බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන් කුමරුගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරේ ආරංචි කියයි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිදහස් කළ යුත්තේ නඩු විභාගයකින් පසුව බව මානව හිමිකම් කොමිසාරිස් කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන තරම් යකා කළු නැහැ වගේ නේද (කෞ)
අසෝක ..විමලේට කටඋත්තර නැති හැ ඩයි .(කෞ)
නියම විදේශ ප්‍රතිපත්ති කියන්නේ මේවට (කෞ)
විමල් මහත්තයෝ මේකට උද්ඝෝෂණය කරන්නේ නැද්ද?(හේ)
අන්න කතාව.(හේ)
කුමාරයට අපරාදේ අපි බැන්නේ මොනවා උනත් ඒ මනුස්සයට මොලේ තියෙනවා වගේ අපේ දේශපාලුවන්ට වඩා! (කෞ)
හුසේන් කුමරු මෙහෙම කියයි කියල මම හිතුවා. ඔය ඇතුලේ ඉන්න අය එලියට දාල දෙන්න කියල කුමරුගෙන් ඉල්ලුවේ පිස්සුවටද? මම අහන්නේ මහා කොමසාරිස් කෙනෙක් ට පිස්සුද එහෙම ඉල්ලුව පලියට හා එලියට දාන්න කියන්න... (කෞ)
විමලේ දැන් සනීපද?දැන්වත් අසරණ මිනිස්සුන්ගේ මොළ හෝදලා රට විනාස නොකර අත පය තිබෙන එකේ උගත් කමට සරිලන (8 සමත්) සුළු හෝ රැකියාවක් කරලා උපන් රටට බරක් නොවී හරි හම්බ කරගෙන කාපන්.මට දෙන්න තිබෙන්නේ ඒ දැනමුතුකම පමණයි.(කෞ)
අතුල එකනම් ඇත්ත, කුමාරය හොදය වගේ අපේ පව්කාර දේශපලකයින්ට වඩා (කෞ)
ප්‍රසිද්දියේ හා කියල කියන්නේ නැහැ .ගහින් ගානට වැඩ කරලා දෙයි .ඉන්ටෙර් ක්‍රමයට (කෞ)
දැන් ඕක කිව්වම තමුන් හිතාගෙන ඉන්නේ , හුසේන් කුමාරයා යහ පාලනයට ජය වේවා කිව්වා කියලද . ඒ තමුන් ඉන්න රටේ අරාබි කාරයෝ.හොදට බලාගෙන ඉන්නව මේ දවස් හතරේ සංචාරය ඉවර වෙලා , කුමාරයාගේ අවසාන මාධ්‍ය සංදර්ශනය තියෙනකම් . ඊට පස්සේ ගිහිල්ලා එවන වාර්තාවත් එවනකම් .ආණ්ඩුවට විලි වහගන්න තැනක් ඕනේ වේවි (කෞ)
මේක තමයි නවනීදන් පිල්ලගෙයි හුසේන් කුමරුගෙයි වෙනස(කෞ)
හොද කුමාරයෙක්නේ බලාගෙන ගියාම.(කෞ)
එහෙනම් කුමාරයා විමල්ගේ උද්ඝෝෂණයට කන් දීල තියෙනවා (බ)
දැන් අර ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අය මේ ගැන කියන්නේ මොකද කියල බලමු . ෂුවර් එකටම වීරවංශ කියාවි එයාලගේ උද්ඝෝෂණය නිසා ලැබුන ජග්‍රහණයක් කියල (බ)
විමලේ අයිය ඇදගෙන නානවා වගේ.(බ)
දැන් පේනවා නේද විමල්ගේ හෙළුව .කවුරු හරි ලංකාවට එනවා කිව්වම පිට පොට ගහගෙන, රැළකුත් දක්කාගෙන යනවා උද්ඝෝෂණ කරන්න (බ)
