යාපනය නගරය මැද පසමන්  සන්ධියේ  පාළු නිවසක සුදූ  පොළක්  වටලා  රුපියල්  දෙලක්ෂ හතළිස්  දහසකට  අධික මුදලක්  සමඟ සැකකරුවන්  හත් දෙනෙකු  අත්අඩංගුවට  ගත්  බව  යාපනය පොලිසිය කියයි.

ඇතැම්  පුද්ගලයන්  රුපියල්  කෝටි  තුනකට  අධික මුදල් පරාද වීම නිසා  දිනපතා  සුදූ ගැසීමට  ඇබ්බැහි  වී  සිටින බවත්  සැකකරුවන්   යාපනය අධිකරණයට  ඉදිරිපත්  කරන බවත්  පොලිසියට  පවසයි.