යුද සමයේ සිදුවීයැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාව ජාතික සංහිඳියාවට මරු පහරක් බව ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.
දෙමළ ජනයාගෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙමින් පවතින බවත ද ඔහු පවසයි.
ආරක්ෂක අංශවලින් යම් ළිහිල් බවක් ලැබීමෙන් නැවතත් අන්තවාදයට හා බෙදුම්වාදයට හිස ඔසවන්නට ඉඩ දිය නොහැකි බවත්, හමුදාවෙන් වැරදි සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බැලීමට අභ්‍යන්තර යාන්ත්‍රනයක් ඇති බවත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් කර ලංකාවේ කිසිවකු හෝ ජාත්‍යන්තර අධිකරණයට හමුවට පැමිණවීමට ඉඩ දිය නොහැකි බවත් වර්ණසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා අර වීඩියෝවේ තියෙන විදිය. මුලදී කට්ටියම එක්ක එකතු වෙලා වැඩේ කරලා පස්සේ හෙළ උරුමේ වගේ කට්ටිය විරුද්ධයි වගේ සද්දයක් දානවා. හැබැයි වැඩේ නවතින්නේ නෑ. (ස)
චම්පික රණවක මහත් ආදරයෙන් පිළිගනමි. (ස)
මට කියන්න තියෙන්නෙත් යහපාල කිව්ව එකමයි. TNA එකට සුදුරෙදි අන්දෙව්වේ හෙළ උරුමයේ ඇතැම් අය තමයි.ජාති ද්‍රහියෝ තම වැදු මව්වරුන්ටත් සාපයක්..(ස)
මහත්තයෝ, මේක ටී.එන්.ඒ.එකේ ධනාත්මක වෙනසක් වෙන්න බැරිද? (නි)
අතුරලියේ රතන හිමි දැන් මොනවද කියන්නේ ? (නදී)
දැන්වත් තේරෙනවා නම් හොඳයි (නි)
මහින්ද මහත්තයාගේ අගය වැඩි කලක් යන්න ඉස්සෙල්ලා කාට කාටත් දැනේවි.(නදී)
සිහිය ටික ටික එනවා වගේ සමහරුන්ට (නි)
උතුර සාමයක් සඳහා අත දිගුකරන්නේ නැත. කෙළවරක් නැති ප්‍රශ්න ඉදිරිපත්කර රට දෙකඩ කරගැනීම එකම බලාපොරොත්තුවයි (නි)
දැන් ඉතින් ඔහොම කිව්වා කියලා වැඩක් නැහැ. ඔයාලා සන්ධානගත වෙන්න කලින් ඔය ටික හිතන්න තිබුනා. රටට වෙන්න යන දේ ගැන හරිම කණගාටුයි. යුද බිමේ සටන් වැදුණු අපේ රණවිරුවන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
දැන් එහෙම කියලා ඇඟ බේරගන්න හදන්න එපා. එහෙත් අඩුම ගණනේ මේ ගැන කතාකළ එකනම් හොඳයි. නමුත් චම්පික ඇමතිතුමාට නම් මේවා බලන්න වෙලාවක් නැහැ. (නි)
අපිට මතකය අඩු උනාට අහිංසක ටී.එන්.එ් එක හත්වලාමේ මක් කරන්නද ? (නදී)
දැන්වත් මේ ගැන තේරුම්ගත යුතුයි. (නි)
සමාවෙන්න මෙය නොකියාම බැහැ.දැන් අතුරලියේ රතන කොහෙද? (ස)
ත්‍රස්තවාදය නිසා දකුණේ විනාශවුණු ජීවිත ගැන මොකක්ද දන්නේ නැහැ මේ අයගේ මතය ..කිරි පොවන්න පොවන්න විස දළ මුවහත් වෙනවා . (ස)