මේ කොමෙන්ට් දාල තියෙන හුඟ දෙනෙකුට පේන්නේ මතුපිට. මෙහෙම ඉල්ලීමක් කලාම හා කියන්න තරම් මෝඩයෙක්ද ඒ මිනිහා. රාජ්‍යතාන්තික නුවණ ඒ මිනිහට තියෙනවා. ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්ද කොටි ත්‍රස්තවාදීන්ට පොදු සමාව දෙන්න කියල. පස්සේ තමයි ආණ්ඩුවේ ලොක්කන්ට බලපෑම් කරන්නේ ඒ අය දේශපාලන සිරකරුවන් කියල.(කෞ)
කුමාරයා සංචාරේ නිම කරලා ගිහිල්ල මාරයා වෙනකොට විමලේගේ අගය දැනෙනවා (කෞ)
අසෝක,ඕව විමල්ගේ උද්ඝෝෂණවල ප්‍රතිපලයි.(කෞ)
අංගොඩ ලාල් , මෙහි ලියාපු හුඟ දෙනෙක් එක සමාන මතයේ සිටින බව පෙනෙනවා. යසීර් සහ ඔබ සඳහන් කර ඇති ආකාරයට " ගරු විමල් මැතිතුමා " මාධ්‍ය හමුවක් තබා ෂුවර් එකටම (අධෝ මුඛයෙන් ) කියාවි තම උද්ඝෝෂණය නිසා ලැබූ ජයග්‍රහණය ගැන . දැන්වත් අනුගාමික හරක් රැලට තේරුම් යයිද දන්නේ නැහැ " රට ගිනි තියන්නේ කවුද" කියලා.(කෞ)
හුග දෙනෙක් විමලව උපහාසයට ලක් කලත් හොදින් ඇස ඇර බැලුවම පෙනේවි විමල් දකින්නේ ඇත්ත බව.ඔය කිසි කෙනෙක් ඕනවට වඩා විස්වාශ කිරීම රටම අනතුරේ හෙලීමක්.(කෞ)
විමල් සිංහලෙන් කියපුවා කොහොමද දන්නෙ නෑ එතුමාට තේරුණේ(කෞ)
මේකේ කමන්ට් දාපු හුගදෙනෙක්, දේශපාලන අදහස් දරන්නන් මිස රට ගැන හිතන අය නොමෙයි (කෞ)
කොකා තවම පියාසර කළේ නැත. කොකා පියාසර කරනවිට හොඳින් පාට දැකගැනීමට අප සියලුම දෙනාට හැකිවේවි (නි)
විග්නේශ්වරන්ලා අරඅදින්නේ මොකටද කියලා දන්නෝ දනිති. කුමාරයාගේ උත්තරේට සතුටුවෙලා ඉන්න කට්ටිය පස්සේ තේරුම් ගනීවි. (නි)
අපේ ජාතිය කවුරු මොනදේ කිවුවත් මහ ඉහළින් පිළිගන්නවා. මේ දේ කී ලෙස ඉෂ්ටවුණොත් නියම කුමාරයෙක් කියලා පිළිගන්න පුළුවන්. නමුත් මේ රටවල් වල හුඟ දෙනෙක් උදේට කී දේ හවසට වෙනස් කරනවා. අවුරුදු ගානක අත්දැකීම් මතයි මම මෙහෙම කියන්නේ. ඉදිරියට යහපතක් වේවායි පතමි! (නි)
මේ කුමාරයා නම් හොඳ කුමාරයෙක්. (නි)
එයා ගිහිල්ලා ලස්සන උත්තරයක් දෙයි. පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා (නි)
විග්නේශ්වරන් මැතිතුමා මෙවන් ප්‍රශ්නයක් ඇසීමෙන් තම පළපුරුද්ද, එතුළින් උකහාගත් සහ උපයාගන්නා ලද සිය ප්‍රතිරූපය හෑල්ලුවට ලක්කර ගැනීමට තරම් සිය බුද්ධියට ඉහළම ලංසුවක් තැබීමට අසමත් වී ඇති අයුරු විද්‍යමාන නොවේද? (නි)
මෙතන හුඟක් කට්ටිය අදහස් දක්වා තිබෙන්නේ මොළෙන් නොවේ. මානව හිමිකම් කමිසුරුගේ ප්‍රයන්තය කුමක් වුවත්, ඔහු රාජතාන්ත්‍රික නිලධාරියෙක්. ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කිව්වොත්, බටහිර හෝ අනිත් රටවලට මොකද්ද වෙන්නේ? (නි)
