උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුන්වැනි පාර්ශවයක් ලෙස මැදිහත් විය යුතු යැයි උතුරු පළාත් සභාවෙන් සම්මත කරගත් යෝජනාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට යවා ඇතැයි උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.
ඔහු උතුරු පළාත් සභාවට ගෙනා මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය.
එම යෝජනාවේ සඳහන්ව ඇත්තේ උතුරු නැගෙනහිර අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සියලු කොටි සැකකරුවන් නිදහස් කිරීම, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිකරුවන්ට පවරා දීම, උතුරේ ආරක්ෂක හමුදාව අඩු කිරීම යන ගැටළුවලට ලක් රජය පිළිගත හැකි විසඳුමක් මෙතෙක් ලබාදී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණට සංහිදියාව- උතුරට වෙන්වීයාම (ම)
මෙහෙම යනකොට කවදාහරි ශ්‍රී ලංකාව විනාශය කරා ළඟාවන බව නම් මට සහතිකයි (නි)
මෙයාලා කතාකරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න ගැන නොවෙයි (නි)
අපේ කට්ටිය කළුවරේ අතපත ගාද්දී ... එහෙ කට්ටිය ගානට දිනුම් කනුව ලඟට යනවා. (ර)
අනේ මම දන්නෙ නැහැ මොනවා සිද්ධවෙන්න යනවද කියලා (නි)
අපෝ සුළු දෙයක්. මේ ආණ්ඩුව පැනල කරලා දේවි මෙච්චර දේවල් කරපු එක (බ)
උඹලා එහෙන්ම ඔය ඉඩමුත් ඉල්ලගත්තනම් හරිනේ. අපිට වද නොදි. (බ)
තිස්ස අත්තනායක කියපු දේවල් නේද ඉල්ලලා තියෙන්නේ. (අ)