උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීමට විරුද්ධව හා බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසත් යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබලන ලෙසත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘එළුංග තමිල්’ විරෝධතා රැලිය යාපනයේදී පැවැත්විණි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් ‘දෙමළ ජනතාවගේ නැගිටීමේ හර්තාලය’ වෙනුවෙන් යාපනය නගරයේ සියලු කඩසාප්පු වසා තිබිණි.යාපන විශ්ව විද්‍යාලය අසලින් හා යාපනය නල්ලූර් කෝවිල අසලින් විරෝධතා පෙළපාලිය ආරම්භ කර යාපනය මුද්‍රවේලි ක‍්‍රිඩාංගනය වෙත පැමිණියේය.
අතුරුදන්වූවන් සොයාදීම, උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම හා උතුරු නැගෙනහිර පළාත් සඳහා බලතල ඉල්ලීමට මේ වැඩසටහන පැවැත්වු බවත් මෙය මධ්‍යම රජයට හෝ සිංහල ජනතාවට එරෙහිව සිදුකරන විරෝධතාවයක් නොවන බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමට කරන විරෝධතාවක් බවට විග්නේශ්වරන් පැවසීය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතා වැඩසටහන හේතුවෙන් දකුණේ සිංහල ජනතාව හා බෞද්ධයින් මෙම කාරණාව වරදවා නොවටහාගත යුතු බවටද ප‍්‍රධාන අමාත්‍යවරයා කීවේය.
රටේ භීෂණයක් මවා දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම විරෝධතාවයේ අරමුණ නොවන අතර, දෙමළ ජනතාව වෙනුවෙන් පවතින ගැටළු වෙනුවෙන් සාධාරණය ඉල්ලීම විරෝධතාවයේ පැවැත්වීමේ අපේක්ෂාව වන බවත් හේ පැවසීය.
විරෝධතාවය නිසා යාපනය නගරයේ ගමනාගමනය අඩාල විය.යාපනය නගරය පුරා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක‍්‍රියාත්මක කොට තිබු බව යාපනය පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේය.
විරෝධතාවයට සහය පළකරමින් උතුරේ ව්‍යාපාරික ස්ථාන වසාදමන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා වවුනියාව , මන්නාරම , කිලිනොච්චිය හා මුලතිව් හි වෙළෙඳ සංගම්වලින් ඉල්ලීම් කොට තිබූ අතර යාපනය නගරයේ පමණක් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබුණි.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර ,ප්ලොට් සංවිධාන නායක ටි.සිද්ධාර්තන් , සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රස් පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු ප‍්‍රාදේශිය දේශපාලඥයෝ රැසක් විරෝධතාවයට සහභාගීවී සිටි අතර ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂයේ හෝ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලඥයින් කිසිවෙක් විරෝධතාවයට සහභාගී නොවූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ රට අවුල් කරලා පිටරට වලට පනින්න (නි)
