IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරු පළාතෙන් කි‍්‍රකට් දස්කම් සොයයි

උතුරු පළාතේ දක්‍ෂ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් විසින් යාපනයේ ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලද දෙදින පුහුණු වැඩසටහනට 110 කට අධික ක‍්‍රීඩකයෝ පිරිසක් සහභාගි වූහ.

මෙම පුහුණු වැඩසටහනට යාපනය, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත‍්‍රික් නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් මෙන්ම පාසල් ක‍්‍රිකට් ආචාර්යවරු සහ පුහුණුකරුවෝද සහභාගි වූහ. මෙහිදී ජාතික වයස් කාණ්ඩ සංචිතවලට ඇතුළත් වියයුතු කී‍්‍රඩකයන් සහ දිස්ත‍්‍රික් පුහුණුකරුවන් යටතේ අඛණ්ඩව පුහුණුව ලැබිය යුතු කී‍්‍රඩකයන් වශයෙන් මට්ටම් දෙකකින් යුත් කී‍්‍රඩකයන් හදුනා ගන්නා ලදී.

මෙයට සහභාගි වූ උතුරු පළාතේ පුහුණුකරුවන්ට ද පුහුණු සැසියක් පැවැත්වූ අතර එහිදී විශේෂයෙන් ක‍්‍රීඩකයන්ගේ ශාරීරික ආබාධ අවම කිරීම සහ ඇතිවන ආබාධයක් මනා ලෙස කළමණාකරණය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණ. පාසල් ක‍්‍රිකට් භාර ආචාර්යවරුන් වෙනුවෙන් ද මෙහිදී විශේෂ වැඩසටහනක් පැවැත්විණ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු නවීඞ් නවාස්, වයස 19 න් පහළ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, ජාතික දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග, වයස 19 න් පහළ පිලේ වේග පන්දු පුහුණුකරු ප‍්‍රභාත් නිශ්ශංක, ක‍්‍රිකට් ආයතනයේ පුහුණු

උපදේශකවරුන් වන ජේ. සී. ගමගේ සහ හේෂාන් ද මෙල් යන මහත්වරු මෙම පුහුණු වැඩසටහන මෙහෙයවූහ.

..



අදහස් (0)

උතුරු පළාතෙන් කි‍්‍රකට් දස්කම් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site