නිශාන්ත උන්නැහේ ..එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. කුම්බලා මාළු කෑවනම් විඳවන්න වේවි . (ස)
ඒ උනාට ජනාදිපතිවරණය කාලේදී කිවුවේ ටීඑන්ඒ එක හරිම හොඳයි දැන් ජාතිවාදී අදහස් නෑ කියලනේ. (ස)
ඔය පටන්ගත්තා විතරයි. (නි)
කිසිම කෙනෙක් අපි නම් විශ්වාස කරන්නේ නැහැ (නි)
ඕවා කියාගෙන පෙළපාලි යන්න නම් අපිට කියන්න එපා. එකට නැටුවා නම් දැන් ඔයාලම බේරලා දෙන්න. (නි)
ඕකටනේ ඉතින් ගොඩක් අය දැඟලුවේ (නි)
රමණි, දැන් ඒගොල්ලන්ට වෙන වැඩ තියෙනවනේ. (නි)
හෙළ උරුමයට මිනිස්සුන්ගේ තිබුණු ගෞරවය ආදරය දැන් ඉවරයි..කොන්ත්‍රාත්තුව කලානම් ගනු දෙනුව හරිනම් දැන් උඩු බුරල අපේ ඇගේ ලේ පුච්චන්නේ නැතුව පව් නොදී ඉන්න මහත්තයෝ..(අ)
දැන් ඉතින් කරුණලාව හිරේ දාල හරි සම්බන්දන් ල ඉල්ලන ඒවා ඔන්න ඔහේ දීල දාන්න (අ)
දැන් ඉතින් කරුණලව හිරේ දාල හරි සම්බන්දන්ල ඉල්ලන ඒවා ඔන්න ඔහෙ දීල දාන්න (අ)
මේකට ඉතින් රතන හාමුදුරුවෝ උද්ඝෝෂණ කරයි . එච්චරයි. (අ)
ටී.එන්.ඒ එක කවදත් ජාතිවාදයට අනුබල දුන් පිරිසක්, යුද සමයේ හා ඊට පෙර දකුණේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා සිවිල් ඝාතන දැන් මතක නැතුව ඇති. (අ)
චම්පිකලට, රතනලට එලියට එන්න බැහැ වගේ , ජාතිය ඩොලර් වලට පවල දුන්න පවා නම් ගෙවල ඉවර කරන්න බේරී වෙයි (අ)
හෙළ උරුමයට මිනිස්සුන්ගේ තිබුණු ගෞරවය ආදරය දැන් ඉවරයි. කොන්ත්‍රාත්තුව කලා නම් ගනු දෙනුව හරිනම් දැන් උඩු බුරල අපේ ඇගේ ලේ පුච්චන්නේ නැතුව පව් නොදී ඉන්න මහත්තයෝ. (අ)
චම්පික මහත්තයා මොකද දන්නෙ නැහැ පෙනෙන්න නැත්තෙ (නි)
අදහස් දාන අය මිස්ටර් ප්‍රභාකරන්ට දොස් කියනවට අපි අකමැතියි (නි)
මේක හරිම අසාධාරනයක්නේ. කිසිම සංවිධානයක් කොටි කළ අපරාධ මිනීමැරුම් ගැන හොයන්න කියන්නේ නැහැ. අපේ අහිංසක ජනයා කොපමණ මරල දැම්මද? ද්‍රවිඩ අය විතරද අහිංසක? අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා අපරාධ කාරයෝද? සාධාරණයක් විය යුතුයි. (නදී)
මේ වගේ යටි අරමුණ ඉටු කර ගැනීම සදහා ඔවුන් කළේ හිටපු ජනාදිපතිතුමා පරද්දන්න උදව් කළ එකයි. ටී.එන්.ඒ හරිම කපටියි. ඔවුන් දිර්ඝකාලින අරමුණු ලඟා කර ගන්නේ ඉතාම උපායශීලි ලෙසයි. අපේ චම්පික මහත්තයලට මේවා තේරුම් ගන්න බුද්ධිය පහල වේවා.(නදී)
අපිට නිදහසේ ඉන්න පුලුවන් කොපමණ කාලයකටද කියලා බයයි (නි)