අපි කුඩා කල යාපනයේ සිංහල ජනතාව ඉතාමත් කුරිරු විදිහට උතුරෙන් පළවා හැරියා මතකයි. එයාලා ඉතාමත් ගුණයහපත් මිනිසුන්. එයාලා නැවත තමන් පදිංචි ප්‍රදේශ වල පදිංචි කළාම තියෙන වැරැද්ද මොකක්ද...? (නි)
බලපෙරේත බඩගෝස්තරවාදී දේශපාලනයෙන් ඇස් පොට්ට වූ දේශපාලකයන් සහ ඔවුන්ගේ ගැත්තන් මෝඩයන් වුවාට හැම සිංහලයෙකුම මෝඩයෙක් නොවේ. මේ අසිංහල ජාතිවාදීන්ගේ එකම උත්සාහය තනිකරම ඔවුන්ට වෙන්වූ පළාත් ප්‍රදේශ වෙන්කරගෙන මුළු රටේම සුවසේ ජීවත්වීමට ඉඩ සළසා ගැනීම නොවේද. (නි)
දෙමළ අය ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් නොවනතාක් මේ ප්‍රශ්නය තිබෙනවා (නි)
නියපොත්තෙන් කපන්න හැකි දේ පොරොවෙන් කපන්නට ඉඩ නොදිය යුතුය. පොරවෙනුත් බැරිවුණොත් ඉතින්...? (නි)
විග්නේෂ්වරණ් මහත්මාට මම කියන්නේ දකුනේ ඉන්න දෙමල ජනතාව පිටවිය යුතුයි දකුණේ කෝවිල් ඉවත් කළ යුතුයි කිව්වොත් ඔබතුමා පිළිගන්නවද (අ)
රටේ පවතින සාමය නැතිකරන්න නම් දෙන්න එපා (නි)
ජාතිකත්වයක් තවත් ජාතිකත්වයකට එරෙහිව කරන සියලු ආකාරයේ අකටයුතුකම් හෙළාදකිමු. සිංහල දෙමළ ආදී සියලු ජාතීන් මිශ්‍රව ජීවත්වීම ලාංකීය ජාතිය බිහිකිරීමට වැදගත් වෙනවා. උතුරේ සිංහල ජනතාව පදිංචිවීම සහ දකුණේ දෙමළ ජනතාව පදිංචිවීම හොඳ දෙයක්. මෙතනදී සම්බන්දන් මහත්මයාගේ ප්‍රතිපත්ති අගයකළ යුතුයි. (නි)
නුඹලාම කබලෙන් ළිපට වැටෙනවා මිස වෙන කිසි වාසියක් නැත (නි)
ඔහොම තමයි අවුරුදු 30 කට ඉස්සර පටන්ගත්තෙත්. (නි)
සිංහල දෙමළ බේදයක් නැහැ.හැබැයි අනවශ්‍ය ඉල්ලීම් කරන එක හොද නැහැ. දකුණේ ප්‍රබල ව්‍යාපාරිකයෝ වැඩි දෙනෙක් දෙමළ අය බව ඔය මනුෂ්‍ය දන්නේ නැද්ද? ඒ අය කොච්චර සුහදව සිංහල මිනිස්සු එක්ක ගනුදෙනු කරනවද කියන එක මේ මොළේ නැති අයට නොතේරීම ගැන කණගාටුයි. (ම)
ආයෙමත් ඉල්ලන් කන්න හදන්නේ. ඔක්කොම සහජීවනයෙන් ඉන්න ඕනෑ නම් සියලුම ජනකොටස් එකටම සිටිය යුතුය. (නි)
එහෙත් මෙතන ලොකු අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. (නි)
යුධ අපරාධ පිළිබද සොයා බලන්න ඕන. එතකොට ඔය ඔක්කොම කොටි කරපු අපරාධත් අහු වෙනවා. ඊට පස්සේ දැන් නිදහස් වෙලා ඉන්න කොටිත් ආයෙත් බන්ධනාගාර ගත කරන්න පුළුවන්නේ. (ම)
ජාතිවාදය අවුස්සන දේශද්‍රෝහී වැඩ කරන්න එපා. (නි)
1970 වගේ කාලේ සිංහල භාෂාව කතා කරන උදවිය යාපනේ කොච්චර හිටියද කියල සොයා බලා ඔය විරෝධතාව දක්වන්න. ඒ වගේම මාතර, , ගාල්ල, කළුතර, අලව්ව, ඇල්පිටිය වගේ ප්‍රදේශවල පවා යාපනේ දෙමළ ජනතාව ව්‍යාපාර කරගෙන හිටියා. ලංකාවේ ඕනෑම පෙදෙසක ජිවත් වෙන්න අයිතිය තියනවා (ම)
1983 ඉතිහාසය නැවත එනවා කියන්නේ මේකටද. (නි)
නියම නාටකය. අපි නොදන්නා මොණරතැන්න. (නි)
මේක සිංහල රට... ! (නි)
