උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කව්න්සලය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්ථාව ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවට උතුරු මහාමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කියයි.
ප්‍රධාන අමාත්‍ය වරයා සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා එයින් ඉදිරිපත් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ස්තූතියද පළ කරන බවටයි.
එමෙන්ම දිගු කාලයක් තිස්සේ තමන් ඇතුළු යුද්දයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාව විසින් ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දුන් අතරම මේ ජාත්‍යන්තර විමර්ශන ප්‍රකාශය මගින් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනු ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! තවත් චන්දී කෙනෙක් ඉන්නවනේ. උඩින් අදහස් ලියලා තියෙන්නේ (නි)
මෙයා කොහේද යුද්ධ කාලේ උතුරු නැගෙනහිර හිටියේ? මෙයා හිටියේ කොළඹ (බ)
විමර්ශන වාර්තාවට උතුරු මහ ඇමැතිත් සතුටුයි නම් ශ්‍රී ලංකා රජයත් සතුටුයි නම් තව මොනවද ඉතින්. ඒත් අපට නම් හරි අසරණ කමක් දැනෙනවා. (බ)
මට දැනගන්න ඕනේ ඔය මහතත්තය ඔය ස්ථාවරයේම ඉන්නවද කියල කොටි සංවිධානය සම්බන්ධයෙනුත් මේ ගැන.කව්ද යුද අපරාද කළේ ,කව්ද පටන් ගත්තේ .කව්ද අහිංසක දෙමල මිනිස්සු මැරුවේ? .හමුදාවද? එතකොට අහිංසක දෙමල මිනිස්සු බේරාගත්තේ කොටිද හමුදාවද ?නිකන් බොරුවට කහින් නැතුව ඉන්නවා .තමුනුත් කොටින්ටගේ පැත්තෙනේ. (බ)
විනිසුරුවරයෙක් විදියට කොළඹට වෙලා සැප විදපු එතුමා කොහොමද යුද්දෙන් බැට කෑවේ. (බ)
ඔන්න යහ පාලනය පටන් අරගෙන .. මහින්දගේ අගේ තේරෙයි තව ඉස්සරහට (ම)
යහ පාලනය.සත්‍ය පාලනය . ජාතික පාලනය.ජාති මාමක පාලනය.සම්මුතිවාදී පාලනය.අවසානයේදී බටහිර රටවල පාලනය.අපිත් අායිත් සැරයක් සුද්දාගෙන් අහලම වැඩ කරන්න වේවි වගේ. (අ)
අර වසන්ත කිව්වා වගේ කොළඹ සැප විඳපු මෙයා කොහොමද දන්නේ යුද්දෙන් බැටකාපු අය ගැන. ටී.එන්.ඒ එකෙනුත් පච වෙලා නේද දැන් ඉන්නේ. බලමු මෙයා කොච්චර කාලයක් කරයිද කියල. (අ)
කෙලිය නේද තාප්පෙට. (හේ)
මෙයාගේ කතා වැඩිය ගණන් ගන්න එපා.. (හේ)
වාර්තාව සාධාරණ කරන්න දෙපැත්තෙන්ම වැරදි ඇති බව කියනවා.(හේ)
කාටද දඬුවම් දෙන්න ඕනේ...? මේ ආණ්ඩුකාරයට ඒ ටිකත් කියන්න තිබුනනේ? කොටියෝ කරපු වැරදි ආමි අය කරපු විදිහට පෙන්නලා අලුත් වාර්තාවක් එලියට දාල නේද? (බ)
මේකෙන් වෙන්නේ පුනුරුත්තාපනය වෙච්ච කොටි සාමාජිකයින් සහ දැනට ඉතිරිවෙලා ඉන්න විශාල කොටි නායකයින් සංක්‍යාවක් දන්ගෙඩියට යන එක. මේකට දෙමළ ජනතාව විරුද්ධය විය යුතුයි.(හේ)
මේක තමයි අපි පැතූ වෙනස (හේ)
සිංහලයාට විරුද්ධව කතා කිරීම නිසා මොහුව අත්අඩංගුවට ගෙන නඩු පවරන්න (බ)
අරන්තලාවෙන් පටන් ගන්න (බ)
මේ මහත්තුරුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. කිසිම පරීක්ෂනයක්වත් කටඋත්තර ගැනිල්ලක් වත් නැහැ. අර කොහොමහරි හැමෝම දිනන බැහැ කියපු යුද්දේ ඉවරකරලා රටට යන්තම් සාමය ගෙන්න වැඩ කරපු අයව නිතර නිතර කටඋත්තර ගන්න කියා කියා රස්තියාදු කරනවා. මෛත්‍රිගෙයි රනිල්ගෙයි යහපාලනයේ හැටි. එලිවෙනජාමෙට තව තව සෙල්ලම් බලන්න පුළුවන්. (බ)
අපි බලමුකෝ අන්තිමේදී මොකක්ද වෙන්නේ කියලා (නි)
රට මේවගේ තත්වයකට පසුගිය වසර 10ක් තුල තල්ලු කරගෙන යන එක බලාගෙන එකට උල්පන්දම් දීපු විග්නේශ්වරන්ගේ මස්සින වන "වාසුදේව" ලොක්කට කොහොමද දන්නේ නැහැ නේද? (අ)
ජිනීවා සමුළුවේදී කියවුණා නේද ශ්‍රී ලංකාවේ හමුදාව අතින් මෙන්ම එල්ටීටිය අතින්ද ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවුණා කියලා. එහෙම නම් එල්ටීටිය සිදුකළ සිංහල මිනිස් ඝාතන ගැනත් සාධාරණව කතා කරන්න අවශ්‍යයි නේද? (නි)
යහපාලන තෑග්ග (අ)
අනේ මන්ද මොනවත් නොකියන එක හොඳයි (අ)
මෙයාට සතුටුයි කියන්නේ සිංහලයන්ට හොඳ නැහැ කියන එකයි. යහපාලනයට සලකනවා කියල නේද කිව්වේ? (අ)
යුද්දේ තියනකොට ඔය කව්රුත් කට ඇරියේ නැහැ.දැන් එනවා යුද අපරාද, මානව හිමිකම් ගැන කතා කරන්න,උතුරු නැගෙනහිර අය විතරද බැට කෑවේ. (ම)
සන්හින්දියව නැති සන්හින්දියව (ම)
කවුරුවත් කලබල වෙන්න එපා.ආරක්ෂක හමුදා නිසා තමයි අද හැමෝම සතුටින් ගතකරන්නේ. විශේෂයෙන් දෙමළ ජනතාව., අපේ හමුදාවෙන් එක වරදක් වුණා නම් කොටින් සහ කොටින්ට කඩේයන කට්ටිය සියපාරක් වැරදි කරලා තියෙනවා. ඒ නිසා බය නැතුව අපි මේකට මුහුණ දියයුතුයි. අපේ රටට මේක වෙස්වළාගත් ආශිර්වාදයක් සේ සිතමු. අපේ රටේ ඉරාකයේ වගේ හිතුමතේට මිනිස්සු මැරුවේ නැහැනේ (නි)
නරක සතුටක් (බ)