යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම හෙළා දැකීමට දකුණද එක්විය. දින දෙකකට පෙර දුම්රියට පැන පාසල් සිසුවෙක් මියගිය බව මරණ පරීක්ෂණයේදී කියැවිණි.
විද්‍යා දැරියට නොදැක්වූ සැලකිල්ලක් සිය දිවි නසාගත් ශිෂ්‍යයකු වෙනුවෙන් උතුරු පළාත් සභාව අද ප්‍රදර්ශනය කළාලු. එහි සියලුම පාසල් අද නිවාඩු දුන්නේය. විද්‍යා දැරිය වෙනුවෙන් එසේ කළේ නැත. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ආර්.රවීන්ද්‍රන් එම පාසල් වසාදැමූයේ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී.කුරුකුලරාසාගේ නියෝගයක් යටතේලු.
මේ තීරණය දැනුම් දුන්නේ ඊමේල් මගිනි. ෆැක්ස් මගිනි. උතුරේ මහ ඇමැති හිටපු කීර්තිමත් විනිශ්චයකාරවරයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකි. සියදිවි නසාගත් සිසුවකු වෙනුවෙන් පාසල් වැසීමේ ක්‍රියාවලියට ඔහුද දායකවී ඇති බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවාලු.
අධ්‍යාපන ඇමැතිගේ පෞද්ගලික ලේකම් ඒ.කේ.ෂන්මුගනාදන් කියනුයේ තම ඇමැති කොළඹ ගොස් ඇති බවක්ලු. ඔහු ඇමැති වෙනුවෙන් උතුරේ මාධ්‍යයට ලිපියක්ද ඉදිරිපත් කළ බව මාධ්‍ය කියයි. යාපනයේ කොකුවිල් සිසුවාගේ සියදිවි නසාගැනීම ඔහු ශෝකය පළ කරයි. ඔහුගේ මරණය නිසා පාසල් දරුවන් කලහකාරී ලෙස හැසිරීමට ඉඩ ඇති නිසා පාසල් වැසීමේ තීරණය ගත් බව ඔහු කියයි. එය ලූලා නැති වළට කනයා පණ්ඩිතයාය යන කියමන හා හරියටම ගැලපෙනවාලු. දරුවන් කලහකාරී ලෙස හැසිරීමට හේතුව ඔහු නොදක්වයි. එම සිසුවාගේ සාක්කුවේ දෙමළෙන් ලියූ ලිපියක් ගැන ඔහු කියනවා විය හැකිලු. ‘දෙමළ සිරකරුවන් නිදහස් කළ යුතුය‘ යන්න ඒ ලිපියේ සඳහන් වෙතියි කියති. එම ලිපිය ඔහු ලියුවාද යන්න සැකහැර තහවුරු කරගෙන නැතිලු. පොලිසියටද එය ප්‍රශ්නයක්ලු. ඔහුගේ මරණ පරීක්ෂණයේදී කළ යුතුව තිබුණේ එම ලිපිය අත් අකුරු විශේෂඥයකු ලවා පරීක්ෂා කිරීමය. එසේ කළ බවක් මරණ පරීක්ෂකද නොකියයි. පොලිසියද නොකියයි. නීති විශාරදයකු වන මහ ඇමැති විග්නේෂ්වරන් ද නොකියයි.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලන කපටි දේශපාලනඥයකුට එවැනි ලිපියක් ලියන්නට ඇති හැකියාව බැහැර කිරීම උතුරේ පාලකයන්ගේ වගකීම විය යුතුලු. එවැන්නක් මෙතෙක් සිදුවී නැතිලු. අනෙක් කාරණය වනුයේ සිසුවා වෙනුවෙන් පාසල් වැසීම හරියටම නොවැම්බර් 27 වැනිදා සිදුවිය. ප්‍රභාකරන් උතුර හොල්ලා ගෙන සිටින සමයේ සිදුවූයේද එයලු. ඔහු නැතත් අද ඒ දේ සිදු වෙනවාලු. එය අහඹු සිද්ධියක්ද එසේ නැත්නම් බළලුන් ලවා කොස් ඇට බෑවීමක්දැයි කවදා හෝ එළිවනු ඇතැයි උතුරේම මධ්‍යස්ථ මත දරන්නෝ කියනවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)