එසේ නම් මහා ඇමතිතුමනි, මේ දෙයත් අහන්න. සිංහලයෙක් වශයෙන් මම නම් කියන්නේ ඔබතුමා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ නායකයා නිසා, ඔබතුමාගේ සටන වියයුතු වන්නේ දෙමළ හෝ සිංහල යන වචන වලින් තොර “උතුරේ ශ්‍රී ලාංකිකයන්" ලෙස නොවේද. එවිට දකුණේ සිංහල අයත් ඔබට සහයෝගය දෙන්නට සළකා බලාවි (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු නේද? අපිට තිබෙන්න කට වහගෙන බලාගෙන ඉන්න එක පමණි. (නි)
මේවා දකිද්දී අපේ රණවිරුවන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
අනේ මන්දා මේවායේ අවසානය කොහේද කියලා (නි)
ඇත්තටම මේ කතා කොහෙන් කෙළවර වෙයිද? (නි)
උතුරේ සිංහල ජනාවාස හොඳ නැහැ, දකුණේ හොඳයි (නි)
එතකොට අපේ අය දෙමළ අය මෙහාට එපා කියලා පෙළපාලි ගියොත් ජාතිවාදී වෙයිද (නි)
මේ පුංචි රටේ උපන් අපිට ඕනෑම තැනක නීතියෙන් පදිංචිවීමට අවසර තිබෙනවා. ඒ වගේම මේ මහා පොළව අපි කවුරුවත් උපදිනකොට මිටමොලවාගෙන ආ කෙනෙක් සිටී නම් ඔහුට ඉදිරිපත්වෙලා ඒ සම්බන්ධව සම්පුර්ණ නීති සැකසීමට අවස්ථාව දෙමු (නි)
කොළඹ පාසලකට ගිහිල්ලා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධි අරන්, කොළඹ ඉහළ උසාවියේ නඩු අහපු මහතෙක් කොහොමද දෙමළ අයට අසාධාරණ වෙනවා කියන්නේ. (නි)
ඕකට සහභාගි වෙලා ඉන්නේ කොටි බළල් අත් නොවේද? මෙයාලට ඕනෑ නැවතත් යුද්ධයක් ඇතිකරන්නද. (නි)
මේ ඉල්ලන්නෙ කලින් ඉල්ලීම්ම තමයි (නි)
ඔබ උද්ඝෝෂණය කරන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන්. නමුත් මෙතන ජාතිවාදය පටළවාගන්න එපා (නි)
හා. එහෙනම් ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා ඕනෑ පදයක් වයන්න. (නි)
උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහිකිරීමට විරුද්ධව කියලා මුලින්ම තියෙනවා. එහෙම කියලා මෙය මධ්‍යම රජයට හෝ සිංහල ජනතාවට එරෙහිව සිදුකරන විරෝධතාවයක් නොවන බවත් කියනවා. අලුතෙන් සිංහලයන් පදිංචි කරන්න එපා කියලා විරුද්ධවෙලා තියෙන්නේ සිංහලයන්ටයි මධ්‍යම රජයටයි නෙමෙයිද? (නි)
මොනවාද මන්දා මේ සිද්ධවෙන්නේ? (නි)
මෙයාලට විනය පරීක්ෂණ නැද්ද? මේක සංහිදියාවද? (නි)
ආයෙත් බෙහෙත් ඕනෑවෙලා වගේ. (නි)
නැවතත් රට ගිනිගොඩක් කරන්නද හදන්නේ (නි)
මේවට ජයවේවා කියන අයත් අපි අතරම ඉන්නවා (නි)
අම්ම කෙනෙක් හැටියට කියන්නම් යමක්. උතුරේ සිංහලයින් පදිංචි කරන්න එපා නම් ඔබගේ දෙමල දුවරුන්ගේ සිංහල සැමියන් ට පවා ඒ ඉල්ලීම බලපානවා නේද. සාමාන්‍ය දෙමල මිනිසුන් අතර ජාතික සහ ආගමික බෙදුම් වාදය අවුලන්න එපා. දැන් බොහෝ සිංහල අය ඒ වැරැද්ද කරන්නේ නැත. (බ)
අයියෝ ! සිංහලෙන් එක බැනර් එකක් නැතුව කොහොමද ප්‍රශ්නෙට විසඳුම් හොයන්නේ. ‘දෙමළ ජනතාවගේ නැගිටීමේ හර්තාලය’ තමිල්නාඩුවට ගිහින් කරන්නකො. දෙමළ තේරෙන්නේ නැති මිනිස්සු එක්ක කොහොමද එ්කට විසඳුම් හොයන්නේ. (නි)
ඔබට දැන් සතුටුයිද? (නි)
මොකක්ද මේ.(හේ)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
