ඳඹු පවුල් බවට පත් වී තිබෙනවා. යුද්ධෙන් පසුව මේ වැන්ඳඹු පවුල් වලට කිසිදු පිළිසරණක් තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුවෙන් මේ අය සඳහාම වෙනම රාජ්‍ය පාලන කාර්යාල ආරම්භ කොට එම කාන්තාවන්ට ඉහළ ජීවන ආර්ථිකයක් ලබා දීමට පියවර ගත්තා” යැයි ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය.









COMMENTS
වෙනසක් වෙනවා නම් හොදයි.(හේ)
1988-1989 මිය ගිය 60,000 තරුණ තරුණියන්ගේ පවුල් වලටත් නිවාස දුන්න නම් හොඳයි. (බ)
මේවට නිශ්ශබ්දව සිටීමයි නුවණට හුරු (නි)
එතකොට මහ කොටියාගේ වැඩ නිසා සහ 87/89 වැඩ නිසා වැන්දඹුවන් වූ සිංහල ගැහැණුන් ගැන මේගොල්ලන්ට මතක් වෙන්නේ නැද්ද? (නි)
දකුණේ වැන්ඳඹු කාන්තාවන් නැත්ද. එයාලට මේ අයිතිවාසිකම් නැත්ද යහපාලනය උතුරට විතරයි. මුස්ලිම් දෙමල අයට ඔක්කොම යහ පාලනය සිංහලයාට ජහ පාලනය.(බ)
83 ජාතිවාදී ඝාතන, යාපනය පුස්තකාලය ගිනි තැබීම, 87 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී ඇත්වූ ඝාතන, 88/89 කාලවදී ලක්ෂ ගනනක් අහිංසක ජනයා ඝාතනය කිරීම ආදී මෙකී නොකී සියල්ලේ ප්‍රතිපලයක් ලෙස රට නොනවතින යුද්ධයකට ඇද දමා අවසානයේ රට බෙදා වෙන්කිරීමට පිඹුරුපත් සකස් කළ එදා පාලකයන් නියෝජනය කරන ඔබතුමා පලමුව එම වැරදිවල වගකීම භාරගෙන ජනතාවගෙන් සමාව ගතයුතුයි. (බ)
එතකොට උතුරු නැගෙනහිර පැතිරිලා ඉන්න අන්තවාදී, ජාතිවාදී දේශපාලන පක්ෂ, එයාල වගකියන්න ඕන නැද්ද? (බ)
මෙවුන් කවදත් වැඩ කරන්නේ උන්ට ඡන්දෙ අරගෙන සුර සැප විඳින්න පුළුවන් ක්‍රම වෙනුවෙන්. රටේ මිනිස්සු ගැන මෙයාලට අනුකම්පාවක් නැහැ. මන්ත්‍රී රැල එලවමු. (බ)
තමන්ගේ දේශපාලන අනාගතය උදෙසා කවුරුන් හෝ මහජන මුදල් යොදාගන්නවා නම් එය හෙළාදැකිය යුතුයි. (නි)
මෙතුමා කතා කරන්නේ හරියට යුද්දේ නිමකලේ එතුමා කියලා හිතාගෙන. යුද්දේ කාලේ ජාති ආගම් වර්ග භේද තිබිලා නැහැ වගේ. (හේ)
උතුරේ ( යාපනයේ ) හිටපු සිංහල ජනතාවට මේ වෙනකොට දී තිබෙන සනනාධාර මොනවද. ඒ අයට ඉන්න තැන් නැත්තටම නැති වෙලා. ඒ අය ගැනත් සොයා බැලුවොත් හොදයි නේද? (බ)
ජයරත්න හරියට හරි. මෙයාට ඇතිතේ අමතක වෙලා. වාසියට කතා කියනවා. නංගිව හිරේ දාපු නැති එකේ ගුණේවත් නෑ මෙයාට. කියන කතා අහන්න අප්පිරියයි. (බ)
මේවාට උත්තර දීමෙන් වෙන්නේ අපේ ලේ කෝපවීම පමණි (නි)
අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)
මෙතුමාත් දැන් කරළියට ඇවිල්ලා වගෙයි (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
එකක් පැහැදිලිව පෙනෙනවා. මෙතන සිටින ද්‍රවිඩ කාන්තාවන් පිළිවෙලකට ඇඳ පැළඳගෙන ඉන්නවා. අපේ අය වගේ ගවුම් කොට ඇඳගෙන ඇවිල්ලා නැහැ. (නි)
සමහරුන්ට වඳුරන්ට දැලි පිහිය අහුවෙලා වගේ. (නි)