කෝ අර යහපාලනයට කඩේ යන අය? පහුගිය කාලයේ ලොකු ලොකු කතා දාපු අය? (නි)
රටේ එක එක පළාත් වල පාසල් ඕනෑ ඕනෑ විදියට වහන්න පුලුවන්ද? (නි)
තව ඉදිරියට තව බොහෝ දේ සිදු වේවි..ඒවා කිසිසේත් යහපාලනයක් මේ රටේ ජනතාවට උරුම කරවන දේවල් නම් නොවේවි..(හේ)
රට පාලනය කරන නායකයෝ මේවගේ මිනිස්සු ඉස්සරහ ඕනෙවට වඩා නිවට වෙන්න ගියාම එහෙම වෙන එක අහන්නත් දෙයක්ද . තමන්ට ඡන්ද කීපයක් ඒ පැත්තෙන් වැඩියෙන් වැටුන කියල දෙකට නැමෙන එකේ සීමාවක් තියෙන්න ඕනේ. (බ)
අපිට යහපාලන උණක් නොතිබ්බ නම් කියල හිතෙන්නේ මේ වෙලාවට. අපේ දරුවන්ට මොන කලක් උද වේද කියල බය හිතෙනවා. සිංහල අපි වෙනුවෙන් කව්ද ඉන්නේ. අපි වෙනුවෙන් කතා කරන අය ජාති වාදියෝ. (බ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. තව ඔය වුණා නෙමෙයි. ඔහොම යමු. (නි)
සමහර අයට හැමදේමටම වගකියන්න ඕනෑ යහපාලනය (නි)
මහ විරු සමරුමක්ද ? (ම)
යහපාලනය වෙනුවෙන් සියලුම දේවල් ඉවසා සිටිමු. කොතෙක් දුරට මේ ඉවසීම ය හැකිද කියා නොදනිමු. (හේ)
යුද්ධය ඉවරවෙලා අවුරුදු 5 ක් විතර වෙනවා. උතුරේ මිනිස්සුන්ට අඩුම වශයෙන් පුරන්වෙලා තියෙන කුඹුරු අස්වද්දන්න වත් අවශ්‍ය මුලික අධාරවත් දෙනවනම්. (බ)
එයා ඇදගෙන නැවට නම් කමක් නැහැ.එයා ඇදලා අපිවත් නාවන එකටයි හිතට අමාරු..අයියා. (බ)
මේක සාධාරණය අසාධාරණය ගැන ප්‍රශ්නයක් මිස කොටි ගැන ප්‍රශ්නයක් නෙවේ කියන එක පැහදිලිව තේරුම් ගන්න කියලා ඉන්දික වගේ අයට කියන්න කැමතියි. යහපාලනය කියන්නේ මේක තමයි. කෙනෙකුට තමන්ගේ නිදහසේ ජීවත්වෙන්න තිබෙන අයිතිය. (නි)
කොටියා කොටියාමය!(රේ)
අනේ අපි නම් මේවට කතාකරන්නේ නැහැ (නි)
මනෝ,පුරන් වෙලා තියෙන කුඹුරු මොකටද පුරන් වෙලා තිබුණු කොටි සෙවනැලි නැගිටලා එනකොට?? (බ)
පුරන් වෙච්ච කුඹුරක් අස්වද්දන්න වතුර ටිකක් ඉල්ලන්නේ නැති ප්‍රාදේශීය පාලකයෝ ඉන්නේ.. මහා ආණ්ඩුවෙන් කරපු දෙයක් ඇරුනම මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන වලින් උතුරේ කරපු දෙයක් නැහැ.. අඩු ගානේ ඉන්දීය ධීවරයෝ ඇවිත් එයාලගේ මාළු සම්පත උදුරන් යන එකටවත් මෙයාල කට හොල්ලන්නෙ නැහැ. හැබැයි අපේ කොන්ද පන නැති පාලකයන්ගෙන් එක එක දේවල් හරි හරියට ඉල්ලන්න නම් පොඩ්ඩක් වත් බය වෙන්නේ නැහැ.. කරුමේ තමයි ඉතින්..(බ)
පොලිස් ඉඩම් බලතල දුන්නොත් කොහොමට තියෙයිද? (නි)
ආයෙත් කොටි එනතුරු, ආයෙත් බෝම්බ පුපුරනතුරු ගොඩක් අය නොඉවසිල්ලෙන් බලා ඉන්නව වගේ. (නි)