උතුරු පළාත් මුහුදු තීරයේ වෙසන නිල් පිහිනුම් කකුළු මත්ස්‍ය ගහණය කළමනාකරණය කළ හැකි ජෛව විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක් වයඹ විශ්ව විද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේවන විට සිදුකරමින් පවතී.
ජල ජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ආචාර්ය දිලීප ද කෲස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම අධ්‍යයනය සිදුකෙරේ. නිල් පිහිණුම් කකුළුවන් යුරෝපා මත්ස්‍ය වෙළෙඳපොළේ බිලියන ගණනින් මුදල් ඉපැයිය හැකි කර්මාන්තයකි.
උතුරු පළාත් මුහුදු තීරයෙන් වසරට කොපමණ නිල් කකුළු මත්ස්‍ය ප‍්‍රමාණයක් නෙළා ගත හැකිද යන්නත් දැනට ඒ ආශ‍්‍රිතව කොපමණ නිල් කකුළු ප‍්‍රමාණයක් සිටීද යන්න සොයා බලා කකුළු ගහණය කළමනාකරණය කිරීම තුළින් ලාංකික ධීවරයන්ට ස්ථිර වශයෙන් මුදල් ඉපැයීමට හැකි වාතාවරණයක් ගොඩනැඟීමට හැකිවේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සපයයි.
“මෙම නිල් පිහිණුම් කකුළුවන්ට යුරෝපා වෙළෙඳපොළේ විශාල ඉල්ලූමක් තියෙනවා. මෙම සම්පතෙහි වර්ධනය, වෙනස්වීම් සහ ජෛව විද්‍යාත්මක සාධක සොයා බලා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් රටට විශාල විදේශ මුදල් ප‍්‍රමාණයක් රැගෙන එන්න පුළුවන්. මේවනතුරු මෙවැනි අධ්‍යයනයක් සිදුකර නැහැ. ශ්‍රී ලංකා නිල් කකුළු මතස්‍ය කර්මාන්තයට යුරෝපා මතස්‍ය වෙළෙඳපොළේ ලොව පිළිගත් නාමකරණ හා තත්ත්ව සහතිකයක් වන එම්.එස්.සී. වැනි තත්ත්ව සහතික ලබාගැනීමට හැකිවේ නම් චිරස්ථායී ලෙස එම ධීවර කර්මාන්තය නඟා සිටුවන්න පුළුවන්.
ශ්‍රී ලංකා මුහුද තීරයට ඇතුළුවන ඉන්දීය ධීවරයන් මෙම කකුළු සම්පත නීත්‍යානුකූල නොවන අයුරින් නෙළාගෙන යනවා. එමගින් මෙම සම්පත විනාශයට පත්වෙනවා. තහනම් දැල් උපයෝගී කරගෙන සිදුකරන ක‍්‍රියා හේතුවෙන් කකුළු සම්පත විනාශයට පත්වෙනවා. මෙම කකුළුවන් පිළිබඳ දත්ත හා තොරතුරු නොමැතිකමින් ධීවර ආර්ථිකය හා ජීව විද්‍යාත්මක කරුණු දියුණු කිරීමට බාධාවක් වෙලා තියෙනවා. මෙම අධ්‍යයනය තුළින් නිල් කකුළුවන්ගේ වර්තමාන තත්ත්වය, ජීව විද්‍යාත්මක ව්‍යුහය හරහා ලෝක වෙළෙඳපොලේ මොවුන්ට ඇති ආකර්ශනය සහ සිදුවන වෙනස්කම් සොයාබලා ඊට අනුරූපීව කළමනාකරණ සැලැස්මක් පිළියෙල කිරිමට හැකිවෙනවා. එමගින් මෙම කර්මාන්තයෙන් යැපෙන දහසකතුත් කුඩා පරිමාණ ධීවර ජනතාවට ජීවනෝපාය වර්ධනය කරගැනීමට හැකිවෙනවා.” යැයි දිලීප මහතා පැවැසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් අවුරුදු දවසේ කකුලුවෝ කෑවා (අ)
ටයි කෝට් දාගෙන හිටියට ඊලග ආත්මෙ නිල් කකුලුවෙක් වෙනවාමයි (බ)
අපිව වතුරේ ගිල්ලලා විනාඩි 10 ක් තිබ්බොත් කොච්චර ලොකු වේදනාවක් දැනෙනවද? මාලුවෙක් ගොඩට ගත්තහම මාළුවට දැනෙන වේදනාවත් ඒකම තමයි. මහා සමුද්‍ර ජාතක කතා වස්තුව සිහියට එනවා. (හේ)
මේක බෞද්ධ රටක් නේද? වහාම සතුන් මැරීම නැවැත්විය යුතුයි (නි)
ඉන්දියානුවන් මහ මුහුදේ මංකොල්ලකන මේ සම්පත ගැන රජය ඉතාමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? (නි)
ඉස්සර මේ කකුළුවෝ අපි ගත්තේ කිලෝව ඩොලර් 7 කට. ලංකාවේ නිෂ්පාදනයක්. දැන් ඒ වෙනුවට තියෙන්නේ ඉන්දියාවේ නම ගහලා තියෙන ඒ ජාතියේම කකුළුවෝ. (නි)
පුදුම කර්මාන්ත තමයි. එක්කෝ මුදේ මාලු ටික අල්ලලා රට පටවන කර්මාන්ත ගැන කියනවා. එක්කෝ ගස් ගල් ටික රට පටවන කර්මාන්ත ගැන කියනවා. එහෙමත් නැත්නම් පොළවේ පස්ටික හාරලා රට යවන කර්මාන්ත ගැන කියනවා. අඩුගානේ ජිල්බෝලයක් හදලා රට යවන්න කර්මාන්තයක් ගැන බලන්න කිසිම කෙනෙක් නැහැ (නි)
මෙන්න වැඩ. කලයුතු දෙය මෙයයි. (ර)
නවසීලන්තය, ඕස්ට්‍රේලියා වගේ රටවල්වල ප්‍රමාණයට වඩා කුඩා මසුන් අල්ලන්න දෙන්නේ නැහැ. එක්තරා ක්‍රමයකට එයාලා මාලු අල්ලන්නේ. එවැනි ක්‍රමයක් මේ රටෙත් තියනවා නම් කොතරම් හොඳද? (නි)
ඔය කකුළුවන් ලංකාවේ අයට ආහාරයට ගන්න අවස්ථාවක් උදා වෙන්නේ නැද්ද?(හේ)
මෙම පරික්ෂණය සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)
සුද්දන්ට කන්න ලොකු උන් ටික ඔක්කොම ඇරලා අපිට පැටවූ විකුනනවා. අපි පැටවුන්ව කාල අපිම මුන්ගේ බෝ වීම නවත්වනවා .. කකුළුවා විතරක් නෙමෙයි අනිත් සියලුම මාළුත් එහෙමයි . නොගැඹුරු මුහුදේ දැල් ක්‍රමය වෙනස් කරන්න ඕන .. නැත්නම් තව අවුරුදු 15 - 20 ක් යද්දී අපේ ළමයින්ගේ දරුවන්ට මාළු ගෙන්න වෙන්නේ පිට රටවලින් තමයි .(හේ)
හොඳ අදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්.(හේ)