යාපනය ,කිලිනොච්චි ,සහ මුලතිව් යන දිස්තික්ක තුනේ මුඩු බිම් අක්කර 500ක පමණ මේ වනවිට සාර්ථකව වගා කර ඇතැයි සිවිල් ආරක්ෂක බලකාය කියයි. කොටි සංවිධානයේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන මෙම ගොවිපළ ඇතිකර වගාව ආරම්භ කර ඇත .
යාපනය. කිලිනොච්චි ,මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා මෙම පිරිස පුනරුත්තාපනය කර සමාජ ගතකිරීමේ මුලිකයා විය.
මෙසේ සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන සිටින පිරිසට මසකට රු 30000ක වැටුපක් ,ලබාදී ස්ථිර සේවයේ යොදවා ඇති බවත් කොටි සංවිධානයෙන් මෙසේ මුදල් නොලැබුණු බවත් ඔවුහු කීහ.
නැවත මේ රටේ යුද්දයක් ඇති නොවිය යුතු බවත් අද තමන් දරුවන් දෙමාපියන් සමග සතුටින් ජිවත් වන බවත් ඔවුහු පවසති.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටු හිතෙනවා , හොඳ වැඩක් කරලා තියෙන්න, සින්හල දෙමල මුස්ලිම් අපි ඔක්කොම මේ රටේ මිනිස්සු, සහෝදර සහෝදරියෝ, (ම)
හරිම සතුටුයි මේවා අහන්න ලැබෙන එක. එයාලත් අපේම දුවා දරුවෝ කියලා අමතක කරන්න හොඳ නැහැ. (ම)
නියම වැඩකාරයෝ. අපිට මේ වගේ මහන්සියෙන් වැඩකරන නියම මිනිසුන් අවශයයි. නියම නායකත්වයක් දී ඇත (නදී)
පහුගිය ආණ්ඩුවේ හොඳ වැඩක්. (ම)
අගය කළයුතු කටයුත්තක්. (නි)
තරුණ ශ්‍රමය මේ වගේ රටට වැඩදායක දේවල් වලට යෙදවීම කොච්චර හොඳද. (ම)
බොහොම හොඳයි (නි)
කියලා වැඩක් නැහැ. අන්න වැඩ! (නි)
හරිම සතුටුයි (ම)
බොහොමත්ම අගය කළයුතු වැඩක්! (නි)
ඔය මොනවා කළත් , ඡන්දෙ දෙන්නේ කොටි නකුටු වලට නේ. (බ)
හොද වැඩක් මේවා අපි අගය කරමු (ම)
අගය කළ යුතු වැදගත් කරුණක් සහයෝගීතාවය වර්ධනය වේවා (ම)
රට හදන්න එකතු වෙන්න.පාට පක්ෂ, ජාති අමතක කරන්න. ශ්‍රී ලන්කන් කියා හිතන්න. එතනයි දියුණුවේ රහස. (නි)
අති විශිෂ්ඨ වැඩක් ...අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ......... (ම)
මමත් දමිළ තරුණියක් එක්ක විවාහ වෙන්න හිටියා. එ්ත් අපේ රටේ තියෙන මේ සිංහල දෙමල විරසකය නිසා ඒක මගහැරුනා.(නදී)
මේක තමා වෙන්න ඕනේ...කදිමයි... (නදී)