මෙම වසරේ ජූලි මාසය දක්වා සහ අගෝස්තු මාසයේ මේ දක්වා සුරාබදු වැටලිම් 718 ක් අනුරාධපුර කැබිතිගොල්ලෑව හා පොළොන්නරුව ප්‍රෙද්ශ වලින් සිදුකර ඇතැයි උතුරුමැද  සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය කියයි.

ලැබුණු තොරතුරු අනුව වැටලීම් නිලධාරීන් විසින් කර ඇති මෙම වැටලිම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති නිති විරෝධි මත්පැන් හා 2006 දුම්කොළ හා මද්‍යසාර අධිකාරී පනත යටතට ගැණෙන ද්‍රව්‍ය ඒ ඒ බල ප්‍රෙද්ශයන් හී  අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පවරා ඇතැයි  සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.

උතුරුමැද පළාතේ නීති විරෝධි මත්පැන් පෙරීම් යම් දුරකට අඩු වී ඇතැයි සහකාර කොමසාරිස් වරයා කියයි. විශේෂයෙන්ම කසිප්පු පෙරීමේ ස්ථාන මෙම වැටලීම් නිසා බොහෝ අඩු මට්ටමකට පත්ව ඇතැයි ද සඳහන් කළ ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ලැබෙන පැමිනිලි අනුව නිරන්තර වැටලීම් සිදු කිරිමට සුරාබදු අධිකාරී කාර්යාල හා සුරාබදු ස්ථාන වලට උපදෙස් දී ඇතැයි ද සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙළ හේතුවෙන් ඉකුත් මාසයේ නීති විරෝධි මත්පැන් අළෙවිය අඩු වී ඇතත් රජයේ බලපත්‍ර යටතේ මත්පැන් අළෙවිහල් වල මත්පැන් විකිණිම වැඩි වි ඇති බව පෙන්නුම් කරන බව සුරාබදු නිලධාරීහු පවසති.

මේ අතර මෙම මැතිවරණ කාලසිමාවේ උතුරු මැද පළාතේ නීති විරෝධි මත්පැන් අලෙවියට මුළු මනින්ම වැට බැඳ ඇති අතර අද (15) සිට 18 වැනිදා තෙක් ලැබෙන තොරතුරු අනුව වැටලීම් සිදු කිරීමට සුරාබදු කොමසාරිස්වරයා නියෝග දී ඇතැයි ද ඒ සඳහා පියවර ගැනීමට එම කාලය තුළ සුරාබදු නිලධාරීන්ගේ නිවාඩු මුළුමනින්ම අවලංගු කිරිමට තීරණය කර ඇතැයි ද නිලධාරියෙක් කියයි.