IMG-LOGO

උතුරේ මනාපය හමුදාවටයි

ඇතැමුන් චෝදනා කරන පරිදි ආරක්ෂක අංශ සාමාන්‍ය වැසියන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බලන්නේ නැතැයි කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

‘‘ඔත්තු බැලීම‘‘ හා ‘‘තොරතුරු සොයා ගැනීම‘‘ යනු දෙකක් බවත් ඒ දෙක පටලවා ගත යුතු නොමැති බවත් ඔහු කීය. ආරක්ෂක අංශ වල උත්සාහය ත‍්‍රස්තවාදය හෝ රාජ්‍ය විරෝධී කටයුතු වල නියැළෙන පුද්ගලයින් හෝ සංවිධානයන් කොටු කර ගැනීම පමණක් බවත් එම කි‍්‍රයාදාමයේදී සිවිල් වැසියන්ගේ කි‍්‍රයාකාරකම් වලට කිසිදු අයුරකින් බාධා නොකරන බවත් ආඥාපතිවරයා පැවසීය.

ජාතිවාදය අවුස්සාලන ඇතැම් කි‍්‍රයාකාරකම් වල නියැළී සිටින පුද්ගලයින් තවමත් සිටිනා හෙයින් ආරක්ෂක අංශ තවදුරටත් සීරුවෙන් සිටිය යුතුව ඇතැයි ඔහුගේ මතයයි.

විකල්ප මතවාදී දෙමළ කණ්ඩායමකට අයත් පූජකවරයෙකු අතින් ලියැවුණු කවි පොතකුත් එහි ජාතිවාදය නැගෙන අයුරින් ලියැවී තිබූ කවි කිහිපයකුත් පෙන්වා සිටි ආඥාපතිවරයා මෙම පොත ප‍්‍රදේශයේ පාසැල් වල පුස්තකාල වලට ඇතුළත් කිරීමට උතුරු පළාත් සභාවේ පාලනය හිමි දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් රජයෙන් ඉල්ලා ඇතැයි කීය.

යුධ හමුදාව ප‍්‍රදේශයේ සාමය හා සංහිදියාව පවත්වාගැනීමට මහත් වැඩකොටසක් සිදුකරමින් සිටින බව ඔහු පැවසීය.හමුදාවේ මැදහත්වීමෙන් දැනට ශිෂ්‍යත්ව 2275 ක්ද,විශ්වවිද්‍යාල සදහා ශිෂ්‍යත්ව 47 ක්ද ලබා දී ඇති බව ඔහු සදහන් කළේය.

උතුරේ ස්ථානගත කර ඇති ආරක්ෂක අංශ ඉවත් කළ යුතුයැයි යන දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශයන් ගැනද සදහනක් කළ ආඥාපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවතුණහොත් ජනතාව හමුදාවට තවදුරටත් ප‍්‍රදේශයේ රැුදී සිටීමට අවසරය ලබා දෙමින් මනාපය පළ කරනු ඇති බවට තමන්ට සහතික යැයි පවසා සිටියේය.



අදහස් (0)

උතුරේ මනාපය හමුදාවටයි

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Sunday, 05 October 2014 03:01 PM

ඔය කෑ ගහන එක සංවිදානයකින් වත් නෑ ඔය අහිංසක මිනිස්සුන්ගේ බඩගිනි නිවන්නේ. ඒක දන්නේ එහේ ජීවත්වෙන මිනිස්සු. එයාලට ටිකකට හරි උදව්වට එන ආරක්ෂක හමුදාව ගැන එයාලගේ යම්කිසි විශ්වාසයක් තියනවා. එ්ක නැති කරන්න තමයි ඔය සංවිදානේ දතකන්නේ (නදී)

:       0       0

මහින්ද Sunday, 05 October 2014 05:00 PM

අපේ හමුදාවට ජයශ්‍රී! (නි)

:       0       0

ඇන්ටන් Sunday, 05 October 2014 07:32 AM

කොහොම උනත් විශ්ව විද්‍යාල සදහා ශිෂ්‍යත්ව ලබා දීමට මැදිහත්වීම හමුදාවට අයත් රාජ කාර්යයක් නොවේ. (නදී)

:       0       0

මිගාර Sunday, 05 October 2014 08:09 AM

මෙහෙම නම් ඉහින් පරිපාලකයෝ ඕනේ නැහැ. මිලිටරීකරණයක් එන්න වාගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 29 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1567 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1692 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site