සත්‍යා, දහම්, අමා, නාරද, ඔයාලා ඔක්කොටම කියන්න තියෙන්නේ ඕනෑදෙයක් වැරදි විදිහට අසුබවාදී විදිහට දැක්කොත් ඔයාලට පෙනෙන්නේ වැරැද්ද විතරයි. මොකද ඔයාලා බලා ඉන්නේ ඕනෑම දෙයක මොකක්හරි වැරැද්දක් කියන්න. (නි)
බලනකොට මෙතුමා එනවට විරුද්ධවෙලා තියෙන්නේ බොරුවටනේ (නි)
ත්‍රස්තවාදීන් ගැන මගේ කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි මේ අය පුනරුත්තාපනය කර සමාජයට එක් කළයුතුයි. 89 කැරැල්ලේ සියලු දෙනාට සමාව ලැබුනා මෙන් මේ අයටද සමාව ලබාදෙන්න. එය රට තුළ වර්ග බේදවාදය අවසන් කිරීමේ සළකුණක් කරගන්න. (නි)
සමහරු මිනිස්සු ගොනාට අන්දනවා. මේ මනුස්සයා ආවා කියලා තිබෙන හානිය මොකක්ද බලන්න ඉතින් (නි)
කුමාරයාට තේරෙන්න ඇති මෙදාපාර අහවලා උපවාස කළොත් බේරගන්න කෙනෙක් නැතිවෙයි කියලා (නි)
සිංහලයෝ කොතරම් නම්‍යශීලීව කටයුතු කළත් දෙමළ ජනතාවගේ (දෙමළ දේශපාලකයන්ගෙ) යටි අරමුණ වෙන එකක් කියලා හිතෙනවා (නි)
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. උපවාසයකට සමහරුන්ට නියම අවස්ථාව (නි)
මහා ඇමති තුමනි, දැන් ඔය යෝජනාව කුමාරයා ගිය ගමන් අපේ රටේ ලොක්කෙකුට ඉදිරිපත් කලාම අකුරටම ඉටු කර ගන්න හැකි වෙයි. මොළය උඩ වාඩි වී සිටින අපේ ඇතැම් පාඨකයනට ඒ බව නොවැටහෙයි. (කෞ)
හුසේන් කුමරුට ජයවේවා! (නි)
අහමඩ්, ඔබ හරි. මෙතන ලියන අය හුඟ දෙනෙක් ඉතිහාසය අබමල් රේණුවක්වත් නොදන්නා අය. ඇයි විමල්ට බනින්නේ? වෙච්ච හානි වළකාගත් හින්දා තමයි අද ඔයගොල්ලන්ට කට අරින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔය ලියන අය අවුරුදු 7 කට ඉස්සර හිටියේ කොහෙද? මම හිතන්නනේ හය හතර නොතේරෙන ළමයි වෙන්න ඇති (නි)
විමලේ දීපන්කො උත්තර ඉතින් (බ)
අපේ සමහරුනේ මේ බොරුවට කෑගැහුවේ (නි)
දහම්, සනත්, ඔබගේ අදහස් එක්ක මා එකඟයි. තාමත් මේකේ බරපතලකම තේරුම් ගන්න බැරි අය ඉන්නවා. ආණ්ඩුවටවත් විමල්ටවත් කඩේ යන එක නෙමෙයි, මේවා ගැන විශ්ලේෂණයෙන් ලබාගන්න අවබෝධය තමයි වැදගත්. (නි)
එතුමා කළ දේ අප අගය කරනවා.(හේ)
හොඳ ප්‍රවනතාවයක්. අසාධාරණ ඉල්ලීම් වලට දුන් කදිම පිළිතුරක්.(හේ)
හනිකට බුදුන් වැදලම ඉල්ලන පළමු ඉල්ලීම...........(කෞ)
මේකාලේ කියන කිසිදෙයක් එ් විදියටම වෙනවද, ඔක්කොම කොලේ වහලනේ ගහන්නේ මහත්මය, (කෞ)