ඔබට සතුටුයිද දැන්.... (නි)
මොවුන් හදන්නේ මේ සාමකාමී වාතාවරණය නැති කරලා ආයෙත් සිංහලයන්ට ජාතිවාදී ලේබලය අලවන්නයි. මේ වෙලාවේ සිංහලයන් බොහොම පරිස්සමෙන් වැඩ කළයුතුයි. (නි)
දැන් ඉතින් දකුණේ අපි දේශපාලුවෝ උතුරට ලබාදුන් සහජීවනය භුක්ති විඳිමු. (නි)
සාමකාමී ජනතාව අවුස්සලා නැවතත් යුද්ධයක් ඇතිකරන්න නම් එපා (නි)
අප සැමට පොදු ව්‍යවස්ථාවක් රට තුල වේනම් එයට පරිභාහිරව ක්‍රියා කරන හෝ කටයුතු කරන ඕනෑම අයෙකුට විරුද්ධව නිතිය පියවර නොගන්නේ ඇයි? නියපොත්තෙන් කපන්න හැකි දේ පොරොවෙන් කපන්නට ඉඩ නොදිය යුතුය. කඩිනමින් නීති ප්‍රකාරව කටයුතු කල යුතුය.(හේ)
මේ රටේ බහුතරයක් දේශප්‍රේමී ජනතාව නිකන් බලාසිටීමට සුදානම් නැතිබවද සියලු ෆෙඩරල්වාදීන් දැනගත යුතුය. (නි)
නරකද විග්නේෂ්වරන් මහත්තයා යාපනයේ පදිංචියටම ගියොත් (නි)
ඔය රැලිය දකුණට එරෙහි වීමක් නෙමේ, දකුණේ කට්ටියකට කඩේ යාමක් බව අපිත් දන්නවා. හොඳයි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔහොම යං???(රේ)
උතුරේ මෙවන් වැඩ දිනෙන් දින වැඩිවෙනවා. මේවා කොහෙන් නවතීවිද කියා කාටවත් කියන්න බැහැ. (නි)
එතකොට ඔය උතුරේ කොච්චර සිංහලයෝ හිටියාද? ඔවුන් කොටින් විසින් පන්නා දැමු බව කවුරුත් දන්නවානේ. රට සාමකාමී වුණාම අපේ ද්‍රවිඩ ජනයාට දකුණට නැවත එන්න පුළුවන් වුණා නම් අැයි ඒ උතුරේ සිට දකුණට පැමිණි සිංහලයන්ට නැවත උතුරට හෝ නැගෙනහිරට යන්න බැරි. අනෙක ද්‍රවිඩ ජනතාවට ලංකාවේ ඕනෑම තැනකින් ඉඩම් ගන්න පුළුවන්. තේසවලාමේ නීතිය නිසා සිංහලයන්ට උතුරින් ඉඩම් මිලදී ගැනීම නවතා තිබෙනවා නේද? රටේ සිටින සියලු වැසියන්ට රට තුළ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය දැන් ලබාගන්න වෙලා තියෙන්නේ විග්නේශ්වරම්ගෙන්ද? (නි)
අනගාරික ධර්මපාලතුමා සිංහලයිනි නැගිටිව් කියපු ගමන් දෙමළ මිනිස්සු කලබල වුණාද? ජාතියක් නැගිටින්න ඕනෑ කියන එක සාමාන්‍ය දෙයක්. දැන් දෙමළ ජාතිය ආපස්සට ගිහිල්ලා තියෙන්නේ. එනිසා නැගිටිව් කියන්න ඇති. (නි)
කොහොමද කන්න දීපු අත හපාකන හැටි?? (නි)
එහෙනම් කවුරු වෙනුවෙන්ද දන්නෙ නැහැ (නි)
උතුරේ නොවෙයි ලංකාවේ කොහේ වුණත් ලාංකිකයින්ට පදිංචි වී තම ජීවනෝපාය කරගෙන යාමේ පුර්ණ අයිතිය තිබෙන බව ඔය අය දන්නේ නැද්ද? දකුණේ සිටින සියලුම දෙනා උතුරේ පදිංචියට විත් තම ජීවනෝපාය කරගෙන ගියොත් මොනවා කරන්නද? ඔය විදිහට ගියොත් ඒක වෙන එක වළක්වන්න බැහැ. රජයෙන් ඊට ආධාර කළයුතුයි. කිසිම හමුදා කණ්ඩායමක් උතුරෙන් ඉවත් නොකළ යුතු අතර, දකුණේ ජනතාව විදින පහසුකම් ඒ අයටත් දීම කළයුතුයි. අහිංසක ජනතාව හා තරුණ කොටස් කුලප්පු කරවන්න එපා. (නි)
දේශයේ ලාංකිකයින් අවධානයෙන් ඉන්න බව දැනගත යුතුයි. (නි)
විග්නේශ්වරන්ලාට ඕනෑ අායෙත් රට ලේ විලක් කරන්නද? (නි)
පුෂ්පකුමාර, ඔබ හරියටම හරි. මටත් එහෙමම හිතුනා