උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කිරීම වළක්වාලීමට සියලූ පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා , මහඇමතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා නීතිඥවරයකු වන නාගානන්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මීට පෙරද නීතීඥ වරයෙක් මෙවැනි පෙත්සමක් ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පොඩ්ඩක් ඉන්නකෝ අලුත් ව්‍යවස්ථාව ගෙනත් බුද්දාගමට තියන තැන අයින් කරලා දානකන්, එතකොට ඔය පෙත්සම් නිකන්ම කුණු කුඩේට! (අ)
බොදු අයිතිය, සිංහල අයිතිය ගැන කතා කරන අය ඉන්නේ මේ රටෙන් ගොඩක් ඈත. මේ රටේ ඉඳන් කතාකරන අය කරන්නේ තමන්ගේ දේශපාලනයට වාසියක් ගන්න එක. ඇත්ත ප්‍රශ්නයට විසඳුමක් කවුරුවත් කරන්නේ නැහැ. (නි)
දෙමළ මුස්ලිම් මිනිස්සු තමන්ගේ ජාතිය වෙනුවෙන් ඕනදෙයක් කරනවා සිංහලයෝ පක්ෂය වෙනුවෙන් ඕනදෙයක් කරනවා ජාතිය පාවාදෙන නායකයෝ ඡන්දෙ දීල පත්කර ගත්තේ අපේම සිංයලයෝ තමයි (අ)
මේක නම් පින්වතුනි හතර බිහිරි කතාවක් එ කියන්නේ උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කරනවලු , කව්ද ? එසේ නම් එය වලක්වන ලෙස ආයාචනය කරන කම් ඉන්න , මේ වගකිවයුත්තෝ නිදිද සිංහලයෙනි බෞද්ධයිනි අපි බලසම්පන්න නව සංවිධානයක් බිහි කළ යුතුයි නේද ? (අ)
එතකොට සංහිඳියාවට මොකද වෙන්නේ. (අ)
හා හා, පිස්සුද මේගොල්ලන්ට. අර සංහිඳියාවට මොකක්හරි වුණොත් ඉඳලා වැඩක් තියෙනවද. අපට සංහිඳියාව තිබුනහම ඇති, පන්සල් ඕනෑ නැහැ අනේ. (නි)
සංහිඳියාවට මොනවා වුණත් කමක් නැහැ. මුලින්ම කළයුත්තේ සිංහල අයිතිය, බොදු අයිතිය රැකගැනීම. සිංහලයාට වින කිරීමට අත උස්සන සිංහල කියන බඩගෝස්තරවාදින්ට පාර්ලිමේන්තු යාමටත් සිංහලයා ජිවත්විය යුතුය. (නි)
2015 දී සිංහල බෞද්ධයන්ට සිදුවූ අසාධාරණය දැන්වත් තේරුම් ගනීවිද? (නි)
60% ශ්‍රී ලාංකිකයන්ට සතුටුයිද දැන්?
රටට ජාතියට මොනවා වුණත් දේශපාලකයන්ට කමක් නැහැ (නි)
හොඳයි, ඔය සිද්ධස්ථාන වල අයිතිය ලැබුනි කියමුකො. ඕවාට යන්න හාමුදුරුවරු ඉන්නවද. සිංහලයින් වෙනුවෙන් කියලා දේශපාලන පක්ෂ, සිංහල සංවිධාන කීයක් බිහිවුණාද. ඒගොල්ලෝ මොනවද කළේ සිංහලයන් වෙනුවෙන්? සිංහලයින් දැනටත්, අනාගතයේත් මුහුණදෙන බරපතල ප්‍රශ්නය වන එම ජනවර්ගය වඳවී යාම ගැන කිසිම සංවිධානයක් කිසිවක් කරන බවක් පෙනෙන්න නැහැ. (නි)
බලපෙරේත දේශපාලනයක් තිබෙන මේ රටේ ජාතින් අතර සංහිඳියාව කියන්නේ සිංහලයාගේ අයිතිය,බොදු අයිතිය අසිංහල ජාතිවාදීන්ට පාවා දී සිංහලයා නැතිකරන එකද. එබැවින් සිංහල බෞද්ධ අයිතිය හෝ බොදු පුදබිම් විනාශවිම හෝ විනාශ කිරීම ගැන කතා කරන්න බැහැ. (නි)