උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය ඉහළ ගොස් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන වලින්ද පෙනී යන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.
යුද්ධය අවසන් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසඳී නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටින මානසික ගැටලු මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් පළාත් ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, නීති දැඩිකිරීම අනිවාර්ය විය යුතු අතර පොලීසිය, මහජන සංවිධාන ඇතුළු සෑම පාර්ශ්වයක්ම උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට එක්විය යුතු බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන ගෙනෙන කේරල ගංජා ඇතුළු හැමදේම නතර වෙනවා නම් ඕව හරි යාවි ජනතාවගේ ප්‍රශ්න තියෙද්දී ඒවාට විසදුම් හොයන්නේ නැතුව උතුරු පළාත් සභාව දකුණම කන්න හදනවා නම් උතුරටත් කවදාවත් හොඳක් වෙන්නේ නෑ.(හේ)
දකුණේ සිංහල මිනිස්සු දෙමළ අය එක්ක සමගියෙන් ඉන්නවා, (කෞ)
අලුත් උතුරු වසන්තය.(හේ)
උතුරේත් කුඩු දකුණේත් කුඩු. දෙවියනි ඔබ කොහෙද? (ර)
ඔය අවස්ථාවාදී දේශපාලකයන් දැනගන්න ඕනනේ තමන්ගේ පළාත් සංවර්දනය කරන්න. එහෙනම් ඉතින් මෙහෙම ප්‍රශ්න නැහැනේ. (ර)