වසර තුනක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින උතුරු පළාත් වන ජීවී රක්ෂිත 16 ප්‍රකාශයට පත් කිරීම කඩිනමි කරන්නැයි පරිසරවේදීහු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත. පරිසර ඇමැතිවරයා වන්නේ ජනපතිය.
එම රකෂිත ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විරෝධතාව හා බලපෑම් හේතුවෙන් යැයි පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘතිවල මූල්‍යාධාර යටතේ 2001 මැයි මාසයේ සකස් කර අවසන් කළ උතුරු පළාත් සමෝධානික උපාය මාර්ගික පරිසර තක්සේරුකරණයට අනුව මෙකී වනජීවී රක්ෂිත 16 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම රක්ෂිත ජාලය ප්‍රකාශයට පත් කිරීමෙන් අලි මිනිස් ගැටුම පාලනය වන බවත් උතුරු පළාතේ පවතින සුවිශේෂී වනජීවි වාසස්ථාන වලට ආරක්ෂාව සැලසෙන බවත් චාමිකර මහතා පෙන්චා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාශයට පෙර අවදානයට (ම)
වනාන්තරවල අනවසරයෙන් නිවාස ඉදිකිරීම වැළකීමත් එළිපෙහෙළි කිරීමත් වහා නැවැත්වීමට පියවර ගත යුතුයි .පරිසර වේදීන්ට ස්තුති . (ම)